Articles

මුස්ලිම් අන්තවාදය ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ නොහැක.

ආගමික ජාතික සීමා පසෙක තබා පොදුවේ මනුෂ්‍යයකු ලෙස කරුණු විමසා බැලූවද බෞද්ධ සංස්කෘතිය ලෝකයට බෙහෙවින් හිතකර හා සහනශීලී එකකි. එය දිදුලමින් පෙනෙන ඇත්තක් මිසක අන් සංස්කෘතියක් කෙරේ හෙලන ද්වේශ සහගත බැල්මක් නොවේ. ඉස්ලාමය යනු නිදහස් චින්තනයට ඉතා අල්ප ඉඩක් සහිත, වෙනස්වීම්වලට ලේසියෙන් අනුගත නොවන, ආක‍්‍රමණශීලී ආගමික ප‍්‍රවණතාවකි. එහෙත් එය එසේවූ පමණින් මෙරට ප‍්‍රධාන සංස්කෘතිය තුළ වසර සිය ගණනක් සමගියෙන් ජීවත් වූ සහෝදර මුස්ලිම් ජනයාට එරෙහි වීම කිසිවකුට කළ හැක්කක් නොවේ. ඔවුන්ගේ නිදහස් පැවැත්ම කා විසිනුත් පිළිගත යුත්තකි. එසේ වුවද බහුවිධ ලෝකයක ජීවත් වීමේදී පොදු යහපතට සරිලන ලෙස තමන්ගේ දැඩි සංස්කෘතික ඇබ්බැහිකම් සුඛනම්‍ය කර ගැනීම ඕනෑම ජාතියක ආගමක වගකීම බවද අමතක කළ හැකි නොවේ. හරි නම් ඉස්ලාම් බුද්ධිමතුන් විසින් කළ යුතු වන්නේ තම ආගමික ඉගැන්වීම්වලට ඔවුන්ගේ ආගමික පදනම තුළම නව කියවීම් ලබාදෙමින් තම දහම හා සංස්කෘතිය නූතන ලෝකයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමය.

මේ මොහොතේ ශ්‍රී ලංකාව තුල එය සිදු වනවාද යන්න ප්‍රශ්නයකි අලි සබ්‍රි,හකීම් වැනි උගත් දේශපාලන නායකයන් පවා මේ මොහොතේ විද්‍යාව යටපත් කොට අවිද්‍යාත්මක බොරු ආගමික කරුණු අල්ලාගෙන කරන ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ ඔවුන් දියුණු ලෝකය සමග ජන වාර්ගික ආගමික සමගිය පවත්වාගෙන යාමට එතරම් කැමැත්තක් නොමැති බවයි.කාගේත් යහපතට හේතුවන හා ප‍්‍රතිවිරෝධතා සමනය කර ගත හැකි එවන් ප‍්‍රවේශයක් ඉස්ලාමයට වෙසෙසින්ම වැදගත් වෙයි. පසුගිය තිස් අවුරුදු යුද්ධය තුල වැඩිම ජිවිත දේපල හානි සිදු වුයේ සිංහල ජනයාටය යුද්ධයට ඍජු සම්බන්දයක් නොමැති ද්‍රවිඩ ජනයාටද ඉන් සිදු වූ හානිය අවතක්සේරු නොකළ යුතුය.යුද්ධයෙන් ද සාපේක්ෂව මෙරට මුස්ලිම් ජනයාට වූ හානිය සාපේක්ෂව ඉතා අඩුය.නමුත් රටේ එතරම් විනාශකාරී යුද්ධයක් පවතිද්දී පවා මුස්ලිම් නායකයන් ක්‍රියාකරමින් සිටියේ රටේ තමාන්ගේ අයිතීන් ලබා ගැනීම වෙනුව්වෙන් මිස පොදු ජාතික අවශ්‍යතා පෙරට දමාගෙන නොවේ.එය ඉතිහාසය පුරා සිදු වූ සරල සත්‍යකි.

ලංකාව තුල ජිවත්වන මුල් පදිංචි කරුවන් වන සිංහලයා සැම විටම රට පිලිබදව පොදුවේ සිතන විට සුළු ජාතින් සිතුවේ ඔවුන්ගේ වාර්ගික අවශ්‍යතා කෙරෙහි පමණි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුවන සෑම විටම සිංහල ජනයා හා සිංහල දේශපාලන නායකයන් කතා කලේ රටේ පොදු ප්‍රතිසංස්කරණ සම්බන්දයෙන් වුවද සුළු ජාතික නායකයන් කතා කෙරුවේ ඔවුන්ගේ වාර්ගික අයිතිවාසිකම් සම්බන්දයෙනි.රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබදව අපි පොදුවේ කතාකරන විට ඔවුන් කතා කෙරුවේ ස්ලාම් පාසල් මද්‍රසා පාසල් සම්බන්දයෙනි.අපි රටේ පොදු ආහාර සංස්කෘතිය ගැන කතා කරද්දී ඔවුන් කතා කෙරුවේ හලාල් හරාම් ආහාර සම්බන්දයෙනි මේ කාරනා කිහිපයක් පමණි.ඊලාම් යුද්ධය නතර කිරීමට සිංහල කොල්ලන් ඇස්,ලේ,මස් නහර පුජා කර යුධ වදින විට මුස්ලිම් නායකයන් ප්‍රභාකරන් හමුවී තමන්ට ලැබෙන කොටසේ ප්‍රමාණය කතා කළේය.ශ්‍රී ලාංකීය ජාතිය ගැන ඔවුන් කතා කිරීමට උත්සහ ගත්තේ නැත.ජාතියන්තර වශයෙන් රටට එල්ලවන කිසිදු අභියෝගයකදී ඔවුන් ජාතියන්තරයට ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස කරුණු කියන්නට ඉදිරිපත් වුයේ නැත. සංහිදියාව වෙනුවෙන් අපි මහ ජාතිය ලෙස බොහෝ දේ කැපකොට ඇත්තෙමු. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් කිසිවක් කැප කොට තිබේද?

අද කොරෝනා වසංගතයට මුහුණ දෙන විට ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ සංස්කෘතික ආගමික අයිතිය මිස රට පොදුවේ මුහුණ දෙන මේ විනාශයෙන් ගොඩ ඒමට ඔවුන් කවුරුන් හෝ වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට තිබේද යන්න මා ඔබෙන් අසමි.විද්‍යාත්මකව යමක් තේරුම් ගෙන හෝ මෙයට යම් කැපවීමක් තේරුම්ගෙන කැපවීමක් කිරීමට සුදානමක් නොපවතින බව ඔවුන්ගේ හැසිරීමෙන් ඔප්පු කරමින් සිටි.මුස්ලිම් නායකයන් සේම අවස්ථාවාදී දේශපාලන වාසි ගැනීමට විපක්ෂයේ නොදරුවන්ද මීට උල්පන්දම් දෙමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබීම රටේ අවාසනාව බව මෙහිදී සදහන් කල යුතුය.සමහර සංඝයා වහන්සේලා පවා මේ මොහොතේ ක්‍රියාකරමින් සිටින්නේ තම පාත්තරයට අන්තවාදී මුදල වැටෙන ප්‍රමාණය ගැන විශාල සැලකිල්ලකින් බව පෙනේ එය කොතරම් අවාසනාවන්ත තත්වයක්ද ?

කෙසේ හෝ වේවා මේ අත තබා ඇත්තේ එසේ මෙසේ ප්‍රශ්නයකට නොවන බව අද අප තේරුම් ගත යුතුය. අන්තවාදය හරහා ව්‍යාජ මානවවාදී ප‍්‍රබුද්ධත්වය ඔස්සේ හානි කරමින් සිටින්නේ රටේ පොදු නීතියට බව ඉතා පැහැදිලිය. අද ජිහාඞ් හිතවාදය හරහා ඔවුන්ට ඒ හානිය සිදුවනු ඇත්තේ සීයට හාර පන්සීයක අනුපාතයකිනි. ඒසා මිලේච්ඡ එකක් වූ මුස්ලිම් අන්තවාදය කිසිදු ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ හැකි ප‍්‍රවණතාවක් නොවේ යන්න සියලු රට වැසියන් තේරුම් ගන්නා විට රටක් ලෙස ශ්‍රී ලංකාවෙත් ජාතියක් ලෙස සිංහල ජාතියෙත් මළගම සිදුව අවසන් වන්නට ඉඩ තිබේ.ඊට පසුව හඩා දොඩා පලක් නැත යන්න අවසන් වශයෙන් සටහන් කර තබමි.

සටහන කිර්ති දුනුවිල

Related posts

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

colombotoday

නිජබිම සංකල්පය මත ඉදිරිපත්වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ප්‍රතිපාදන 8ක් !

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

කොච්චර එලෙව්වත් ලංකාවට එන කැසිනෝ පැකර්

colombotoday

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

colombotoday