World

පක්ෂග්‍රාහී අල් ජසිරා කාර්යාලය ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් සමතලා කර දමයි.

ගාසා තීරයේ අල් ජසීරා සහ වෙනත් මාධ්‍යවල කාර්යාල පවත්වාගෙන ගිය තට්ටු 12 ක ගොඩනැගිල්ලක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සම්පුර්ණයෙන්ම විනාශ විය.

ප්‍රහාරයට පැයකට පමණ පෙර ගොඩනැගිල්ලෙන් ඉවත් කරන ලෙස අල් ජසිරා කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා දීමට ඊශ්‍රායලය කටයුතු කර ඇත.

ඊශ්‍රායල ගුවන් හමුදාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල හමාස් හමුදා බුද්ධි අංශ සතු ගොඩනැගිල්ලක් බවයි.

ප්‍රහාරයට පෙර ගොඩනැගිල්ලේ රැඳී සිටින සිවිල් වැසියන්ට ඉන් ඉවත් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් බව ඊශ්‍රායල ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.

Related posts

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

Admin

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin

ඇෆ්ඝනිස්තාන විනිසුරුවරියන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

colombotoday

බ්‍රසීලයේ අනතුරකින් ජීවිත 25ක් අහිමි වෙයි

Admin

පැය 12ක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් මිය ගිහින්

Admin

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday