Colombo Today Local News

ICBT කැම්පස් ආයතනය, උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා (HND)පැවැත්වීම නීති විරෝධීයි !

කොළඔ,නුගේගොඩ,ගාල්ල,මාතර,කුරුණෑගල,නුවර,යාපනය,මඩකලපුව යන නගරවල ශාඛා පවත්වාගෙන යන බම්බලපිටියේ පිහිටි ICBT කැම්පස් ආයතනයට ( International College of Business and Technology.) උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා පැවැත්වීම සදහා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව බලය ලබා දී නොමැති බවත් එම පාඨමලාවන් උක්ත ආයතනය පවත්වනවා නම් එය නීති විරෝධී බවත් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව කියා සිටී.

එම කොමිසම මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ ආයතනය පිිළිබදව ලිඛිත තොරතුරු ඉල්ලා යොමු කල ලිපියකට පිළිතුරු ලබා දෙමිනි.

ඒ පිළිබදව දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේද දැක්වෙයි

එහෙත් අදාල ආයතනය උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා පවත්වමින් සහතික නිකුත් කිරීම දිගටම කරගෙන යනු ලබයි. මේ සදහා රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට ලක්ෂ හතරක් වැනි මුදලක් සිසුන්ගෙන් අය කරනු ලබයි. මෙපමණ මුදලක් හා වසරක කාළයක් වැය කරමින් මෙම ආයතනයේ අධ්‍යාපනය ලබා ගැනීමට පැමිණෙන සිසුන්ට අවසානයේ ලැබෙන දෙයක් නොමැත.

තවද ICBT කැම්පස් ආයතනය ( International College of Business and Technology.) විසින් නිකුත් කරනු ලබන සහතිකයේ සදහන් වන්නේ Externally Moderated By Cardiff Metropolitan University ලෙසය නැතහොත් ඉහත සදහන් කල විදේශීය විශ්ව විද්යාuලය මෙම පාඨමාලාව අධීක්ෂණය කරන බවය. එහෙත් Cardiff Metropolitan University ය ඉංජිනේරු සහ ප්රීමාණ සමීක්ෂණ(Quantity Survey) විෂයන් ඇතුලුව මෙම පාඨමාලාවට අදාල විෂයන් සදහා පාඨමාලාවන් පවත්වන්නේ නැත. එසේ නම් ඔවුන් එම පාඨමාලා අධීක්ෂණය කරන්නේ කෙසේද?

මෙම ICBT කැම්පස් ආයතනය අයිතිවන්නේ මෙරට දහස් ගණනක් තැන්පත් කරුවන් මුලාකරමින් ඔවුන් පාරට ඇද දැමූ සෙළින්කෝ සමාගමටය. වසර ගණනාවක් මෙරට සිසුන් හා දෙමාපියන් මුලාකරමින් උක්ත ආයතනය කරගෙනු යනු ලබන මෙම කූට ජාවාරම නැවැත්වීම සදහා රජය කටයුතු නොකරන්නේ සල්ලිත් කතා කරන නිසාදැයි අප ප්ර ශ්ණ කරන අතර ඉතාම ඉක්මනින් ICBT කැම්පස් ආයතනයේ(International College of Business and Technology)තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ ලියාපදිංචිය අහෝසි කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

තෘතියික හා වෘත්තීය අධ්යායපන කොමිසම අයත් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ‘’ඇණවුල් තියුණු ගල් මුල්වල මුනත මැඩ’’ ගමන් කරන බුද්ධික පතිරණ ඇමතිවරයාය. එතුමා නියෝජනය කරනු ලබන මාතර ආසනයේද ICBT කැම්පස් ආයතනයේ (International College of Business and Technology)ශාඛාවක් පිහිටා ඇති අතර එම ශාඛාවෙන්ද විශාල සිසුන් පිරිසක් මුලා කර ඇත හා මුලා කරමින් සිටී. ඇමතිතුමනි, ‘’මෙවැනි වංචා දූෂණ නැති කරමින් පෙරටම යන එකනෙ හැඩ’’

අධ්‍යාපන හෝ වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සදහා අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීමට පෙර එම ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලාවන් හා සහතිකපත් පිළිබදව හොදින් දැනුවත්වීම සදහා 1990 අංක 20 දරණ තෘත්තීය හා වෘත්තීය අධ්යාතපන පනත මගින් ස්ථාපිත කරතිබෙන තිබෙන තෘතියික හා වෘත්තීය අධ්යාාපන කොමිෂන් සභාවෙන් විමසා බලන ලෙස අප සියලුම දෙමව්පියන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

කුවේට්හි රැකියාවක් දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

කලාප 66 ක ඩෙංගු අධිඅවදානම්

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රීලංකන් ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුවට කැඳවයි

Admin

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ඇරඹී ඇත්තේ මීට සති දෙකකට කලින් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday