Colombo Today Sports News

IPL තරගාවලියෙන් මාලිංග ඉවත් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තීරණය කර තිබේ.

මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග මෙවර තරගාවලිය සඳහා සහභාගි නොවන බව නිල වශයෙන් දැනුම් දී ඇති බව මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම දැනුම් දී ඇත.

පුද්ගලික කාරණයක් මත තමන් මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවන බව ලසිත් මාලිංග මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමට දැනුම් දී ඇති බව සඳහන් වේ.

ඒ අනුව ලසිත් මාලිංග වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජේම්ස් පැටින්සන් ආදේශ කිරිමට තීරණය කර තිබේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිතය.

Related posts

LPL තරඟාවලියේ කණ්ඩායමක් මිලට ගැනීමට ශාරුක් ඛාන් සුදානමක

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

colombotoday

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

පැතුම්ගෙන් ශතකයක්

Admin

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday