Colombo Today Local News

ශුද්ධ වූ වස්තුන් සියල්ල කෙලෙසා දැමිය යුතුමය – කිර්ති දුනුවිල

I knew my god was a bigger than his.I knew my god was a real god and his was an idol. Because we are Christian nation. Our foundation and our roots are judeo-Christian and the enemy is a guy named Satan ජෙනරාල් විලියම් බෝයිකින් මෙසේ ප්‍රකාශ කර ඇත.
මෙම ජනරාල්වරයා කවුරුන්ද ඔහු ඔසාමා බින්ලාඩන් ජිවග්‍රහණයෙන් අල්ලා ගැනීම සදහා මෙහෙයුම දියත් කරන්න ලද ඇමරිකානු ජනරාල්වරයාය.

රටක් යටත් කරගැනීමේ මුලික අවශ්‍යතාවයක් නම් එකී රටේ ජිවත් වන ජනයාගේ සාමන්‍ය ජන විවිතය වෙනස් කිරීමයි. එහිදී ආගම මුලික වේ. අපගේ රටේ බොහෝ දෙනා බෞද්ධ දර්ශනය අනුගමනය කලද එය ආගමක් ලෙස අදහනු ලැබේ. ඊට මම දකින මුලික හේතුව හින්දු දේව විශ්වාස සමග බුදු දහම පටලවා ගැනීමයි.මීට බෙහෙවින්ම හේතු වුයේ මිත්‍යාදෘෂ්ඨික පාලකයන් ඉන්දීය දේව විශ්වාස රට තුල ස්ථාපනය කිරීමට ක්‍රියා කිරීමයි. ජාතියක් හෝ රටක් යටත් කරගැනීමට නම් එකී රටේ හර පද්දතියට මුලින්ම පහර දිය යුතුය.ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බැදී ඇත්තේ බෞද්ධ දර්ශනයේ මුලයන් සමග වීම අප හොදින් දන්නා කාරණයකි.මේ රටේ යම් වෙනසක් කිරීමට නම් මුලික බුදු දහමට පහර දිය යුතුමය.ශුද්ධ වූ වස්තුන් සියල්ල කෙලෙසා දැමිය යුතුමය.මේ සිදු වෙදුවෙමින් පවතින්නේ එයයි.අද වන විට භික්ෂුන් වහන්සේලා හා සාමනේර හිමිවරුන් ඉතා වේගයෙන් පරිහානිය කරා යොමුවෙමින් තිබේ.භික්ෂුව දේශපාලනය හේතුවෙන් පරාභාවයට ගොස් තිබීම ජනයාගේ භික්ෂුව කෙරෙහි තිබු ගෞරවය කෙලෙසී යාමට මුලික හේතුවක් බවට පත්ව තිබීම අපට දකින්නට ලැබේ.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ලබන අනයාගමිකරණ පුජකයන් දේව දාසයන් බෞද්ධ ජනයා අතරට ගොස් ඔවුන්ගේ අන්තවාදී ධර්මය ප්‍රචාරය කරමින් ආර්ථික අපහසුතා ඇති ජනයා වෙත පිහිට වෙමින් ආගම් ව්‍යාප්ත කරමින් සිටි.පුද්ගලයන් වශයෙන්ද,ජාතීන්හි පුරවැසියන් වශයෙන්ද, ජිවන රටාව,පවුල හා රැකියාව,අපගේ වෙළද කටයුතු හා ගනුදෙනු ,අධ්‍යාපන ක්‍රම ,ආගම් හා සංස්කෘතීන් ආදී සියල්ල එමගින් වෙනස් වනු ඇත.කිසිවෙකුටත් එයින් මිදෙන්නට බැරි වෙයි.

ඇමෙරිකාව සියලු කටයුතු කරන්නේ ඉහත කි නව සැලැස්ම සාර්ථක කර ගැනීම සදහාය.එක දේශයක්,එක ව්‍යවස්ථාවක් හා එක අනාගතයක් වෙනුවෙන් ඇමෙරිකානුවන් බැදී සිටින බවත්, එකට එක්වී ක්‍රියා කරන විට ඇමෙරිකාවේ ශ්‍රේෂ්ටත්වය සිමා ඉක්මවා යන බවත් පවසයි.එයින් අදහස් වන්නේ මුළු ලොවම එක් ආගමක්,එකම සංස්කෘතියක් හා එකම පාලනයක් යටතට ගැනීමයි.ලෝක පාලන සැලැස්ම දියත් කරන විට වෙනත් රටවලින් එල්ල වන අපවාද වලින් ගැලවීම සදහා ඇමෙරිකාව සිත් ඇදගන්නා තේමාවන් යොදා ගනී.

ගෝලීයකරණ, මානව අයිතීන් සුරැකීම,ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,මානුෂිය ආධාර සැපයීම,සංවර්ධන ව්‍යාපෘති,අවබෝධතා ගිවිසුම්,ආරක්ෂාව තහවුරු කිරීම,සාමය උද කිරීම,ත්‍රස්තවාදය පිටු දැකීම, වැනි මාතෘකා ඒ අතර වෙයි.කිසියම් රටක් සදහා සැලසුමක් සකස් කරන විට ඒ රටේ යුධමය හා අර්ථක ශක්තිය,ආගම,සංස්කෘතිය,ස්වභාවික සම්පත්,භූගෝලීය ලක්ෂණ ,ජාත්‍යන්තර සබදකම් වල ස්වභාවය ගැන අවධානය යොමු කෙරෙයි.ඒ සදහා දන්ත රැස් කරන්නේ සි.අයි.ඒ (C .I .A) ඔත්තු සේවාවයි.ඒ ඒ රටවල් වලට මුදල් දී ලබා ගන්නා ව්‍යාපෘති වාර්තා සහ උපාධි බන්ධනද උපකාරී කර ගනියි.සැලසුම් වල මුලික ඉලක්කය වන්නේ ඒ රටේ සම්පත් සුරා කෑම,පාලනය අවුල් කිරීම,පාලකයින් අවනත කරගැනීම හා සමාජ ක්‍රමය වෙනස් කිරීමයි. ඒ සදහා ආගමික,සංස්කෘතික හා පාරිසරික හැර පද්ධතීන් විනාශ කෙරේ.ඒ වෙනුවෙන් දියත් කෙරෙන සියලු මෙහෙයුම් හා එමගින් සිදු වන විපත තේරුම් ගැනීම අමාරුය. අපේ රටේ පක්ෂ විපක්ෂ පාලකයන් සියලු දෙනා මේ මොහොත වන විට මිත්‍යා පසුපස ගමන් කරමින් සිටි කැළණි ගගේ නයි,කාලි පැණි,රතු නූල් සෙල්ලම බුරුතු පිටින් ඉන්දියාවේ කෝවිල් අස්සේ බඩ ගෑම මේ සියල්ල වේගයෙන් ජනයා බුදු දහමින් ඈත් කිරීමට බලපාන බව මේ මෝඩ පාලකයන් අවබෝධ කරගන්නේ නැත.භික්ෂුවද පාලකයාද බුදු දහමින් ඉවත්වී මිත්‍යාව පසුපස යන විට අහිංසක බෞද්ධයා ගැන කවර කතාදැයි කෙනෙකු අසන්නට පුළුවන.දැන් භික්ෂුන් වහන්සේලා බණ දෙසන්නේ සල්ලිකාර උපාසක්ක්ම්මලාටය ඒ බණ අහන්නට දුප්පත් බෞද්ධයන්ට මුදල් නැත.අසපු බෞද්ධයෝ සල්ලි මාර්ගයෙන් නිවන් යන්න උත්සහ කරමින් සිටි.භික්ෂුව කාමබෝගී ජිවිතයකට හුරුවී සිටි.පාලකයා බුදු දහම වෙනුවට මිත්යාවම සරණ කරෙන ඔවුන්ගේ වහලුන්ද ඒ කෙරෙහි ඇද ගනිමින් සිටි.සෝවියට් දේශය බිද,දැමීමටද මෙවන් උපක්‍රම භාවිත කෙරිණි.එය සිදු කලේ නැගෙනහිර යුරෝපයේ සිට විකාශය කෙරුණු විද්යුත් මාධ්‍ය වැඩසටහනක් ඔස්සේ නිදහස් සුරංගනා ලෝකයක් මවා පාමිනි.කියුබානුවන්ගේ මනස වෙනස් කිරීමටද ඇමෙරිකාව එවැනි උපක්‍රම දියත් කෙරේ.ඇමෙරිකානු සංස්කෘතිය ආක්‍රමණය සිදුවන්නේ අප නොසිතන පැත්තකිනි.ඉරාකය විනාශ කලේ ඛනිජ තෙල් සම්පත් සතු කර ගැනීම සදහාය.ඇමෙරිකාව චෝදනා කල පරිදි රසායනික අවි ඉරාකයේ නොතිබිණි.සදාම් මරා දැම්මේ හජ් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදීය. ඉරාකයේ කෞතුකාගාර විනාශ කරමින් ජන ජීවිතය අදාල කලේද ඇමෙරිකාවය.

කිර්ති දුනුවිල
ජාතික සංවිධායක
ජාතික නිදහස සදහා වූ පුරවැසි බලවේගය

Related posts

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

Admin

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

colombotoday

කොළඹට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබාදීම යුද හමුදාව අත්හිටුවයි

colombotoday

රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම ගැන මානව හිමිකම් වාර්තාව භාරදෙයි

Admin

මන්ත්‍රීවරුන්ගේ වාහන වලට පොලිසියෙන් අත් පිට මුදලට ඉන්ධන

colombotoday

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday