ArticlesColombo Today Local Newsextremism & terrorism activities

සිංහල පක්‍ෂදේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය

චන්ද්‍රසිරි විජයවික්‍රම, LLB , Phd විසිනි

“ඕ මයි ගෝඩ් බෞද්‌ධයින්”

2020 ට පෙර ලංකාවේ අගමැති හා ජනාධිපති ධූර දැරූ අය රටට කල විනාශ යන මාතෘකාව යටතේ අපක්‍ෂපාතීව ලිපියක් ලියමින් ඉන්නා විට, 2019 සැප්තැම්බර් 11 දා චන්දන ගුණවර්‌ධන සමඟ හරීන්ද්‍ර ජයලාල් විසින් කල පරණ වීඩියෝ සාකච්චාවක් දැනට දින කීපයකට පෙර දැක ගැනීමට ලැබුණි. චන්දනට අනුව ලංකාවේ සිට ඇත්තේ දුරදක්නා නුවණක් තිබූ දේශපාලකයින් දෙන්නෙක් පමණය. ඒ නිදහස් අධ්‍යාපනයේ පියාවූ සී. ඩබ්ලිව්. කන්නන්ගර හා අගමැතිනි සිරිමාවෝය. නිදොස් කෙනෙකු මේ ලොව උපදිනේ නැත යන සුභාෂිතයේ කවි පදය අනුව ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි අගමැති-ජනාධිපති පංචස්කන්‌ධ රටට කල හොඳට වඩා දිගුකාලීනව රටට කල හානිය විශාල බව මගේ අදහසය. මීට හේතුව මොවුන් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන ආකාරයේ “බුදු අම්මෝ බෞද්‌ධයින්” නොවීමය. මොවුන්ට කියන අනිත් නම සුද්දන් බෝකර ගිය කළු සුද්ද්දෝ කියාය. එය කිව්වේ අනගාරික ධර්‌මපාලතුමාය.

ජේ. ආර්. ජයවර්‌ධන ජනාධිපතිව උදාහරණයක් වශයෙන් ගත්තොත්, ඔහුත්, ආර්. ප්‍රේමදාසත් අතගැසු හැමදේම රටේ විනාශයට හේතුවිය. එහෙත් ඕනෑම නරකදේක වුනත් හොදකුත් තිබෙන්නට පුළුවන් යන කතාව (සමහර යුද්‌ධ, වස මිශ්‍ර කර හදන බේත්) අනුව සිතන විට, “රජීව් කොළුවාට” යටවී ගිවිසුමට අත්සන් කිරීම ඔහු විසින් කල හොඳම දේය. එසේ නොවන්නට ඩික්‍ෂිට්ලා උතුරු-නැඟෙනහිර ප්‍රභාකරන්ට භාරදී පෙඩරල් ප්‍රාන්තයක් සදා දෙන්නේය. ඉතිහාස කතා හෝ මිථ්‍යා කතා හෝ දෙස බලනවිට මහාභාරතයේ අර්ජුන සිය නෑදෑයින් විනාශ කලේ ඇයි. ලංකාවේ පණ්ඩුකාභය රජතුමා මාමාලා හත් දෙනෙක්වම මැරුවේ ඇයි? පරාක්‍රමභාහු රජතුමාට මහා කියා නාම විශේෂණයක් දැම්මත්, ඔහු විසින් කල සමූලඝාතන නිසා රාජකීය ඩී.එන්.ඒ. නැතිවයාමෙන්, ඔහුගේ ඇවෑමෙන් සුළු කලකින් ලංකා රාජධානිය බහිනකලාවට නොවැටුනේද? 1988/89 කාලයේ 60,000 ක් පමණ සිංහල තරුණයින් ඝාතනයද මෙවැනි ඩී.එන්.ඒ. අහිමි කිරීමකි.

ජනාධිපතිවරණයට කලින් චන්දන විසින් කියා ඇත්තේ ලංකාවට තිබෙන්නේ විසඳුම් දෙකක් බවය: (1) රටේ හාමුදුරුවරු එකතුව ආණ්ඩුවකට බලකර රට හැදීම හෝ (2) මිලිටරි පාලනයක් මඟින් රට හැදීමටය. දැන් බලාගෙන යනවිට මේ දෙකම යම්තාක් දුරකට සිදුවෙමින් පවතී. මා නම් සිතන්නේ ජන සභා ක්‍රමයක් මඟින් ගම් මට්ටමින් ජනතා පාලනයක් සදන අතර, විද්‌වත්, පක්‍ෂ දේශපාලන හෙංචයන්ගෙන් තොර, ජනාධිපති උපදේශක සභා මඟින් ජාතික ප්‍රතිපත්ති සදා, දැඩි විනයක් ඇතිව ඒවා ක්‍රියාවට නැංවීම ලංකාවට සුදුසු බෞද්‌ධ රාජ්‍ය පාලන ක්‍රමය බවය. අඳිරි නීතිය ලිහිල්කල වහාම බාර් පෝලිම්වල මරා ගන්නා, හොර කසිප්පු ජාවාරම සරුවට කෙරෙන, කුඩු බෙදීම ඊටත් වඩා ජයට සිදුවන හා ඒ හැමටම වඩා පරණ යහපාලනකාරයින් හා ජේවීපීකාරයින් කොරෝනාව අස්සේ කරගෙන යන දුෂ්ට ගෝඨා-මහින්ද-බැසිල් විරෝධී ව්‍යාපාරය ඉදිරියේ අවුරුදු 72 ක් ඉවසුවා ඇති යයි බෞද්‌ධ, කතෝලික සිංහලයාත්, හින්‌දු දෙමළාත් මෙම දැඩි විනයට (හිට්ලර් නොවන) එකඟවන බව නිසැකය. <හිට්ලර් නොවන> කියන්නේ ආර්. ප්‍රේමදාස හිට්ලර් ඇදහූ අයෙක් නිසාය. සජිත් ප්‍රේමදාසගේ හා අනිකුත් යහපාලනකාරයින් වන රාජිත, මංගල, හරීන්, කාවින්ද, රංජන්, හිරුණිකා, අජිත් පෙරේරා, සුජීව සේරසිංහ, හර්‍ෂ, රවි, කිරිැල්ල යනාදී කට්ටලවල ඩී.එන්.ඒ. මොනවා විය හැකිද කියා ඔවුන්ගේ හැසිරීමෙන් සිතාගත නොහැකිද? මොවුන් කොරෝනාව මුස්ලිම් කර සිංහල ජාතියට, විශේෂයෙන් සිංහල බෞද්‌ධයාට අසාධාරණ ලෙස පහර දෙන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑව එලිවෙනවාට ඇති බියද නිසාය.

උස නම් සෙකියුරිටි-මිටි නම් කම්කරු

සජිත්ගේ ඉහත සඳහන් ප්‍රකාශය බුදු දහමට පටහැනිය. මිනිසුන් දෙන්නෙක් යනු පංචස්කන්‌ධ දෙකකි. දෙන්නෙක් එකිනෙකාට සමාන නොවේ. සෙකියුරිටි හා කම්කරු යනු රක්‍ෂා දෙකකි. ඒ රක්‍ෂා දෙකට සුදුස්සන් තේරිය යුත්තේ, එක පංචස්කන්‌ධයක් උසද, මිටිද යන්න උඩ නොවේ. සංඝ රත්නයක් නැත කියා දැන් සංඝ කල්ලියක් ලෙස එය සංශොධනය කර ඇති මංගල සමරවීරත්, සජිත් ප්‍රේමදාසත් සමානවන්නේ ඔවුන් දෙන්නා මෝඩ නොව, කපටි <බොරු බෞද්‌ධයින්> දෙන්නෙක් වන නිසාය. මුස්ලිම් කොරෝනාව නමැති වලිගයක් අල්ලාගෙන බුදුරජාණන්වහන්සේගේ නාමය ඊට ගාවා තම දේශපාලන පැවැත්ම සඳහා සිංහල බෞද්‌ධයින්ට ලෝකයා ඉදිරියේ මඩ ගසන්නේ ඒ හේතුවෙනි. < සල්ලි තියෙනවා නම් ඕනෑම ගොනෙකුට යුද්‌ධ දිණන්න පුළුවන්> යන කිරිැල්ලගේ කතාව මෙන් මේ උස-මිටි කතාව කරත්තය ගොනා පිටිපසින් එනවා මෙන් සජිත් සමඟ ඇදෙන්නේය.

සජිත්ගේ ඉංගිරිස් ප්‍රහාරය

මේ දිනවල ටිවිටර් මඟින් විනෝදය සපයන්නේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී හස්තයෙන් ලියන ලදැයි කියන ඉංගිරිස් ගැනය. ඊට දමා ඇති කමෙන්ට්ස් බලන විට මේ වාගේ අහක යන නයි ඔහුට අල්ලා දෙන්නේ කවුද, දිරච්ච ලණු දෙන්නේ කවුද, කියා සිතෙන්නේ එය කවුරුන් හෝ ඔහුට ලියාදුන් එකක් බව පෙනීයන නිසාය. මනමාලියක් වුනත් තැනට සුදුසු විධියට කතා නොකලොත් අමාරුවේ වැටේ. ඩයානා කුමරියටද ඉංග්‍රීසි ටියුෂන් ලබාදුන්නේ ඒ නිසාය. පසුගිය කාලයේ නිතර සිදුවූ දෙයක් නම් සී. වී. විග්නේෂ්වරන් විසින් යම් අරාධිත දේශණයක් දීමට පෙර සංස්කෘත භාෂාවෙන් යමක් කීමය. ඔහු මොනවා කිව්වාද කියා දන්නේ ඔහුම පමණය! සජිත්ට මෙය ලියාදුන් තැතැත්තා කර ඇත්තේත් එවැන්නකි. ලැටින් භාෂාව දත් අගමැති බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස්, ලලිත් ඇතුලත්මුදලි වැනි කෙනෙක් හෝ ඕල්ඩ් ඉන්ග්ලිස් දන්නා ශේක්ස්පියර්ගේ ගෝලයෙක් හෝ වූවා විය යුතුමය!

කොරෝනාව හා කොසොල් රජතුමා දුටු සීන දාසැය

සජිත්ගේ ඉංගිරිස් පාඩමේ සාමාන්‍ය අපට තේරෙන යම් යම් වචන හරහා අපගේ ඇස් පාදන වෙනත් සත්‍යාවභොධයක් අඩංගු නොවේද කියා මට සිතුනේ සජිත් විසින් දෙවියන්-බුදුන් පටලවාගෙන ඔතාගත් පඹගාල විච්චේදනය කිරීමට මා ගත් ව්‍යායාමය තුලින්‌ය. කොරෝනාව ඔප්පු කරන්නේ මහාසුපින ජාතකයේ එන කොසොල් රජතුමාගේ සීන දාසැය නොවේද යන්නය. බයිබලයේද අනාගතවාක්‍ය එමට ඇතත්, නූතන රාජ්‍ය දේශපාලන විද්‍යා ක්‍රමවේදය ගැන කිරි ගහට ඇන්නා මෙන් අවුරුදු 2,500 කට පෙර රාජ්‍ය පාලන ප්‍රතිපත්ති විවරණයක් දී ඇත්තේ ඉන් පමණය. ඒ අනුව ඇසිය හැකි අළුත් ප්‍රශ්ණයක් නම්, කොලම්බස් යුගය, යටත් විජිත යුගය මෙන් ලෝකය දැන් කොරෝනා යුගයකට අවතීර්‌ණව තිබෙනවා නේද යන්නය.

එන්නත් බෙහෙතක් සොයා ගත්තත් නැතත්, ගොනා පිටිපස ඇදෙන ගැල මෙන්, තුන්වන ලෝක යුද්‌ධයක් මෙන්, කොරෝනා වසංගතය ලෝකය වෙනස් කර තිබේ. මෙම අළුත් ලෝකය බෞද්‌ධ රාජ්‍යපාලන ප්‍රතිපත්ති, ලෝකයටත්, යළි වරක් ලංකාවටත්, හඳුන්වාදෙන යුගය ලෙස නම් කල නොහැකිද? බුදු දහමේ පෙන්‌වා දුන් දිවි පෙවෙත කෙතරම් උචිතද, කාලෝචිතද යන්න, අතට අතදීම වෙනුවට <ආයුබෝවන්> කීමට කොරෝනාව සමඟ තරහෙන් සිටින ජනාධිපති ට්‍රම්ප්ටත් සිදුවීමෙන් සංකේතවත් වන්නේය. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන ඕ මයි ගෝඩ් පිරිසට, බුදු අම්මෝ පිරිස සමඟ අකමැත්තෙන් කැමතිවීමට සිදුවීමය!

බක උපාසක සජිත් (බක ජාතකය)

මොකක්දෝ වැටෙනතුරු එළුවා පස්සේ ගිය නරියා මෙන්, ඓතිහාසිකව, සිංහල දේශපාලකයින් මුස්ලිම් චන්ද පස්සේ ගියේ දෙමළ බෙදුම්වාදයට අඩයක් වශයෙන් මුස්ලිම් නායකයින් යොදා ගැනීමට මිස දූරදර්‌ශී බෞද්‌ධ පාලන ක්‍රමයක් අනුගමණය කිරීමකින් නොවේ. මෙම වංක හැසිරීම නිසා 1921 සිටම දෙමළ බෙදුම්වාදය අනාගත් මෙම කළු සුද්දන් (ඒ කාලයේ 1956 වනතුරු සිටියේ බොහෝ විට සිංහල ක්‍රිස්තියානි පිරිසකි) ඊටත් වඩා භයානක මුස්ලිම් ගර්‍භාෂවාදයට, විශේෂයෙන් 1978 න් පසු ඉබේම ගොඳුරුවිය. මෙහිලා අළුත්ම උදාහරණය සජිත් ඇතුළු කල්ලියේ වත්මන් පැස්බරා වැල්ලේ හිස ගසාගත් හැසිරීමය. රටේ සිංහල ජනයා අන්‌ධ යයි සිතන සජිත්ට හදිසියේම කොරෝනාව හරහා අසීමිත මුස්ලිම් දයාවක් හටගන්නට ඇත්තේ ලඟදී එන කොළඹ මන්ත්‍රී චන්දයේදී හතරට පහට බෙදී යන යූ.එන්.පී. චන්ද ගැන ඇති බිය නිසා විය යුතුය. මෙම යටි අරමුණ නිසා ආණ්ඩුවේ කොරෝනා මර්‌ධන වැඩ පිළිවෙල ගැන මහජන හිත දූෂ්‍ය වන සේ කටයුතු කිරීම සුනඛ ක්‍රියාවකි. ඒ සඳහා බුදුදහම ගාවා ගැනීමට ඔහුට අයිතියක් නැත්තේ ඔහුගේ මව, අක්කා හා නෝනා, රෝසි සේනානායක පාරේ ගොස් නැවත-උපන් ක්‍රිස්තියානීන් වූ අය නිසාය. ආරියාවත් සමඟ ඔහු (නාරාහේන්පිට?) පල්ලියට යනවා ඉරාජ් වීරරත්න සිය ජනේලයෙන් නිතරම පාහේ දැක ඇත.

සජිත්ගේ ඉංගිරිස් කියමන් දෙක එක්කෝ වංකය. නැතහොත් නොතේරෙන ඉංගිරිස්‌ය.

මුලින් එකේ ඔහු කියන්නේ:
“අපේ සමාජයේ දැනට දළුලමින් තිබෙන (ඉන්සිපියන්ට්) වර්‌ග වාදය, අපේ මව්බිමේ මිනිසුන් අතර (අමන්ග්ස්ට්) පවතින, ජාති, ආගම් හා සමාජ බෙදීම් තීව්‍ර/උග්‍ර/ප්‍රචන්ඩ (එක්සැසබේටඩ්) කර ඇත. මෙය අපේ ජාතික යහපතට (ඉන්ටරස්ට්) හානිකාරී (ඉනිමිකල්) හා විනාශකාරීය (ඩිට්‍රිමන්ටල්). එය දෙවියෙක් කෙරෙහි විශ්වාසයකට වඩා, මිනිස්කම, තර්‌ක-ඥානය, විද්‍යාව හා මානව දයාව ඉහළය යන මතවාදයට (හියුමනිසම්) හා මිනිසාගේ පරම යුතුකම මිනිස් සංහතියේ ශුභ සාධනය බවත්, දිව්‍ය මැදිහත්‌වීමකින් තොරව මිනිසුන්ට ස්‌වයං පාරිශුද්‌ධ (සෝවාන්?) භාවය ලඟාකර ගත හැකිය යන දර්‍ශණයටත් (හියුමනිටේරියනිසම්) පටහැනිය (කන්ට්‍රැරි).”

දෙවෙනි එකේ භාෂාව පොල් පරාලයක් ගිල්ලා වැනිය. පණිවුඩය යන්නෙ කොහෙද, මල්ලේ පොල්‌ය!

“අපගේ මුස්ලිම් සහෝදර-සහෝදරියන්ට විරුද්‌ධව සිද්‌ධ කරණ (පර්පෙට්ට්‍රේටඩ්) ජාතිවාදී වධ හිරිහැර ක්‍රියා පැතිරීයෑම (ප්‍රිවැලන්ස්), හිරිකිතය/අශික්‍ෂිතය (ඇබොරන්ට්). එය අප සියළු දෙනා විසින් දැඩිලෙස හෙලා දැක සටන් කල යුතුය/ (කන්ෆරන්ට්). එවැනි දුෂ්ට (හෙයිනස්) ක්‍රියා බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉගැන්‌වීම් වලට පටහැනිය (කන්ට්‍රැරරි). එවැනි ශුද්‌ධ (බ්ලෙස්ඩ්) ගුණධ‌ර්‍ම (ප්‍රින්සිපල්ස්) වැරදි ලෙස අර්‌ථ කතනය කිරීමට දරණ උත්සාහ භයානකය, මිථ්‍යදෘෂ්ටිකය (ට්‍රෙචරස්). දේශභ්‍රෂ්ටය (අන්පැට්‍රියොට්‍රික්).>”

මේ මා විසින් ඉන්ටර්නෙට් ඩික්‍ෂනරිය බල බලා කරන්නට සැදූ පරිවර්‌තනයය.

[ඉඳ හිට හෝ යුරෝපීය බෞද්‌ධයින් විසින් බ්ලෙස්ඩ් වන් (බුදුන් වහන්සේ) ලියනවා හැරෙන්නට, උපතින් බෞද්‌ධ, ඉරිදා දහම් පාසැල් ගිය සිංහලයින් නම් “බ්ලෙස්ඩ් ප්‍රින්සිපල්ස්” කියා (බුදු වදන/බුද්‌ධ දේශනාව) හඳුන්වන්නේ නැත. එසේ යොදන්නේ ක්‍රිස්තියානි දේවධ‌ර්‌ම වාදී අභාෂයක් ලත් අයෙක් පමණය. මේ අනුව නිසැකවම මෙය ලියා ඇත්තේ ක්‍රිස්තියානියෙකි.]

පාඩම් අරහං සජිත්

කලින් වරක් කොරෝනාවට බේත් පෙති දෙකක් නිර්දේශකලා මෙන්, පාඩම් ඉගෙන නොගන්නා සජිත් මෙවරත්, බුදු දහම හා කොරෝනා භූමදාන/අදාහන පටලවා ගෙන, රටේ බෞද්‌ධ-ඉස්ලාම් භේදයක් ඉස්මතු කරන්නට හොට දමා ඇත. ඔහු දන්නා කෙහෙල් මල් <බ්ලෙස්ඩ් ප්‍රින්සිපල්> එකක් නැත. පරණ යහපාලන හොරුන් කෙතරම් අමණද කියා සිතෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති චන්දය ඉල්ලන්නට ඉඩ තිබෙනවා යයි ඔවුන්ට ඉඟියක් ලැබණු දවසේ සිටම එය වැලැක්‌වීමට ඔවුන් ගත් කැත දුෂ්ට ප්‍රයත්න ගැනත්, ජනාධිපති වූ පසු ගෙනයන සිය දිවිනසා ගන්නා සුළු හැසිරීමත් ගැන සිතන විටය. මේ යන විධියට මොවුන් සමහරෙක් පරණ වැව් ශුද්‌ධ කිරීමට ගෙනයාමට පවා ඉඩ තිබේ. රාජිතගේ කිඹුල් සුදු වෑන් එලිදරව්වේ සිට දැන් කොරෝනාව අල්ලාගෙන මොවුන් නටන නාඩගමට සීමාවක් නැද්ද? අතේ ඔරලෝසුවක් බැඳගෙන අයිසීයු එකේ සිට ඇඳෙන් එන්නට තරම් රාජිතලා මෝඩ විය. මේ ලියන මොහොතේ සුවපති රාජිත හිරගෙදර ඉන්නේ යුක්ති ධර්‍මය සුරැකිණ මහාධිකරණ විනිසුරුතුමෙක් නිසාය. මොවුන්ට අනුව සිංහල බෞද්‌ධයින් දිගින් දිගටම මුස්ලිම්වරුන්ට වධ දෙමින් සිටී.

මුස්ලිම්වරුන්ට කරණ වධ හිංසා!

  1. පාස්කු ප්‍රහාරය සම්බන්‌ධයෙන් යටගසා තිබූ පරීක්‍ෂණ අළුත් කොට නොයෙක් තරාතිරමේ අය අත් අඩංගුවට ගැනීම ජාතිවාදයද?
  2. කොරෝනා හැදුන අයෙක් මුස්ලිම් නම් එය එලිකිරීම ජාතිවාදයද? සිංහල, දෙමළ ගම් වලටත් එසේ කර නැද්ද?
  3. ඒ නිසා මුස්ලිම් ගම් කොටු කිරීම ජාතිවාදයද? ඒවා එලි නොකරණ සේ මාධ්‍යවලට මුකවාඩම් දාන්නද?
  4. බොහෝ දුප්පත් මුස්ලිම් ජනයා ජීවත්‌වන්නේ එකට ගොඩගැහී තදබදයෙන් වීමට හේතුව ඔවුන්ව ශාරියාකාරයින් විසින් ගර්‍භාෂ යුද්‌ධයකට (ලමයි බෝකරණ පැක්ටරි) ඇදදමා ඇති නිසාද විය නොහැකිද? පර්‌චස් 40 ක ඉඩමක, බාබර් සාප්පුවක්ද ඇතිව, 200 ක් ජීවත්‌වන්නේ කෙසේද? ගඩාෆි හා පලස්තීනයේ යසර් අර්ෆත් මේ ගර්‌භාෂ ආක්‍රමණයේ නායකයින් විය.
  5. මුස්ලිම් මිනිහෙක් රෑ 12 ට අල්ලපු ගමේ පන්සලක දොරට තට්ටුකර දොර අරවාගෙන හාමුදුරුනමක් බදාගෙන මූණට කැස්සේ, සජිත් හෝ රාජිත හෝ බිමාල් රත්නායක වැනි ජේවීපීකාරයින් හෝ විසින් උසිගන්නලාද? එසේ නැත්නම් ශාරියා විෂබීජය රටපුරාම පැතිරිලා ඇති නිසාද?
  6. වැළලූ මිනියකින් කොරෝනාව පැතිරේද නැද්ද යන්න ගැන සැකයක් තිබෙද්දී ඒවා (ඉන්දියාවේ හි‌න්‌දූන් අතර මෙන් දර වෙනුවට) ගෑස් මඟින් ගිනිදෙවියාට දැමීමට ගත් තීරණය මුස්ලිම් විරෝධී තීරණයක්ද? ගමක හාමුදුරුනමකගේ පුංචි අම්මා මළවිට එය කොරෝනාද නැද්ද යන්න ගැන සැකයක් නොතිබියදී පවා ගමේ මිනිසුන් එය මිහිදන් කිරීමට විරුද්‌ධවූයේ නැද්ද?
  7. ලෝක සෞඛ්‍ය සංවිධානය මොනවා කිව්වත් මීගමු වෙරළ අසල භූගත ජල මට්ටම ගැන දන්නේ ලංකාවේ මීගමු වෙරළ ගැන දන්නා අයය. අඩි අටක් හාරනවා කියන්නේ ඕලන්දයේ (නෙදර්ලන්තයේ) මෙන් පාවෙන මිණී වළවල් සදාගැනීමය. සාමාන්‍ය මිණීවත් වැළලීමට තහනම් කලාප ඒ රටේ ඇත්තේ ඒ නිසාය. ඇමෙරිකාවේ ලුවිසියානා ජනපදයේ අති විශාල මිසිසිපි ගංඟා කලාපයේ මිණී තැන්පත් කරන්නේ පොලොවෙන් උඩ කොන්ක්‍රීට් ආවරණයකය. ඊට හේතුව පොළොවේ වැළලුවොත් අධික වර්‍ෂාවකදී මිණී පෙට්ටි මතුවී උඩ පාවෙන නිසාය.

මැරිලින් මොන්‍රෝගේ මිණිය තැන්පත්කර තිබෙන්නේ මිණී ගොඩනැඟිල්ලේ බිත්තියක එය හිටගෙන ඉන්නා ආකාරයටය. ඒබ්‍රහම් ලින්කන් ගේ මිණිය හොරකම් කරගෙන යෑමේ තර්‍ජනය බලවත් ප්‍රශ්ණයක් විය. ඇමෙරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට මුල්කාලයේදී තිබූ ලොකුම ප්‍රශ්ණය නම් සිසුන්ට අධ්‍යයනය සඳහා මිණී ලබාගන්නේ කෙසේද යන්නය. මිණී වළවල් හාරා මිණී හොරකම් කර විකිණීමද සිදුවිය.

  1. කොරෝනා මිණියක් වැළලීමට සැතපුම් 60-70 ක් රටතුලට ගෙන යෑමේ අවදානම හා වියදම ගන්නේ කවුද? එසේ ගෙන ගියත් සුසාන බිම අසල භූගත ජල අවදානමක් ඇද්ද, නැද්ද යන්න තීරණය කරන්නේ කවුද? අද නැති අවදානම ලබන අවුරුද්දේදී හෝ ඉන්පසුවට නැතැයි කිව හැකිද?

මේ සම්බන්‌ධයෙන් උසාවියට කල හැකි දේ කුමක්ද? කොරෝනා වසංගතය පැතිරීම වැළැක්‌වීමේලා විද්‍යාත්මක ක්‍රියාවලියට මැදිහත්‌වීමට උසාවියකට ඇති දැණුම කුමක්ද? මෙය සිහිපත් කරන්නේ මිනිසා වඳුරාගෙන් පරිණාමය වුනාය යන අදහස ආණ්ඩුවේ පාසැල්වල ඉගැන්‌වීම තහනම් කරමින් පැනවූ ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නීතිය, 1925 දී එහි උසස්පෙල ජීව විද්‍යා ගුරුවරයෙක්‌වූ ස්කෝප් විසින් කඩකිරීමට විරුද්‌ධව දැමූ නඩුවය. නඩුකාරයා විත්තියට නොයෙක් භාධා කරමින් විත්තිකරු වැරදිකරු කලත්, සජිත් ප්‍රේමදාස ලියූ හියුමනිසම් හා හියුමනිටේරියනිසම් යන කතා යටපත් කරන්නට බයිබල් කතාවලට නොහැකිවිය.

  1. මළවුන් නැඟිටීම ඉස්ලාම් ආගම ඉපදීමට බොහෝ කලකට පෙර සිටම ක්‍රිස්තියානි ආගමේ පවතින්නේය. එහෙත් කාදිනල්තුමා සඳහන් කලේ ක්‍රිස්තියානි කොරෝනා මළමිණි පිච්චීම කල යුතුම බව නොවේද?

තමන්ගේ මියගිය ලඟ ජාතීන්ගේ (අම්මා/තාත්තා/දරුවා/ස්වාමියා/භාර්‌යාව) මිණී අළු විසිතුරු භාජනයක දමා නිදන කාමරයේම හෝ සාලයේ හෝ තබා ගැනීම ඇමෙරිකාවේ මා දැක ඇති දෙයකි. සමහරු ඒ අළු, ලෝහ ලොකට් එකකට දමා සීල්කර, මාලයක් ලෙස කරේ පළඳී! ලංකාවේ නම් හිස් ඉඩමකට පවා මිණී අළු දැම්මොත් ඒ ඉඩමට මූදේවි (මූසල වෙනවා) ගසනවා යයි සැළකේ.

එසේ වුවත් මිණියක් තමන්ගේ ගෙදරට ගෙනයාම ඇමෙරිකාවේ තහනම් ය. මියගිය තමන්ගේ ආච්චිගේ මිණිය කරෝල වගේ වියලිව තබාගෙන වාර්ෂිකව එය එලියට ගෙන සරසා ගෙන යන සමාජයක් පෙන්වන නැෂනල් ජෝග්‍රෆික් විඩීයෝවක් මා දැක ඇත.

  1. මිණිය කපා කෙටීම, ජීවත්‌ව සිටියදී කපා කෙටුවා වැනියයි සිතීමට ඕනෑම කෙනෙකුට පුද්ගලික අයිතියක් ඇත. එහෙත් රටේ වැසියාට පොදු අයිතියක්ද ඇත. එය නම් නූතන විද්‍යාවට අනුව (වෙන මොනවා නැතත් මිනිහෙක් හඳට ගියේ විද්‍යාව නිසාය) කල යුතු දෙය හා පුද්ගලයාට ඕනෑ දේ අතර ගැටුමක් තිබේ නම් පුද්ගලයා පරාජයට අකුලා ගත යුතුය යන්නය. ජනාධිපතිගේ මිත්‍රයා වුනත් අලි සබ්‍රිටත් එය එසේමය. 1950-60 ගණන් වල මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් ඒ කාලයේ පහල කුලවල ජනයා ගෙන් කෝවිල් අපිරිසිදුවීම වලක්වන්නට ගිය විට, කලින් ඔහුගේ ශිෂ්‍යයෙක්‌වූ දෙමළ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් ඔහුව බලය යොදා නතර කලේය.
  2. දැන් අළුත් ප්‍රවෘතිය නම් මුහුදු මහා විහාරයේ ඉඩම් මංකොල්ලය ආපසු හැරවීමට එහි නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමය. සෙනරත් පරණවිතාණ යුගයේ අක්කර 77, 1965 වන විට 30 අඩුවී, 2020 වනවිට අක්කර 4 කටත් අඩුවිය. දැන් එය 30 දක්වා නැවත ලබාගෙන ඉදිරියේ ඉතිරි 47 ත් ක්‍රමයෙන් නැවත ලබාගන්නවා යයි විශ්වාස කල හැකිය. නැඟෙනහිර ආණ්ඩුකාරවරිය මෙහිලා මූලික වූවා යයි සිතමි. රිෂාද් බදියුද්දීන්ගේ මාළිගාව යළි පන්සලේ ඉඩමක් වනු ඇසීම මොනතරම් සතුටට කරුණක්ද? සිංහල දේශපාලකයින් හා දෙමළ නිලධාරීන් එක්ව කරණ බෞද්‌ධ නටබුන් විනාශය නතර කිරීම සජිත්ගේ බුද්‌ධාගමේ <බ්ලෙස්ඩ් ප්‍රින්සිපල්ස්> වලට පටහැනිද? එයට අමතරව දීඝවාපී ඉඩම්ද බේරා ගැනීමට යනවා යයි වාර්‌තා විය. මෙය සමානකල හැක්කේ, උඩරට උස් කඳු නිවාස සඳහා වතුකරයේ දෙමළ ජනයාට බෙදාදීම සමඟය. එය කරන්නේද සිංහල දේශපාලකයින්‌ය. මහවැලි, කළණි, වලවේ, කළු ගංඟාවල අබසරණයි (හදබිම සංකල්පය-සුදත් ගුණසේකර).

පුරා වස්තු කඩා ගෙනගොස් වැසිකිළි ගල් ලෙස යොදා ගැනීම මොන මානව අයිතිවාසිකමක්ද?

වැළලූ මිණියක ඇට දිරන්නට යන කාලය හා මළවුන් නැඟිටීම

මෙහිදී සජිත්ගේ “හියුමනිසම්” අනුව සිතන විට මතුවන ප්‍රශ්ණයක් නම් ඇට සැකිල්ලක් පොලොවට පස් වීමට කෙතරම් කාලයක් ගතවනවාද යන්නය. මළවුන්ගේ නැවත ඉපදීමට ඇට සැකිල්ලක් අවශ්‍යද යන කරුණ ගැන මම නොදනිමි. එහෙත් එය පොලොවට පස්වෙනවා නම්, ඒ වෙනුවට මිණී අළු තබාගැනීම වඩාත් ගැලපෙන්නේ නැද්ද? බොහෝ සොරැස්ට්‍රියන් පාර්සි වරු තවමත් “මිණී අහසේ වැළළීම” කරයි. බොම්බාය වැනි නගරයක නම් උස් කුළුණකට ගෙන ගොස් දමන මිණිය අව්වට වේලී හා කුරුල්ලන් මස් කා දමයි. මා අසා ඇත්තේ ඇට පමණක් ඉතුරුවූ විට නෑදෑයින් ගොස් ඒවා එකතුකර කුඩුකර පසට දමනවා යනුය. එය සත්‍යයක් දැයි මම නොදනිමි.

විද්‍යාවේ දියුණුව ඉදිරියේ සමහර රටවල කරණ දෙයක් නම් අනාගතයේ නැවත පණ ගත හැකිවන ආකාරයට මිණිය ඉතා අධික ශීතකරණයක තැබීමය. මෙය දැන් ධනවත් ලෝකයේ සරු වානිජ ව්‍යාපාරයකි. විද්‍යාව විසින් ශරීර අවයව, හෘදය, අක්මාව, මොළය යනාදියට අදාල ගැටළු විසඳා ගනිතැයි යන්න ඔවුන්ගේ බලාපොරොත්තුව හා විශ්වාසයය. මිනිස් ශරීරයක් යනු, පටවි, ආපෝ, තේජෝ, වායු හා අවකාශය (ස්පේස්) යන අංශු පහේ එකතුවක් ලෙස බුද්‌ධාගමේ උගන්වන නිසා මෙම විද්‍යාඥයින්ගේ පර්යේෂණ අන් ආගම් වලට අර්බුදයක් වුවත් බෞද්‌ධයින්ට එහි අවුලක් නැත.

මෙම ලිපිය දිග වැඩිවන නිසා (1) සිංහල දේශපාලකයින් කලින් දෙමළ බෙදුම්වාදය නමැති දදය කැසුවාසේ, මුස්ලිම් දදය කැසීම ගැනත් (2) බුදුදහම මිනිස් ශරීරය සමඟ විහිළු තහළු නොකිරීම ගැනත් පසුව ලියමි. කොරෝනාව වෙස්වලාගත් භාග්‍යයක් සේ සළකා ජනාධිපති ගෝඨාභයට සහාය වී බෞද්‌ධ රාජ්‍යපාලන තන්ත්‍රයක් පිහිටුවා ගැනීමට වචනයෙන්වත් උදව් නොකර, රට මකබෑ වුණත් තමන්ට අහිමිකරගත් පාලන බලය කෙසේ හෝ ලබාගන්නට සිතා සජිත්-රංජිත් මද්දුමබණ්ඩාර යනාදී කුහකයින්ට ලීක්වාන්ලා කලේ කුමක්ද? රතන සූත්‍රය රට පුරා දේශනාකරණ ලෙස කාදිනල්තුමා කල ඉල්ලීමෙන් වත් සජිත් ඇතුළු යහපාලනකාරයින් පාඩමක් ඉගෙන නොගන්නේ ලංකාවේ පරණ පව කටද?

Related posts

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් පොලිස් අත්අඩංගුවට

colombotoday

“එකම යුධ විරුවා රනිල් වික්‍රමසිංහයි.. ඔහුගේ නම මහාවංශයෙත් ලිවිය යුතුයි“ – වික්‍රමබාහු

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday

ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ තීරණයක්

colombotoday