Colombo Today Local News

කොරෝනා මළ සිරුර තබාගැනීමෙන් කරාපිටිය රෝහලේ අවදානමක්. පොලිසිය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරලා. සේවකයින් නොසන්සුන්

ගාල්ල දේද්දුගොඩ පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ නිරෝධායන නීතිවලට අනුකුලව සිදු නොකර කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට තැබීම නිසා අධිකරණ වෛද්‍යවරුන් මෙන්ම එහි සේවකයන් දැඩි නොසන්සුන්තාවට පත්ව සිටින බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

මෙම තත්ත්වය නිසා රෝහලේ අධිකරණ වෛද්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමක් පවතින බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මෘතදේහය නිරෝධායන නීති යටතේ ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ නියෝග කළද පොලිසිය එය ක්‍රියාත්මක නොකොට අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධවද අධිකරණ වෛද්‍යවරුන්ගේ හා එහි සේවකයන්ගේ විරෝධය පළවී ඇත. පොලිසිය නිරෝධායන නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවද අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

කොරෝනා ආසාදිතයන්ගේ මෘතදේහ තබා ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිශීතකරණ පහසුකම් නොමැති බවද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මේ පිළිබඳ අප කළ විමසුමකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු අප සමග මෙසේ කීවේය.

‘‘මෙකී පුද්ගලයා මියගොස් පැය 48කට පසු ලබාගත් සාම්පල් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළා. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු යැයි තහවුරු වුණා. හදිසි මරණ පරීක්ෂකවරයා නිරෝධායන පනත යටතේ මෙම මෘත දේහය ආදාහනය කරන ලෙස නියෝග කළා. නමුත් පොලිසිය කළේ එම නියෝගය ක්‍රියාත්මක නොකර මියගිය අයගේ ඥාතීන් සමග අධිකරණයට ගිය එකයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් අවසාන වතාවට නිකුත් කළ දෙසැම්බර් 03 සංශෝධිත චක්‍රලේඛය අනුව මියගියේ කොවිඩ් ආසාදිතයකු නම් අනිවාර්‌යෙන්ම ආදාහනය කරන්න කියලා ලිඛිතව දැනුම් දී තියෙනවා. අධිකරණ වෛද්‍යවරු හා හදිසි මරණ පරීක්ෂකවරයා කටයුතු කරලා තියෙන්නේ ඒ චක්‍රලේඛය අනුව.

පොලිසිය අධිකරණයට ගියාට මේ ගැන මරණ පරීක්ෂකවරයා දැනුවත් කරලා නැහැ. කොවිඩ් මෘතදේහ පමණක් තැන්පත් කරන්න අපිට වෙනම අධිශීතකරණ නැහැ. රෝහලේ 10 දෙනෙකු පමණ දිනකට මිය යනවා. සාමාන්‍ය මෘතදේහ තැන්පත් කරන අධි ශීතකරණ තියෙනවා. කොරෝනා මරණ එවායේ තැන්පත් කරන්න බැහැ. කොවිඩ් මෘතදේහයක් අධිශීතකරණය තුළ තැන්පත් කරලා තියෙන විට සති දෙකක් යනකම් වයිරසය නොමැරී තියෙනවා. මෙකී මෘත දේහය කඩිනමින් ඉවත් කළ යුතුයි. නැතිනම් ඉදිරියේ දි අධිකරණ වෛද්‍ය පද්ධතිය කඩාවැටීමේ පමණක් නෙවෙයි අධිකරණ වෛද්‍ය අංශයේ සේවකයන් විරෝධතාවකට යන්න පවා ඉඩ තියෙනවා.’’

කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මරණය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි කටයුතු කරන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ නියෝග කළාය.

ආදාහනය කරන්නේ නම් ඥාතීන් සිරුර භාර නොගන්නා බවත්, භූමදානය කරන්නට අවසර දෙනවා නම් පමණක් එය භාරගන්නා බවත් පවසමින් මියගිය අයගේ පුතෙකු මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කොට තිබිණි.

Related posts

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday

රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට එවන්න. | වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.

colombotoday

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

colombotoday

පරිසර රාජ්‍ය ඇමති අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Admin

බදියුදීන් හරි, ඔහුට චෝදනා කිරීම වැරදියි – ජෝන්, කිරිඇල්ල බදියුදීන් වෙනුවෙන් හිටගනී…

colombotoday