Colombo Today Local News

ගුරුවරු මෙල්ලකරන්න දරදඩු වූ කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරින් පන්නයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි.

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද රැස්වූ අතර රාජා කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට එහිදී පියවර ගෙන ඇත.

වයඹ ආණ්ඩුකාරධූරය ද දරන කොල්ලුරේ මහතා ඉකුත් දා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩවර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම කෙරෙහි සලකා බලන බව සඳහන් කළේය.

කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය ආන්දෝලනාත්මක වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට ද ලක්විය.

කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය කොමියුනිස්ට් පක්ෂය ද හෙළා දැක තිබූ අතර එම ප්‍රකාශය නිසා ඔහු පක්ෂ තනතුරින් ඉවත් කර ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

ලෝක ආදීවාසී දිනය අදයි

colombotoday

හෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

“බීමත්ව දිය නාන්න එපා” උපදේශයට පොහොට්ටු මන්ත්‍රීට තඩිබායි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday