Colombo Today Local News

හිංදුන්ගේ ගැටළු රැගෙන ශ්‍රී ලංකා හිංදු සම්මේලනය මහනායක හිමි බැහැදකියි.

ශ්‍රී ලංකා හිංදු සම්මේලනය ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක, අති ගෞරවාර්හ වරකාගොඩ ඥාණරතන මහා නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක තිබෙනවා.

හිංදු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්ත් මහතා Colombo Today වෙත සඳහන් කර සිටියේ, මෙම හමුවේදී වැදගත් කරුණු කිහිපයක් පිලිබදව මහනායක හිමි දැනුවත් කිරීමට පියවර ගත් බවයි.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ජාතිවාදය අවුස්සන පක්ෂවලට ඡන්දය නොදී ජාතික ප්‍රවාහයේ පක්ෂවලට පමණක් ඡන්දය ලබා දෙන ලෙස තම සංවිධානය ජනතාව දැනුවත් කිරීම නිසා නැගනහිර පළාතේ එක් ලක්ෂ පනස්දාහක් පමණ සහ උතුරු පළාතේ තිස්දහසක් පමණ ඡන්ද ප්‍රමාණයක් දෙමල ජාතික සංවිධානයට අහිමි වූ බවත් එහි ප්‍රතිපලයක් ලෙස කල්කුඩා ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූ බවත් මෙහිදී හිංදු සම්මේලනය සඳහන් කර ඇත.

ත්‍රස්තවාදය පරාජය කර ශ්‍රී ලංකාව යලි එක්සේසත් කල දිනයේදී උතුරේ සංහාර සතියක් ප්‍රකාශයට පත්කිරීම සහ ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව පැවැත්වීම පිටුපස සිටියේ කොටි ඩයස්පෝරාව සංවිධානය කරන ක්‍රිස්තියානි පුජකයෙකු වන එමානුවෙල් නැමැත්තා බවත් කොටි ජාලය හසුරවන මොහු තවමත් යාපනයට වී රටේ සාමකාමී වාතාවරණය විනාශ කිරීමට කටයුතු කිරීම නැවත්වීමට රජය පියවර ගත යුතු බවත් මහනායක හිමිගේ අවධානයට හිංදු සම්මේලනය යොමුකර තිබෙනවා. එවැනි ත්‍රස්තවාදයට අනුබල දෙන්නෙකු මෙරටට පැමිණීමට ශ්‍රී ලංකා රජය වීසා ලබාදීම අනුවන ක්‍රියාවක් බවත් මේ පිටුපස සිටින්නේ ඩයස්පොරවෙන් මුදල් ලබාගන්නා දකුණු පළාත නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු බවත් හිංදු සම්මේලනය පෙන්වා දී තිබෙනවා.

මුස්ලිම් ජාතිකයන් නැගෙනහිර පළාතේ රට සතු සම්පත් අක්‍රමණය කරමින් සිටින බවත් පසුගිය සතියේ අක්කරේපත්තු කලපුවට අයත් ඉඩම් ආක්‍රමණය කිරීම පිලිබදව සියලු තොරතුරු මහනායක හිමි වෙත ලබා දුන් බවත් අරුනකාන්ත් මහතා අප වෙත ප්‍රකාශ කර සිටියා.

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක අධිකරණ 7න් 6කම සිටින්නේ මුස්ලිම් ජාතික විනිසුරුවන් බවත් ඔවුන් පක්ෂග්‍රාහී ලෙස ජාතිවාදීව තින්දු ලබාදෙන බවටත් කරුණු දක්වා ඇති හිංදු සම්මේලනය ප්‍රදේශයේ හාජ්ජියාර්ලා සහ මවුලවිලා විනිසුරු නිල කාමරවල සිට නඩු ආරම්බ වීමට පෙර සාකච්චා කරන බවත් දකුණේ කිසිම ස්වාමින් වහන්සේ නමක් එසේ නොකරන බවත් සඳහන් කර තිබෙනවා.

ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජාතික පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ තත්වයද ඉතා අපැහැදිලි බවත් නීතිය එකසමානව ක්‍රියාත්මක නොවන බවත් මහනායක හිමිට දැන්වා තිබෙනවා.

ස්වේච්චා ගුරුවරු බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය සතියේ පවත්වා 590ක් බඳවාගෙන ඇති අතර එයින් 54 දෙනෙකු පමණක් දෙමල බවත් 46 දෙනෙකු සිංහල බවත් අනෙකුත් සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් බවට හිංදු සම්මේලනය හඳුනාගෙන ඇති බවත් සිංහලයන් ජාතිවාදී යැයි චෝදනා කරමින් බලය ඇති තැන මුස්ලිම් දේශපාලකයන් සහ නිලධාරීන් ජාතිවාදී ලෙස හැසිරෙන බවත් සඳහන් කර තිබෙනවා.

Related posts

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

ඇමැතිකමින් අස්වුණු කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

වරායේ වැඩ වර්ජනයට වුයේ කුමක්ද?

colombotoday

“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑ“ – UN ජිනීවා කොමිසමට නැවත යෝජනාවක් ගෙනෙයි

colombotoday

සභාපති වජිර අඹේවර්ධන. මහ ලේකම් රංගේ බණ්ඩාර. නායක ? | එජාපයේ වෙනස් වුනු තනතුරු

colombotoday