Colombo Today Local News

භූමිතෙල් සහනාධාරයෙන් රජයට දෛනිකව ලක්ෂ 57ක පාඩුවක් !

ධීවර ජනතාව සහ අඩු ආදායම්ලාභීන් පිළිබඳ සලකා බලා භූමිතෙල් මිල රු 70ක් දක්වා අඩු කිරීමට තීරණය කළද එම සහනය අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පසුබට නොවන බව ආණ්ඩුව අවධාරණය කරයි. මේ සඳහා පාරිභෝගික අධිකාරිය, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට නියමිතය.

රජය සහනාධාරයක් ලෙස අඩු මිලට ලබා දෙන භූමිතෙල් බස් රථ සහ ලෝරි රථ සඳහා යොදාගැනීම නිසා වාර්ෂිකව රජයට විශාල පාඩුවක් දැරීමට සිදුව තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව ලොරි හා බස් හිමියන් ඩීසල් වෙනුවට භූමිතෙල් පරිභෝජනය කිරීම නිසා 2017 මුල් මාස 4ට සාපේක්ෂව 2018 මුල් මාස 4 තුළ භූමිතෙල් පරිභෝජනය 41%කින් ඉහළ ගොස් තිබේ. එම මාස 4 තුළ මසකට රුපියල් බිලියනය බැගින් රජයට පාඩුවක් සිදු වී ඇත.

ඒ වන විට දෛනික භූමිතෙල් පරිභෝජනය මෙ.ටො 600කි. මිල වැඩ කිරීමෙන් පසු දෛනික පරිභෝජනය මෙ.ටො 150 දක්වා අඩු වී ඇත. නැවත වරක් භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කළ පසු එක් ලීටරයකින් රජයට ඇති පාඩුව රුපියල් 30ක් වන අතර නැවතත් පරිභෝජනය ඉහළ යාම සිදුවෙයි.

භූමිතෙල් දෛනික පරිභෝජනය අනුව මෙ.ටො එකක් සඳහා අවශ්‍ය ලීටර් ප්‍රමාණය 1270කි. දෛනික පරිභෝජනය මෙ.ටො.150ක් වෙයි. ලීටරයකට පාඩුව රුපියල් 30 ක් වන අතර දෛනිකව රුපියල් පනස් හත් ලක්ෂ පහළොස්දහසක (1270 x 150 x 30 =රු.5,715,000.00) අලාභයක් රජයට දැරීමට සිදුවන බවයි සංඛ්‍යාත්මක ගණනය වී ඇත්තේ.

භූමිතෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය ලෙස සටහන වන්නේ රුපියල් 100කි. මෙවන් පසුබිමක් යටතේ සහනාධාරය අවභාවිත වීම තුළ තවදුරටත් අලාභය ඉහළ යාම සිදුවන බව පෙනෙන්නට ඇති කාරණයකි. එවන් තත්ත්වයක් තුළ නැවත සිදුවිය හැක්කේ මිල ඉහළ යාමය. එය නැවත වරක් බලපාන්නේ ප්‍රධාන වශයෙන් ධීවර හා අඩු ආදායම්ලාභීන් වෙතය.

ඒ අනුව සහනය අවභාවිත නොකළ යුතු බවයි ආණ්ඩුව අවධාරණය කරන්නේ.

මේ අතර ඇතැම් ධීවර වෘත්තීය සමිති ප්‍රකාශ කළේ භූමිතෙල් පැවති මිල වන රු.44 දක්වා අඩු කළ යුතු බවයි. කෙසේ වෙතත් භූමිතෙල් මිල ඉහළ යාමට විරෝධය පළකරමින් හලාවත – කල්පිටිය සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල අද දිනයේදී හර්තාල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටියද රු 70 දක්වා මිල අඩු කිරීම නිසා එම විරෝධතාව අත්හිටුවා තිබුණි.

විශේෂයෙන් භූමිතෙල් මිල ඉහළ දැමීමට රජයට සිදුව තිබුණේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හා බස් රථ හා ලොරි රථ වංචනික ලෙස භූමිතෙල් භාවිතා කිරීම බව ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (10) තංගල්ල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

නමුත් ධීවර ජනතාව හා අඩු ආදායම්ලාභීන් පත්ව ඇති දුෂ්කර තත්ත්වය පිළිබඳ සලකා බලා රු.101ක් දක්වා ඉහළ ගිය භූමිතෙල් මිල රු 70 දක්වා අඩු කිරීමට තීරණය කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කල්. ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා හා මුදල අමාත්‍යවරයා අතර පවතී සාකච්ජාවේදී දීර්ඝ වශයෙන් මෙම ප්‍රශ්නය පිළිබඳ සාකච්ජා කර ඇති අතර අනතුරුව ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ භූමිතෙල් ලීටරය රු 70ක් දක්වා අඩු කිරීමට කටයුතු යොදන ලෙසයි.

Related posts

කාන්තාවන්ට බොන්න, ගන්න දෙන්නැයි සමනලී කළ ඉල්ලීමට අධිකරණයෙන් ඉඩක්

colombotoday

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

මෙරටට පැමිණ රැකියා අහිමි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

colombotoday

සයිනයිඩ් කා මියගිය පළමු කොටියා දෙමළ සන්ධානය සමරයි

colombotoday

“එකට කාල බීල හිටපු මුස්ලිම් මැති ඇමතිලා මෙහෙම කරයි කියල හිතුවෙ නෑ…” සිංහල මැති ඇමතිවරුන්ට මරණ බිය දැනෙයි…

colombotoday

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

colombotoday