Colombo Today Local News

කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ කසිප්පු පෙරලා

හොරණ, ගෝනපොළ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරන බවට ලද තොරතුරක් අනුව වැටලීමේදී නිවසේ වහලේ තනන ලද රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනුණු අතර එම රහස් කාමරය තුළ තිබී නීති විරෝධී මත්පැන් ස්ප්‍රිතු මිලිලීටර් 33750 ක්,බැරල් තුනක බහා තිබූ මිලිලීටර් 53000 ක්, සිලින්ඩරයක් දඟරයක් හා ගෑස් ලිපක් ආදී උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පිටත සිට බලන පුද්ගලයකුට කිසිදු ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි රහස් කාමරය නිවසේ වහලය මත තනා මෙම ජාවාරම වසර එක හමාරක කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙන්ම වාහන දහයකට අධික ප්‍රමාණයක හිමිකරුවෙකු බව පොලීසිය කියයි. 38 හැවිරිදි සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

හිටපු ජනපතිනිය රටබීමහලකට ගොඩවෙයි… ඡායාරූප අන්තර්ජාලය කළඹයි !! (Photo)

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල්වරයා ටිපර් රථයට යටකර මරාදමලා

colombotoday

විනිවිද පෙනෙන බෑග් එකක පොත් රැගෙන පාසල් එන්න – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

colombotoday

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

colombotoday