ArticlesColombo Today Local NewsHot News

“ඉරාජ් ඉස්ලාමයට අපහාස කරා.. ගීතය තහනම් කරනු” තව්හිද් ජමාත්, ISIS පන්නයේ වීඩියෝවක් නිකුත් කරමින් කියයි

iraj isis tauheed

සංගීත ශිල්පී ඉරාත් වීරරත්නගේ “මනුසතා” ගීත වීඩියෝවෙන් මුස්ලිම් ජාතිකයන් ගැන වැරදි පණිවිඩයක් සමාජයට ලබා දෙන බවත් එමගින් ඉස්ලාමයට අපහාසයක් සිදු කර ඇති බවත් වහාම එම ගීත වීඩියෝව තහනම් කළ යුතු බවත් පවසමින් “තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය” වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

“සංගීතය යනු මිනිසාට කිසිදු ප්‍රතිලාභයක් නොමැති, මිනිසාගේ විචාර බුද්ධිය හා මිනිසාට සිතා බලා තීරණ ගැනීමේ හැකියාව මොට කරන දෙයක්” බවයි එම සංවිධානය පවසන්නේ. සංගීතය ව්‍යාකූල දෙයක් බවත් එමගින් මිනිසාගේ මනස අවුල් වියවුල් වී යන බව විද්‍යානුකූලව ඔප්පු කිරීමට තමන්ට හැකි බවත් පිරිසිදු ඉස්ලාමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වී සිටින බව පවසන එම සංවිධානය පවසයි.

ඉග, සුග, ලැම වැනි වචන තිත්ත කුණුහරුප බවත් එවා ගීත සදහා යොදා ගැනීම නිසා මිනිසුන්ගේ මනස විකෘති වී ඇති බවත්, එබැවින් එවැනි ගීත ඉස්ලාම් ධර්මයෙන් ප්‍රතික්ශේප කර තිබෙන බවත් ප්‍රකාශ කරන එම වීඩියෝ පටයේ පෙනී සිටින පුද්ගලයා ගායන ශිල්පී ඉරාජ් වීරරත්නවද දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.

[fbvideo link=”https://www.facebook.com/irajw/videos/10156576559515134/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

කෙසේ වෙතත් ගෝත්‍රවාදී ආගමික අන්තවාදී අදහස් සහිත මෙම වීඩියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල වී තිබෙනවා. ලැබී ඇති උණුසුම් ප්‍රතිචාර මෙතනින්

ISIS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයද සිය මතයට විරුද්ධවාදීන්ට තර්ජනය කිරීම සදහා මෙවැනි වීඩියෝ පට නිකුත් කරනු ලබනවා. “ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය” අරාබි රටවල් කිහිපයක මුල්‍ය දායකත්වයෙන් මුලධර්මවාදී රැඩිකල් ඉස්ලාමය මෙරට මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කරමින් සිටින බව මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජාතිකයන්ගෙන්ද චෝදනා එල්ලවනවා.

ශ්‍රී ලංකා කදිරියා ඉස්ලාමීය ඒකකයේ ප්‍රධානියෙක් මීට ඉහතදී Colombotoday සමග ප්‍රකාශ කර සිටියේ තව්හීද් ජමාත් සංවිධානය මෙරටට ගෙන්වීමට සූදානම් වූ ඔවුන්ගේ ප්‍රධානියා වන ජයිනුල් ආබ්දීන් නම් දකුණු ඉන්දීය දේශකයා ISIS ත්‍රස්ත සංවිධානයේ මත ප්‍රචාරය කරන ජාත්‍යන්තර ඉස්ලාමීය මූලධර්මවාදී කණ්ඩායම් සමග සබදතා පවත්වන අයෙක් බවයි.

 

 

 

Related posts

තරුණයන් පිරිවරා අගමැති යොවුන් පුරයේ.. අවසන් දිනය අද

colombotoday

යහපාලන සංහිදියාවේ සළුපිළි ගැලවූ යාපනය සිසු ප්‍රහාරයෙන් මතුවන බෙදුම්වාදයේ ගිණි පුපුරු !

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ඇතුළු වන සියලූ දොරටු හැරදමා මැතිසබය රැස්වෙයි

colombotoday

දුමින්ද ඉවතට – ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. !

colombotoday

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin