Colombo Today Local News

කිරිඇල්ලගේ, කබීර් හෂීම්ගේ දුම්බර වන කොල්ලයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

දුම්බර අඩවියේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති ඉඩම්  හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් පාලනය වන අක්කර 21,000 ඉඩමි විවිධ ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීම සදහා ලක්ෂ්මන්  කිරිඇල්ල හා කබීරි හෂිම්  යන දේශපාඥයින් දෙදෙනා විසින් තමන්ගේ නෑ හිත මිත්‍රයින්ට බෙදාදී ඇති බවත් මෙම දුම්බර  ඉඩම්  මංකොල්ලය  සමිබන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලා අද (23) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල මානව හිමිකම්  කාර්යාලයේ මුලස්ථානයේ ගොනුකිරීමේ අවස්ථාවට  නිතිඥ ජයන්ත දෙහිඅත්ත සොබාදහම්  අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් තරුණ පරිසරවෙිදීනි ශානිකා පතිරණ සහ  පූජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමියන් මෙන්ම  ගාමිණි හත්තොටුවගම වීදී නාට්‍ය කණ්ඩායම නියෝජනය කරමින් එරංග ප්‍රනාන්දු හා තවත් පරිසරවෙිදීන් පිරසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ පරිසරවෙිදිණි ශානිකා පතිරණ පවසා සිටියේ මෙි වන විට දුමිබර සිදුවන ඉඩම්  මංකොල්ලයෙන් එම වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක විය යුතු වුවත් එම එය එසේ නොවුන නිසා සිය සංගමය මගින් නකල්ස් හි ආරක්ෂාවට මෙම පියවර ගනු ලැබු බවත් මානව හිමකම කොමිසම විසින් ඉක්මන් පරික්ෂණයක් ඉටු කරනු   ඇතයි සිය සංගමය බලාපොරොත්තු වන බවය.

සොබාදහම්  අධ්‍යයන මධ්‍යස්ථානයේ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කර සිටියේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් නිකලෝය, අලකොලෝ,  කොටගල ,ඕපල්ගල ඇතුළු තවත් වතු ඉඩමි රාශ්‍රියක් ඇතුළු තවත් වතු ඉඩමි රාශ්‍රියකින් හෙක්ටයාර් 6192 ද  ඇල් කඩුව වැවිලි සමාගමට අයත් වතු ඉඩමි වලින් ද හෙක්ටයාර් වශයෙන් මුළු  ඉඩම්  හෙක්යාර් 8555 ක් නැතහොත් අක්කර  21000 තිස් පස් වසරේ  බදු ක්‍රමයට යටත්ව  අක්කරයකට වාර්ෂිකව රු 2857 ක මුදලකට බදුදී  තිබෙන බවය.

එසේම නකල්ස් රක්ෂිතයට මායිමිව ඇති මෙම සියළු ඉඩම් මෙලෙස  දේශපාලඥයින්ගේ උවමනාව මත විවිධ පුද්ගලයින්ට පැවරීම තුලින් මධ්‍යම කදුකරයට මෙන්ම නකල්ස් රක්ෂිතයට මෙිවන විට විශාල තර්ජනයක් එල්ල වි ඇති බවත් 2010 වසරේ යුනිස්කො සංවිධානය විසින් නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් ලෙස නම්  කර ඇත්තේ මෙහි ඇති සුවිශේෂි ජෛව විවිධත්වය, ජල පෝෂයක් වීම, සුවිශේෂි වනාන්තර පද්ධතියක් වීම වැනි කරුණු ගණනාවක් පදනම් කරගනිමින් වුවත් මෙහිදී ඒ කිසිත් නොසළකා ඇති බවද ඔහු පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග ජනාධිපතිව සිටි 2004 වර්ෂයේ සිංහරාජය, දුම්බර  අඩවිය වැනි වානනාන්තර යාබදව කිලෝමිටර් භාගයක දුරින් ඇති ඉඩමි ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම්  වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට පවරා ගැනීම සදහා  කැබිනටි පත්‍රීකාවක් හරහා   අනුමැතිය ලැබී තිබීදීත් එය නිසි ආකාරව ක්‍රීයාත්මක නොවීම නිසා  ඉතාම වටිනා වනාන්තර හා ජෛව විවිධත්වයෙන් හෙබි මෙවැනි ප්‍රදේශ දේශපාලඥයින්ගේ උවමනාව මත අද වන විට විනාශ කරමින් ඇති බවද ඔහු පවසයි.

2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස නම්  කර ඇති අතර රක්ෂිත ප්‍රදේශයෙන් පිටත පිහිටි රජයේ ඉඩමි, වැවිලි සමාගම්වලට අයත් ඉඩම්  ආරක්ෂිත ඉඩම්  ලෙස හුවා දක්වා ඇති අතර එවන් ආරක්ෂිත ඉඩමි කිසිවෙකුගේ උවමනාව මත විකිණිමට හො බදු දීමට නොහැකි නමුත් අදවන විට පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි පරිසරය සංරක්ෂණයට ඇති ආයතන වල අනු දැනුම මත ඒ මහා වටිනා පාරිසරික සංවේදී  කලාපය  කබීර් හෂිමිගේ හා ලක්ෂ්මන් කිරි ඇල්ලගේ හිත මිතුරන්ට ලබාදී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙම නිති වීරොධි කටයුත්ත සදහා නියමයෙන් හෝ අනියමින් සහය ලබාදී ඇති මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව, රාජ්‍ය වැවිලි සංස්ථාව අද ගොනුකළ පැමිණිල්ලේ  වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවත් ඒ  අනුව ලෝක උරුමයක් වූ නකල්ස් රක්ෂිතය හා රක්ෂිතයට අයිතිවිය යුතු ඉඩම්   ආරක්ෂා කරගැනිම වෙනුවෙන් මානව හිමිකමි කොමිසමි සභාවෙි මැදිහත් වීම තමන් බලාපොරොත්තු වන බවද ආචාර්ය කාරියවසම් පවසයි.

කෙසේ වුවත් මානව හිමකමි කොමිසම සම්බන්ධව තම අත්දැකීම්  අමිහිරි වුවත් මෙම කාරණය සමිබන්ධව හෝ ස්වාධින පරික්ෂණයක් කර මෙම ජාතික උරුමය සුරකීමට සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර සිටියි.

Newstube

Related posts

හිරුනිකා ගැන කියවෙන බුකියේ කෝලං

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

colombotoday

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

colombotoday

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday