Colombo Today Local NewsTop Stories

අල්ලගත්ත වගේ තුන් ගුණයක් ආයුධ හිස්බුල්ලා ළඟ. අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න හින්දු සම්මේලනය ඉල්ලයි

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සතුව දැනට අත්අඩංගුවට අරගෙන පවතින ආයුධ මෙන් තුන් ගුණයක් තිබිය හැකි බවත් වහාම ඔහු දරන ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කර අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන්කාන්න් මහතා පවසනවා. සුගිය සිකුරාදා(27) මහනුවරදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා.

එහිදී අරුන්කාන්ත් මහතා දැක්වූ අදහස්…

“එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්නවා මේ information අපිට කිව්වේ නෑ.. එයාට කිව්වේ නැහැ කියලා. ජනාධිපතිතුමා වගේම, හැමෝම කියනවා.”

“මෙතුමා මෙතන දෙමළෙන් කථා කරනවා. මම ආයුධ නැගෙනහිරට ගෙනල්ල මගේ තරුණ තරුණියන්ට දීලා, මේ යුද්ධයට ඒ කට්ටිය යොමු කරයි කියලා. ඒ තරුණ තරුණියන් ග්‍රාමාරක්ෂක භටයෝ. ඒ කට්ටියගේ පක්ෂයේ කට්ටිය. මුස්ලිම් තරුණයන් යුද්දේ ඉවරවෙලා මෙච්චර කල් වුණත් ඒ ආයුධ ආරක්ෂක අමාත්‍යාංශයට ආපහු දීලා කියලා කිසිම තොරතුරක් නැහැ.”

“ඒත් එක්කම ඒ ඒ ග්‍රාම ආරක්ෂක භටයෝ කවුරුත් ඒ තනතුරු වලට දැන් නැහැ. අපි දන්නවා මුස්ලිම් තරුණ තරුණියෝ ඒ වගේ පොඩි පඩියකට ඉන්නේ නැහැ. යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ කට්ටිය ගිහිල්ලා. නමුත් ඒ ආයුධ කෝ..? ඒ ආයුධ නැවත බාර දීලා නැත. එතුමා ඒ කට්ටියගේ උලමා සභාවට කතා කරන වීඩියෝවක් මේක.”

“මේක මම ජනාධිපතිතුමාට ලබා දුන්නා. ජනාධිපතිතුමා කියා සිටිනවා මට බුද්ධි තොරතුරු ලැබුනේ නැහැයි කියලා. එතකොට මම යවපු මේ වීඩියෝ එක? මම තුන් සැරයක් යැව්වා. ඒ සියලු විස්තර මේ ෆයිල් එකේ තියෙනවා. ඊමේල් පණිවිඩත් තියෙනවා. මේක Colombo Today කියන සිංහල වෙබ් සයිට් එකේ දාලා තිබ්බා. එතකොට සිංහල ජනතාව දන්නවා මේ ගැන. බුද්ධි අංශ නිලධාරීන් දන්නවා. ඔවුන් මාව සම්බන්ධ කරගෙන විමසුවා. එච්චරයි උනේ. ඊට පස්සේ මම ඇහුවම කිව්වා උඩ ඉන්න නිලධාරි මහත්තුරු වැඩ කරන්නේ නැහැ. උඩ ඉන්න නිලධාරීන් අපට නියෝග ලබා දෙන්නේ නැහැ කියලා . දැනට අවුරුදු දෙකක් වුණා.”

“ලඟදි මට මඩකලපු ඉඳලා තරුණයෙක් කෝල් කරලා කිව්වා සර් මම දෙමළ එක්කෙනෙක් දැන් මුස්ලිම් වෙලා ඉන්නෙ. මම හිස්බුල්ලා මැතිතුමා ළඟ අවුරුදු පහක් වැඩ කරා. දැන් මම හිර ගතවෙලා ඉන්නේ පොඩි සිද්දියක් වෙලා. මඩකලපුව හිරගෙදර. මම දන්නවා ඒ ආයුධ තියන තැන්, කියලා.”

“මම ඒ විස්තරත් බුද්ධි අංශවල ලබා දුන්නා. කිසිම රියැක්ෂන් එකත් නැහැ. දැන්වත් එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නේ නැතුව හොයන්න පුළුවන්.”

“මම රජයෙන් ඉල්ලා සිටිනවා, මේ හිස්බුල්ලා ඔහුගේ තනතුරෙන් අයින් කරල අත්අඩංගුවට අරගෙන පරීක්ෂණයක් පවත්වන්න ඕන කියලා. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. හොයාගත්ත ආයුධ තොගයට වඩා තුන්ගුණයක් ආයුධ මෙතුමා ළඟ තියෙන්න පුළුවන්. එතුමා ළඟ හෝ මෙතුමාට හිතවත් වෙන පුද්ගලයා ළඟ.”

2017 අගෝස්තු 18 අප වාර්තා කළ පුවත….

Related posts

ලෝක වෙළඳපලේ තෙල් මිල පහල යද්දී ලංකාවේ පෙට්‍රල් මිල ඉහල දමයි

colombotoday

ඥානසාර හිමි ඇතුළු භික්ෂූන්ගේ නඩු කඩිනමින් විභාග කරන්න – අස්ගිරි මහනාහිමි ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

රටපුරා බල්ලන් විසි ලක්ෂයක් දඩාවතේ… ජලභීතිකාව හිස එසවීමේ අවදානමක්…

colombotoday

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

colombotoday

නඩු දින අධිකරණයේ පෙනී නොසිටි බදියුදීන්ට යළි නොතීසි

colombotoday

අත්අඩංගුවට පත් නීතිඥ්ඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්.

colombotoday