Colombo Today Local News

ඒකාධිපති කියන ව්‍යවස්ථාව ප්‍රේමදාස, චන්ද්‍රකා, සිරිසේනට හොඳ වුණා නම් ජනාධිපති ගෝඨාභයට හොද නැත්තේ ඇයි?

ඒකාධිපති කියන ව්‍යවස්ථාව ප්‍රේමදාස, චන්ද්‍රකා, සිරිසේනට හොඳ වුණා නම් වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හොද නැත්තේ ඇයිදැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රශ්න කර සිටියි.

“20වෙනි සංශෝධනයට බොරුවට කෑ ගහනවා. දැන් ඉතින් ඕකට දානවා විගණනය කරන්නේ නෑ. අරව කරන්නේ නෑ. ඒකාධිපතියෙක් රට පාලනය කරන්න පත් කරගන්න හදනවා. දැන් ඔය ඒකාධිපතියෙක් පත් කර ගන්නවා කියලා. දැන් ඔය ජනාධිපති ක්‍රමයට ප්‍රේමදාස මහත්තයාගේ තාත්තාත් පාලනය කෙරුවා. චන්ද්‍රිකාත් පාලනය කෙරුවා. සිරිසේන පාලනය කෙරුවා. සිරිසේනගෙන් බලතල ගැලෙව්වා. ජේ.ආර් පාලනය කෙරුවා. මහින්ද මහත්යා පාලනය කලා. යුද්දෙත් දිණුවා. ගෝඨාභයට ඇයි නරක. ඡන්දෙන් පත් වුණ ජනාධිපතිතුමා. පණ නැති නායකයන් නෙමෙයි පත් කෙරුවේ. පඹයෙක් නෙමෙයිනේ පත් කෙරුවේ. හයිය තියෙන නියම නායකයෙක් මේ පත් කෙරුවේ. ඔහුට අවශ්‍ය බලය දෙන්න ඕනි රට හදන්න. එකෙන් ඒකාධිපතියකු වෙන්නේ නෑ.”

“මේ බිල්ලෙක් මවනවා 2015දීත් 2020දීත් නිර්මාණය කරා හොරා කියන බිල්ලව. රටක් වටින ජාතියක් වටින රටයි ජාතියයි රැක්ක මහින්ද මහත්තයාට අපහාස කරල ගියේ හොරා හොරා හොරා කියලා. අන්තිමට ඒ ඔක්කොම බොරු වුණා. නඩු දැම්මා හදලා හදලා හදලා. සාක්කි හැදුවා. නඩු හැදුවේ දිසානායකලා, රනිල්ලා, ප්‍රේමදාසලා, චම්පිකලා. ඔක්කොම එකට රිංගගෙන අරලියගහ මන්දිරයේ ඉදන්. රෝහණ විජේවීර පණ පිටින් දැම්මෙ බොරැල්ලෙ කනත්ත ආදාහනාගාරයට. තමන්ගේ නායකයව එහෙමයි මැරුවේ. අනුර දිසානායක ලැජ්ජාව නැතිව ගිහින් UNP එකත් එක්ක හිටගත්තා. UNP එකත් එක්ක හිටගෙන ගිහිල්ලා රට ජාතිය බේරගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයාට ගැහුවා. මට නඩු එකොළහයි. තව තියෙනවා හතරක්. ඊයේ පෙරේදාත් මම එක නඩුවකින් නිදහස් වුණා. තාම ගිහිල්ලා බංකුවේ වාඩිවෙලා ඉන්නවා. ඒ යහපාලන ආණ්ඩුව අපට දෙන්න පුළුවන් දසවධ ඔක්කොම දුන්න අපිට. එහෙම තමයි ආණ්ඩු කෙරුවෙ. පාරක් හදන්න ඇස් කන් ඇරලා බැලුවෙ නෑ. බස් එකක් දාන්න බැලුවේ නෑ. අඩු ගානේ මහින්ද මහත්තයා (i රෝඩ්) එකෙන් කාපට් පාරවල් දාලා දුන්නා. ඒකට රෝද හයේ බස් එකක්  දෙන්න යහපාලනයට බැරි වුණා. මේකනෙ ඇත්ත කතාව, නේද? මොන තරම් නොහැකියාවක් ද? රටක මිනිස්සු ඡන්දේ ගත්තහම වැඩ කරන්න ඕනේ. මේ ආණ්ඩු මිනිස්සු කාලෙන් කාලෙට වෙනස් කරනවා. වැඩේ නොකරපු හින්ද නේ වෙනස් කෙරුවේ. අපිටත් ඒ ටික තමයි වෙන්නේ. වැඩ කරේ නැත්තම්. වෙනස් කරනවා. ඒ හින්ද අපේ අය දැන් හැටට හැටේ දාගෙන වැඩ. ආයෙ ගෝඨාභය මහත්තයත් එහෙමනේ. ආයෙ බේරෙන්න හම්බවෙන්නේ නැහැ වැඩ කරේ නැත්නම්. ඒ හින්දා ඇමතිවරු ටික දැන් හොදට දුවනවා. වෙනදාටත් වැඩිය හොදට වැඩ. ඇමතිවරු දැන් හොඳට දුවනවා.”

“දැන් දූෂණ කොමිෂන් හදපු අය, දූෂණ කොමිෂන් වල වාඩිවෙච්ච අය, අරලියගහ මන්දිරය පිටුපස්සේ දොරෙන් නෙවෙයි  ඉස්සරහා දොරෙන් ගිය අනුර දිසානායකලා වගේ අය අද කොමිෂන් ගැන කරන ප්‍රකාශ බැලුවාම හරි හාස්‍යජනකයි. ඔවුන් එදා මොනවද කිව්වේ. ඔවුන් නඩු දාන්ඩ ඕන කිව්වා. ඔවුන් නඩු දැම්මා. රිමාන්ඩ් කරන එක නඩුකාරතුමා ප්‍රකාශ කරන්න කලින් ඔවුන් කිව්වා අහවල් දවසේ රිමාන්ඩ් කරනවා කියලා. සති දෙකකට රිමාන්ඩ් කරනවා කිව්වා මාසෙකට රිමාන්ඩ් කරනවා කිව්වා. ඔවුන් තමයි නීතිය අතට අරගෙන තිබුණේ. නීතිය වල් වැදිලා තිබුනේ ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා දාපු නඩු ඔක්කොම දැම්ම බොරු නඩු. මහින්ද රාජපක්ෂ මහත්තයට එදා පහර දුන්නේ සම්පූර්ණ බොරු විදිහට. බොරු නිර්මාණය කළා. බිල්ලො මැව්වා. රාජපක්ෂ පවුල හොරු කිව්වා. කමිෂන් ගහනවා කිව්වා, හෝටල් තියෙනවා කිව්වා, ඉඩම් අරගෙන තියෙනවා කිව්වා. ඒකාධිපතියො කිව්වා. මිනිමරුවො කිව්වා. සුදු වෑන් දාලා මිනිස්සු උස්සනවා කිව්වා. ඒ හැම දෙයක්ම අද වෙද්දි බොරු වෙලා. ඒක තමයි යථාර්ථය. ඒ දාල තියෙන හැම නඩුවක්ම සම්පූර්ණ බොරු නඩු තමයි මුන් දාල තියෙන්නේ. බොරු පැමිණිලි නාට්‍යයක් වගේ හදලා  තමයි දාල තියෙන්නේ රටේ ජනතාව මුලා කරන්න.”

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ පොල්ගහවෙල ප්‍රදේශයේ පැවැති උත්සවයක අදහස් දක්වමිනි.

Related posts

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

ඉන්දීය කොරෝනා රෝගීන් දහස් ගණනක් ලංකාවට පනින්න බලන් රාමේෂ්වරම් වෙරලේ..

colombotoday

කන්දකාඩුවේ කලහකාරී සිද්ධියට රැදවියන් 201ක් රිමාන්ඩ් – රැඳවූවන් 30ක් තවමත් අතුරුදන්

Admin

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

colombotoday

නුවරඑළිය මහ නගර සභා නාගරික මන්ත්‍රිගේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිනි තියලා

colombotoday

“දඩාවතේ යන සුනඛයන් රටට බරක්.. ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ඕන” – ඇමති හැරිසන්

colombotoday