Colombo Today Local NewsWorld

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

මුදල් විශුද්ධිකරණය පිළිබඳව ඇති වූ සැකයක් මත ඉන්දුනීසියාවේ මූල්‍ය ගනුදෙනු වාර්තා සහ විශ්ලේෂණ මධ්‍යස්ථානය (Indonesia’s Financial Transaction Reports and Analysis Centre – PPATK) මෑතකදී තහනම් කරන ලද ඉස්ලාම් ඩිෆෙන්ඩර්ස් ෆ්‍රන්ට් (Islam Defenders Front – FPI)) සහ ඊට අනුබද්ධ කණ්ඩායම්වලට අයත් බැංකු ගිණුම් තාවකාලිකව අත්හිටුවා ඇත.

PPATK හි මහජන කටයුතු ඒකකයේ ප්‍රධානී නට්සීර් කොංගා මහතා සඳහන් කළේ 2010 වසරේ සම්මතකරණ ලද මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීතිය සහ 2013 වසරේ සම්මත කෙරුණු ත්‍රස්තවාදය වැළැක්වීම සහ තුරන් කිරීම පිළිබඳ නීතියට අනුකූලව මෙම පියවර ගත් බවයි.

ඉන්දුනීසියානු රජය විසින් 2020 දෙසැම්බර් 30 වන දින නිකුත් කරන ලද නිවේදනයක් මගින් ඉස්ලාම් ඩිෆෙන්ඩර්ස් ෆ්‍රන්ට් හී බලපත්‍රය කල් ඉකුත්වී ඇති බවත්, ඔවුන්ගේ කටයුතු සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කර ඇති බවත්, එහි ප්‍රතිපත්ති රාජ්‍ය මතවාදයට පටහැනි බවත්, සමහර සාමාජිකයින් ත්‍රස්තවාදයට සම්බන්ධව කටයුතු කර ඇති බවත් සඳහන් කරන ලදි.

Related posts

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

colombotoday

ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් සංස්ථාවට

colombotoday

කිලිනොච්චිය හමුදා කඳවුර ඉදිරිපිට තිබු බෝම්බය ?

colombotoday

සතොස භාණ්ඩ 07ක මිල අද සිට අඩුකරයි

Admin

රන්ජන්ගේ හඩපට පිටුපස සැගවුණු ජාත්‍යන්තර න්‍යායපත්‍රයක් !

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday