Articles

“සම්මා පොර” වීමේ වෑයම “සම්මා තග” හමුවේ අවසන් වීම ! – “ඤාණසාර ” කියන විභවය අහෝසි කරන්න බෑ. ඒක අමරණීය යි !

මංගල සමරවීරගෙන් පස්සේ සමාජ මාධ්‍යවල සාසනික මඩ ව්‍යාපාරය ගෙනගියේ ලබුනෝරුව යි, අමාශාන්තිය යි, කිරුළපන ධම්මවිජය යි. තුන්ගොල්ලො ම වපුරාගත්තු අස්වැන්නට අන්තිමේ දි නැණසර හිමියන්ගෙන් ඊට ම සරිලන මිලක් නියම වුණා.

කවුරු අප්‍රසාදය පිළිකුල පළ කළත් අවශ්‍යය ම අවස්ථාවේ දී ඤාණසාර හිමියන්ගේ මැදිහත්වීම ඉතා සාධනීය යි. දැන් කිරුළපන රට පැනලා වීරපඬිකම් පානවා. අමාශාන්තිය තක්කු මුක්කු වෙලා අග මුල ලෙහාගන්න බැරි ව ලතැවෙනවා. ලබුනෝරුව සේනා සංවිධාන කිරීමේ දියාරු උත්සාහයක යෙදෙනවා. ඔය මොනවා කළත් ජාතික දේහය තුළ “ඤාණසාර ” කියන විභවය අහෝසි කරන්න බෑ. ඒක අමරණීය යි!

දිගින් දිගට ම මේ තුන්කට්ටුවේ මරිමෝඩ තක්කඩි ක්‍රියාකාරකම් සයිබර් ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වෙමින් තිබුණා. ධර්මාසනේ අසුන්ගත්තා ම ගෝචර සීමාව දැනගෙන ක්‍රියා කරන්න ඕනි. ඒ වෙනුවට මේ අය සංඝයා පාලනය කරන්න හදනවා. ත්‍රිපිටක පනතකින් පොට පාදගන්න හැදුවෙත් ඒ මගෝඩි පරමාර්ථයට. මේ දිගුවත් ත්‍රිපිටක පනතේ පරාජය පිළිබඳ වෛරී පරමාර්ථ පිරිමසා ගැනීමක්. මොකද ඤාණසාර හිමියන් ත්‍රිපිටක පනතට එකහෙළා විරුද්ධ වුණා. “අනේ පින්වත්නී!” න්‍යාය ඒ වෛරී සහගත බව වසාලන්න සමත් වුණා. ආසන්න වශයෙන් මේ මහා අලකලංචිය ඇතිකිරීමේ පාදඩ කාර්යභාරය ඉටු කළේ Subodha Himi නමින් පෙනී සිටින අමාශාන්තියේ අපරැක්කේ පොඩිහිමිනම. කවුරුත් ඵලය ගැන කතා කරනවා මිස නියම හේතුව ගැන වගක් නැහැ.

තමන්වහන්සේගෙ ඍජුභාවය නිසා ඤාණසාර හිමියන් කෙලින් ම අර්බුදය හටගන්වපු නියම මූලයට කතා කළා. ඒක විය යුත්තක්. උන්වහන්සේට තිබුණා ඕන නම් තවත් කොහෙ හරි පෙරළා ප්‍රකාශයක් කරල කතා බහ දිගින් දිගට ම අල කරන්න. හැබැයි උන්වහන්සේ වැඩිහිටි පරිණත භික්ෂුවක් හැටියට බිය සැක නැති ව තෝරගත්තෙ නිවැරදි ම පියවර. ඒක රතන හිමියන්ට ප්‍රහාරයක් වුණාට කරන්න දෙයක් නෑ. රතන හාමුදුරුවො ඔය තරම් දූරදර්ශී නම් සාසනමාමක නම් සහ ඔය පෙන්නන තරම් පොර නම් ඇමතු ම ලැබුණු දා ම ඒකට විරුද්ධ ව සාසනික ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණ. උන්වහන්සේ කළේ සිද්ධියෙන් දින කිහිපයකට පස්සේ අදාළ හඬපටය සමාජජාලාවල දමමින්, තවදුරත් ඒවා වෙළඳ දැන්වීම් වශයෙන් ප්‍රචාරය කරමින් ඤාණසාර හිමියන් ව දුස්සීලයෙකු හැටියට හංවඩු ගහන්නට තටමපු එක. ඒ මදිවාට තව ම අත්දැකීම්වත් නැති තමන්ගෙ පොඩි හිමියන් ව ඒ තුච්ඡ පරමාර්ථය වෙනුවෙන් අපයෝජනය කෙරෙව්වා. තවත් බොහෝ දෙනාට ඒ අකුසලය සමාදන් කරවමින් වෛරී ආකල්ප දියුණු කරන්න කටයුතු කළා. ඔන්න සත්ත්වයාට අනුකම්පාවෙන් සෙත සලසනවා ය කියන යුගයේ ධර්මදේශකයන්ගේ සාසනික වගකීමක මහත! අමාශාන්තියේ තක්කඩි වෑයමෙන් පස්සේ ඤාණසාර හිමියන් කිරුළපනටත්, ලබුනෝරුවටත් එක ම හැන්දෙන් බෙදා තිබෙනවා.

විශේෂයෙන් ත්‍රිපිටක පනත පරාජය වීමෙන් පස්සේ නාඋයන වගේ උත්තරීතර ථෙරවාදී ආයතනවලට, පිළිවෙත් ගුණ සැපිරූ ස්ථවිර උතුමන් වහන්සේලාට පවා තුච්ඡ ලෙස පහර ගසමින්, තමන් සිල්වත් ය, සෙස්සෝ දුසිල්වත් ය කියා අත්තුක්කංසන පරවම්භනයේ යෙදෙමින්, භික්ෂු සංඝයා කොටවමින්, ලබුනෝරුවත්, අමාශාන්තියත්, කිරුළපනත් ගෙන ගිය “සම්මා පොර” වීමේ ආමිසගරුක වෑයම ඤාණසාර හිමියන්ගේ “සම්මා තග” හමුවේ කෙළවර වුණා. ව්‍යාජ ෆේස් බුක් ගිණුම් හදාගෙන නාඋයනට මඩගැසීමට එරෙහි ව තම්මැන්නාගම හිමියන් කිරුළපන හිමියන් ව CID ය ට ගෙනිච්චා. ලෝකෙට වහන් වෙලා ඇදිච්ච මේ සීතල යුද්ධයේ අන්තිමේ දි කොට්ටෝරුව කෙටුවෙ වැරදි තැනට…

ගින්නක් නැති ව දුමක් නගින්නේ නෑ. ඤාණසාර හිමියන් අහේතුක ව බැනලා නෑ. ඒ බැනවැදීම තුළ තිබෙන්නේ මුළු දිවිය ම පුදා කළ කැපකිරීම් පිළිබඳ සංවේදීකම හා වේදනාව. සිද්ධියට විචාර ලියන කියන ඔලගොඩුවන්ට ඒ හැඟීම බොහොම දුර යි.

ඤාණසාර හාමුදුරුවෝ එද ත් එක යි; අද ත් එක යි; හෙට ත් එක යි. සිංහල ජාතිකවාදයට “ඤාණසාර” කියන්නෙ නමක් නෙවෙයි, “බ්‍රෑන්ඩ් එකක්!”…

පංචන ජයසිංහ

Related posts

අරාබියට එක නීතියක් ලංකාවට නීති ගොඩක්

colombotoday

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර කරන මංගල – ඩයස්පොරා නාටකය

colombotoday

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

colombotoday

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

colombotoday

නැගෙනහිර සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය….

colombotoday