Colombo Today Local Newsextremism & terrorism activities

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

ponna sira and hamba uura

බංග්ලාදේශයේ ඩකා අගනුවරට එල්ලවූ IS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශද ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබදව අවධානයෙක් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

නෙත් ගුවන්විදුලිය සමග අද (03)අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග රජය දැනටමත් ගෙන ඇති බවයි.

ISIS ඉස්ලාමීය ත්‍රස්තවාදයට වැට බදින බවට ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරද්දී රජයේම තනතුරක් දරණ, තමාගේ උපදේශකයෙක් යැයි ජනාධිපතිවරයාම පවසන අසාත් සාලි මන්ත්‍රීවරයා ඊයේ පස්ව‍රුවේ ISIS පන්නයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබිණි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන් මුහම්මද් නබිවරයා පිළිබදව කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කරේ තම ආගමේ ප්‍රධානියා සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත්, ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට තමන් සූදානමින් සිටින බවත්ය. මේ තමන්ගේ අවසන් අනතුරු ඇගවීම බවත් දන්වමින් ඔහු මරණීය තර්ජණයක් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා එල්ලකර තිබිණි.

මෙය මුළුමනින්ම ඉස්ලාමීය රටවල මුලධර්මවාදීන් කරනා ආකාරයේ මිලෙච්ඡ, උන්මත්තක ප්‍රකාශයකි. දෙවියන්ගේ අණ පරිදි ආගමික විරුද්දවාදීන්ගේ බෙලි කපා මරාදමන තුච්ඡ සංස්කෘතිය පවතින්නේ අරාබිකරයේය. ඒ දේව නීති අදාළ වන්නේ තවමත් ගල් යුගයේ මානසිකත්වයෙන් දිවි ගෙවන අරාබිකරයේ නූගත් අන්ධභක්තික ආගමික වහළුන්ට මිස අපට නොවේ. අසාද් සාලිලා වැනි ආගමික උන්මත්තකයින්ට අවශ්‍යනම් ඒ නීති අරාබිකරයට ගොස් ක්‍රියාත්මක කරගත හැකිය. මේ ශ්‍රී ලංකාවයි. මෙරට ඕනෑම පුරවැසියෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස ඇත. නිදහස්ව නිවහල්ව සිතීමේ පැතීමේ නිදහස හිමිය. ඕනෑම ආගමක්, දර්ශනයක් ලබ්ධියක් හෝ අභිචාරයක් විවේචනය කිරීමේ හා ප්‍රශ්නකිරීමේ නිදහස ඇත. යම් ආගමකට හෝ පුද්ගලයෙකුට අපහාස වනවානම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළයුතු නීතියමය ක්‍රියාවලියක් ඇත. එසේ නොමැතිව මිලෙච්ඡ ISIS ත්‍රස්ත මතවාද ප්‍රසිද්ධියේ වමාරන්නට හෝ මේරටේ ක්‍රියාත්මක කරන්නට සාලිලාට බලය දුන්නේ යහපාලනයෙන්ද?

“අසාත් සාලි මහත්මයා මගේ හොදම මිත්‍රයා. මං උපදෙස් ගන්නෙත් එතුමාගෙන්. ජාතිවාදී සංවිධාන අපි ප්‍රතික්ෂේප කරනවා. මට ඡන්දේ දුන්නේ මුස්ලිම් ජනතාව. ඒ නිසා මං මුස්ලිම් ජනතාව ආරක්ෂා කරනවා” – ‍ජනාධිපති සිරිසේන 2015 සිය මුල්ම බ්‍රිතාන්‍ය සංචාරයේදී.

පුත්තලම, මන්නාරම, අකුරණ, නැගෙනහිර පළාතේ ප්‍රදේශ ගණනාවක් කේන්ද්‍රකරගනිමින් ISIS මතවාද ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඒ පිටුපස මුස්ලිම් දේශාලකයන්ද ක්‍රියාත්මකව සිටින බවත් රාජ්‍ය බුද්ධි අංශ පසුගිය වසරේ රජයට වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික ඉස්ලාමීය සමාජය තුළින් අයි එස් අයි එස් මතවාද වර්ධනය වෙමින් පවතින බවත්, අන්තවාදය හා ප්‍රචන්ඩත්වය පාදක කරගත් අනුබද්ධ කණ්ඩායම් ඉදිරියේදී බිහිවිය හැකි බවටත් ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවා පසුගිය සමයේ කරුණු දක්වා තිබිණි. ශ්‍රී ලංකාවේ රජය හා මුස්ලිම් නායකයන් මැදිහත්ව ඉස්ලාමීය තරුණ තරුණියන් අතර සිදුවන අයි එස් අයි එස් හා අන්තවාදී ඉස්ලාමීය ආගමික ප්‍රචාරනවලට වැට බැදීමට කටයුතු කළ යුතු බවටද ඔවුන් නිර්දේශ කර තිබිණි.

ISIS මිනීමරු කල්ලිය ක්‍රියාත්මක වන්නේ අල් කුර්ආණයේ මුලධර්ම මත පදනම්වය. ඔවුන් සිය මිලේච්ඡත්වය ලෝකය පුරා වපුරන්නේ අල්ලාහ් නම් වූ දෙවියෙකුගේ නාමයෙනි. ජනාධිපති උපදේශක අසාත් සාලි තම විරුද්ධ ආගමික මතවාදීන් මරාගෙන මැරෙන්නට යන්නේද ඒ අල්ලාහ් දෙවියන්ගේ නාමයෙනි.

දැන් ආණ්ඩුව ISIS ත්‍රස්තවාදය මර්ධනය කරන්නට යන්නෙ ISIS මතවාද ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කරන අසාත් සාලි ලා වැනි උන්මත්තකයන් රෙද්ද අස්සේ තබාගෙනය.

ජනාධිපති අතිජාත මිතුරු, විශේෂ උපදේශක අසාද් සාලි ඊයේ (02) නිකුත් කර තිබූ තර්ජණාත්මක නිවේදනය

Related posts

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday

කොවිඩ් -19 වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

colombotoday

සුරූපිනියක ලෙස පෙනී සිටි හතලිහේ තිදරු මව තරුණයෙකුගෙන් ලක්ෂ 8ක් ගරාගෙන

colombotoday

ගිලන්රථ සේවාව බිසි. කොරෝනා ආසාදිතයා පීසීආර් කරගන්න කි.මී. 20ක් පයින්ම රෝහලට ගිහින්

colombotoday

බැඳුම්කරෙන් රජයට කෝටි 1000ක පාඩුවක්.. පාඩුව තිස් අවුරුද්දක් පුරා විඳගන්න වෙයි !

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday