Colombo Today Local News

දර්ගා නගරයේ තාරික්ට පහරදීමක් සිදුවී නෑ. සිදුව ඇත්තේ මෙල්ලකර ගැනීමක්. නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්.

අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති නමුත් පහරදීමක් සිදුකර ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටියි.

අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි මාර්ග බාධකයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ දුන් ළමයාගේ පියාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අවුරුදු 16 ක් වූ ළමයාව කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කොට ඇති බවත් මේ දක්වා එම වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එම දිසාව භාර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ එම සිදුවීම වූ අවස්ථාවේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් වෙතින් යම් රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇත්ද යන්න සොයා බැලීමට අභ්‍යන්තර විමර්ෂණයක් සිදු කර ඇති අතර රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත එම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කොට ඇත.

Related posts

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday

එල්.ටී.ටී.ඊ බෝම්බ බියෙන් ජනපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රට හැර ගියා.. අවසන් සති දෙකේ යුද්ධය කළේ මමයි – ජනපතිගෙන් අලුත් හෙළිදරව්වක්

colombotoday

ඉන්දියාවට 70% යි.. ලංකාවට 30% යි.. මත්තල ඉන්දියාව සමග හවුලේ කරගෙන යන්න එකගවුණා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

colombotoday

‘ජනාධිපතිවරයා අගමැතිවරයා පොහොට්ටු ආණ්ඩුවේ ජන වරම අවසන්. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න.’

colombotoday

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

colombotoday