Colombo Today Local News

හිරුණිකාගේ ගෙට හොරු පනී… ලක්ෂ 5කට අධික රන් බඩු පැහැරගනී…

පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ හෝකන්දර අරංගල නිවසට බිඳ එහි අල්මාරියක තිබු රුපියල් ලක්ෂ 5 ට අධික වටිනා තිබු රන් බඩු හා, වටිනා ඔරලෝසුවක් ඇතුලු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම නිවසට පැය 24 ක් පුරාවට පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබියදී ඉකුත් (23) දින රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා ඊයේ (24) අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය වු දින රාත්‍රියේ නිවසේ ඉදිරි තාප්පය දිගේ පැමිණි සොරෙක් නිවසේ උඩුමහලට පිටුපස පැත්තෙන් ජනේලයතින් ඇතුලු වී ඇති බවත් ඔහු උඩමහලේ කාමරය කට ඇතුලු වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. සැකකරු එහි කාමරයක තිබු අල්මාරියේ දොර නියනකින් විවෘත කර එහි තිබු ස්වර්ණාභරන සහිත පෙට්ටි හා අත්ඔරලෝසුව සොරාගෙන ගොස් ඇත.

නිවසින් සොරාගත් ස්වර්ණාභරණ පෙට්ටිවල තිබු රන්බඩු රැගෙන එම හිස් පෙට්ටි හා භාවිතා කළ නියන යාබද හිස් ඉඩමක දමා ගොස් තිබුයදී පොලිසියට සොයගෙන ඇත.

මෙම සිද්ධිය වන අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ සැමියා නිවසේ සිට ඇති අතර 24 වැනි දින පෙරවරුවේ අවදි වී බැලීමේ දී මෙම සොරකම දැක සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධියේ සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැත. අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

රජිත් කැළණි සරසවියට පත්කළේ එජාපයට වැඩකළ නිසයි… ගිය ආණ්ඩුත් විශ්වවිද්‍යාල දේශපාලන අතකොළු කරගත්තා – කිරිඇල්ල

colombotoday

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

“ශ්‍රී ලංකාව කියා රටක් නෑ.. මෙහි නියම නම ඊළමයි” – විග්නේෂ්වරන් කියයි

colombotoday

බුද්ධගයා මහා විහාරයට දැඩි ආරක්ෂාවක්

colombotoday

යහපාලනයෙන් මැති ඇමතීන්ට මිස ජනතාවට ලැබුණ දෙයක් නෑ. ඉන්ධන මිලවත් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ඉල්ලීමක්

colombotoday