Colombo Today Sports News

IPL වෙනුවෙන් ඉන්දියාවට ආ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ඉන්දියාවේ මුම්බායි හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 59 හැවිරිදී වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 3631ක් රැස් කිරීමට සමත්ව තිබුණා.

ඩීන් ජෝන්ස් මියයන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඩීන් ජෝන්ස් එක්දින තරග වලදී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

Related posts

සිව් වැනි LPL තරගාවලිය වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

Admin

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සැරසෙයි

colombotoday

දිණුවොත් අවසන් පූර්ව වටයට.. පැරදුණොත් ගෙදර.. ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය සජීවිව

colombotoday

දෙවන T20 තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් උදුරා ගනී

colombotoday

කාසියේ වාසිය ඉන්දියාවට

Admin

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin