Colombo Today Local Newsfeatured

සහරාන් ගේ ගිවිසුම්වලට එකඟ වූ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම ඉලක්ක කරගත් සංවිධාන අනුර කුමාරගේ සන්ධානයට එකතු වෙලා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත බොදු බල සේනා සංවිධානයෙන් විවෘත ලිපියක් යවා තිබෙනවා…

2021/10/02

2021 සැප්තැම්බර් 20 හෝ ඊට අසන්න දිනයක දී පාස්කු ප්‍රහාරය සහ ජාතිවාදය පිළිබඳව සිදුකල ප්‍රකාශය පිළිබඳවයි.

තරුණ තරුණියන් හැට දහසකට අදික ප්‍රමාණයක ජීවිත බිල්ලට ගමින් ඔවුන්ගේ ලේ මතින් දේශපාලනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කට උල් කර යලි මේ රටේ ලේ දකින්න ආසා නැති බව පැවසීම අප අගය කර සිටිමු. ඔහු විසින් ජවිපෙ ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදය යලි ගොඩ නැගීමට තමන් අදහස් නොකරන බව වක්‍රව හෝ පැවසීම සතුටට කරුණකි.

නමුත් ලේ මතින් ගොඩ නැගුනු ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉස්ලාම් අන්තවාදීන් ආරක්ෂා කරමින් ඔවුන්ට ගොඩනැගෙන්න අවස්ථාව ලබා දුන් සහ ලබා දෙන ආකාරය පිළිබඳව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සාක්ෂි සහිතව අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත. ඔහු ඒ පිළිබඳව වචනයක් හෝ කතා නොකොට තමන්ගේ සට්ටැබියන් ලවා සමාජ මාධ්‍ය තුල මඩ ව්‍යාපාර දියත් කරමින් සිටියි.

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ අතීත ම්ලේච්චත්වය ගැන මේ රටේ සියලු දෙනා හොඳින් දනී. එම පක්ෂය සහ නායකයින් 2019 පාස්කු ප්‍රහාරයට ද වගකිව යුතුව ඇත. ඊබ්‍රහිම් ත්‍රස්ත පවුලට දේශපාලනිකව රැකවරණය දී ඉස්ලාම් අන්තවාදී අනතුර පෙන්වා දෙන ජාතික සංවිධාන ඉලක්ක කර මඩ ව්‍යාපාර දියත් කරමින් ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට ඉතා විශාල ලෙස උපකාර කිරීමට අනුර කුමාර සහ ඔහුගේ ගෝලයෝ එකල ද ක්‍රියා කරන ලදි.

ඊබ්‍රහිම් 2015 ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටීම පිළිබඳව ප්‍රශ්න කල විට පක්ෂය නොදැනුවත්ව එය සිදුවූ බව එම පක්ෂයේ නායකයන් පැවසීය. රටේ ඉන්න හැම කෙනාගේ කුණු හොයන ජවිපෙට තමන්ගේ ජාතික ලයිස්තුවේ ත්‍රස්තවාදීන් සිටීම ගැන සොයන්න බැරි වුනා ද? නැත්නම් මහ ලොකුවට සමාජවාදය කරපින්නාගෙන තරු පහේ ජීවිත ගත කරන්න ත්‍රස්තවාදීන්ගෙන් හෝ මුදල් ලබා ගැනීමේ මුග්ධ චේතනාවෙන් ක්‍රියා කලා ද?

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුයේ ත්‍රස්තවාදී ඊබ්‍රහිම් පවුල පමණක්ම නොවන කාරණය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අවස්ථා කිහිපයකදී පෙන්වා දී ඇත. ඒවා ගැන කතා නොකර අනුර කුමාර මග හරින්නේ ඇයි ද යන ප්‍රශ්නය ඇත. ජවිපෙ මුලිකත්වය ගෙන ගොඩනැගුනු ජාතික ජන බලවේගයේ ඉස්ලාම් අන්තවාදීන් රොත්තක්ම සිටියි. ඔවුන්ට රැකවරණය දෙමින් අන්තවාදීන්ගේ උවමනාව යලි අනුර කුමාර දිසානායක ඇතුළු ඔහුගේ ගෝලයන් ක්‍රියාත්මක වෙමින් සිටියි.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සමග 2021 ජූලි 7 දින සාකච්ඡාවකට එක්වෙමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ටී.කේ අසූර් මෙලෙස සඳහන් කර ඇත.

“who are they to come and mess around with shariah law. this is our law . whatever they do finally doesn’t matter. we must tell them where we stand and where they stand. and we must tell them that cabinet is not an institution that can legislate for us. they are messing everywhere and …we should not allow them to mess up also….this is the attitude we must take”

(“ෂරියා නීතිය අවුල් කිරීමට ඔවුන් කවුද? මෙය අපේ නීතියයි. අවසානයේ ඔවුන් කුමක් කළත් කමක් නැත. අපි ඔවුන්ට කිව යුතුයි අපි සිටින්නේ කොතැනද සහ ඔවුන් සිටින්නේ කොතැනද කියා. කැබිනට් මණ්ඩලය අපට නීති සම්පාදනය කළ හැකි ආයතනයක් නොවන බව අපි ඔවුන්ට කිව යුතුයි. ඔවුන් හැම තැනම අවුල් කරමින් සිටින්නේ… ඔවුන්ට අපිව අවුල් කිරීමට ඉඩ නොතැබිය යුතු ය… මෙය අප ගත යුතු ආකල්පයයි”)

මෙවැනි අදහස් දරන්නන් සුරතලයට තබාගෙන සිංහල ජාතික සංවිධාන සහ නායකයින් මර්ධනය කිරීමට, මඩ ප්‍රහාර එල්ල කිරීමට අනුර කුමාර ක්‍රියා කරන්නේ තමන්ගේ කල්ලතෝනිභාවය හේතුවෙන් හෝ එසේ නොවේනම් අන්තවාදීන් විසින් ලබාදෙන මුදලට ගිජු වී වන්නට ඇතැයි යන සැකය මතු වේ.

පාස්කු ප්‍රහාරය සිදුවී මාස 3ක් වත් ඉක්ම යන්නට මත්තෙන්, 2019 ජූලි 13 සෙනසුරාදා (13) දින ජනතා විමුක්ති පෙරමුණ විසින් අන්තවාදී මත දරන ඉහ්වාන් මුස්ලිම් කණ්ඩායමක් වන යහපාලනය උදෙසා වූ ජාතික පෙරමුණ සහ ජමාතේ ඉස්ලාමි යන මුස්ලිම් සංවිධාන දෙක ඇතුළු පාර්ශව 29 ක් එකතු කරගෙන “ජාතික ජන බලවේගය” ආරම්භ කරන ලද අතර සමාරම්භක උත්සවයේදී, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලේකම් වන එම්.එස්.එම් ෆාරිස් සභාව අමතමින් කතාවක් ද සිදු කරන ලදි.

ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවූ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජමාතේ ඉස්ලාම් සංවිධානය හඳුන්වා ඇත්තේ “මුස්ලිම්වරුන් රැඩිකල් කිරීමට උත්සහ දරණ ජිහාඩ් ව්‍යාපාරයකි. මෙම කණ්ඩායම සතුව සැලකිය යුතු ගිනි අවි ප්‍රමාණයක් ඇති බවට සාක්ෂි ඇති අතර අභ්‍යන්තර ව අවතැන් කඳවුරුවලින් තෝරාගත් මුස්ලිම් තරුණයින් 150කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පුහුණුව ලබාදී ඇත. ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම්වලදී ශ්‍රී ලංකා ජාමතේ ඉස්ලාම් සංවිධානය බුද්ධිමය ප්‍රවේශය හරහා වඩාත් උගත් මධ්‍යම පංතියේ මුස්ලිම්වරුන් අතර වැඩි ආකර්ශනයක් ජනිත කර තිබේ.” යනුවෙනි. සමාජවාදය ගොඩ නැගීම සඳහා ත්‍රස්තවාදය තෝරා ගත් ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ත්‍රස්තවාදී කල්ලි සමග අත්වැල් බැඳගෙන සිටින්නේ දෙපිරිස එකතුවී යලිත් මේ රට ලේ විලක් කිරීමට දැයි යන සැකය මේ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට සිතෙන කාරණයකි.

ජමාතේ ඉස්ලාම් නිළ සඟරාව වන අල් හස්නාත් හී “මරාගෙන මැරෙන ප්‍රහාරයක් යනු ජිහාඩ් හී ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්” යනුවෙන් පළකර ඇත. සහරාන් ඇතුළු කල්ලියට මරාගෙන මැරීම සඳහා අවශ්‍ය මතවාදය නිර්මාණය කර දී ඇත්තේ අනුර කුමාරගේ සන්ධානයේ සිටින සගයන් විසින් බව ඔහුට අප මතක් කර දීමට කැමැත්තෙමු.

ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවූ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ.

“යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ” නැමති පක්ෂයේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ මෙලෙස සඳහන් කර ඇත.

“2015 අප්‍රේල් 15 වන දින එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා අනුග්‍රහයෙන් කාන්තන්කුඩි මුස්ලිම් කෞතුකාගාරයක් විවෘත කරන ලදි. ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව මෙම සංවර්ධනය ගැන සතුටු වුවද, කෞතුකාගාරයේ ප්‍රතිමා හා සිහිවටන ඉස්ලාමයට පටහැනි බැවින් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සහ ජාතික තවුහිඩ් ජමාත් වැනි සංවිධාන ඊට විරුද්ධ විය.”

එමෙන්ම 2015 මහා මැතිවරණයට ඉදිරිපත්වන දේශපාලන පක්ෂවලට සහරාන් ප්‍රමුඛ ජාතික තවුහිඩ් ජමාත් විසින් ලබා දුන් කොන්දේසිවලට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අබ්දුල් රහුමාන් එකඟ වී ඇත.

මන්ත්‍රී තුමනි,

ඔබ මේ ජාතික සංවිධානවලට සහ නායක හිමිවරුන්ට පහර දෙමින් සිටින්නේ සහරාන් ගේ ගිවිසුම්වලට පවා එකඟ වූ NFGG සහ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම තම දීර්ඝ කාලීන ඉලක්කය බවට පත්කරගත් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ කීමට ද?

ඔවුන් සමග සන්ධාන ගතවී ඔබ මේ කරන්නේ ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමක් බව ඔබගේ මොලයට නොවැටහෙන්නේ මන්ද? ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට ඔබ මේ සහයෝගය දෙමින් සිටින්නේ මෙරට ජනතාවත් සමග තිබෙන කුමණ වෛරයකට ද?

ඉස්ලාම් අන්තවාදය දේශපාලනික කාරණයක් මෙන් ගෙන අදහස් දැක්වීම සහ ක්‍රියා කිරීම රටේ හෙට දවසට යහපත් නොවන දෙයකි. ඉස්ලාම් අන්තවාදය පිළිබඳව අප මතුකරන කරනා පිළිබඳව ඔබට යම් ගැටළුවක් තිබේනම් ඒ පිළිබඳව සංවාද කිරීම සඳහා ඔබටත් ඔබගේ ජාතික ජන බලවේගය සන්ධානයේ සිටින අන්තවාදීන්ටත් ප්‍රසිද්ධ සංවාදයකට අප අභියෝග කර සිටිමු.

තෙරුවන් සරණයි…!!!

බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58ක් අත්අඩංගුවට

Admin

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

colombotoday

“රණවිරුවන්ට වින කරන අතුරුදන් පනත බල රහිත කරන්න” – ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday

සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කරලා – හිටපු හමුදාපති

colombotoday

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday