Colombo Today Local News

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

මේ රටේ සියලු ප්‍රගතිශීලී බලවේග සමඟ එක්වී ආණ්ඩුව පෙරළා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

හෙතෙම මේ අදහස් පළකළේ පසුගිය 18දා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රිවරු දහසය දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

අපි වමේ දේශපාලන නායකයන් ඇතුළු සියලු දේශපාලන නායකයන් හමුවී ඔවුන්ගේ අදහස් ලබාගැනීම සිදුකරනවා. කාගෙවත් අතකොළු වී හෝ කොන්ත්‍රාත්කරුවන් නොවී ආණ්ඩුව බිඳ දමා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීම දක්වා ගමන් කරන ව්‍යාපාරයක් ගෙනයෑමයි අපේ අරමුණ.

අපි කනගාටු වෙනවා ඇතැම් දේශපාලනඥයන් රණවිරුවන්වත් ත්‍රස්තවාදීන්වත් සමාන කර සැලකීම පිළිබඳ. රණවිරුවන් කියන්නේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් නිදහස වෙනුවෙන් සටන් කළ පිරිස. ත්‍රස්තවාදීන්ගේ මූලික බලාපොරොත්තුව බෙදුම්වාදයයි. බෙදුම්වාදය සඳහා ක්‍රියා කළ ත්‍රස්තවාදීන් මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සඳහා ජාති භේදයෙන් තොරව සටන් කළ රණවිරුවන් එක හා සමානව සමරන්න මේ රටේ කිසිසේත්ම ඉඩක් තියෙන්න බැහැ.

ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා ලෙස පසුගිය ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේදී කියා සිටියේ මේ ආණ්ඩුව තුළ හිටියොත් ශ්‍රී ලනිපය විනාශ වෙලා යන බවයි. ඒ නිසා ඉතුරු පිරිසටත් ආණ්ඩුවෙන් ඉවත්වීමට දින වකවානු ලැහැස්ති කරගන්න කියලා එතුමා අවධාරණය කළා.

ඒ නිසා අපි අනිත් අයටත් කියන්නෙ ආණ්ඩුවෙන් එළියට එන්න කියලා.

Related posts

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

බීජ නිෂ්පාදනය ගැන හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

colombotoday

සුමන්තිරන්ලාගේ ප්‍රකාශවලින් එළියට එන්නේ විශ්වාසභංගය දිනාගන්න දුන් පොරොන්දු !

colombotoday

බදියුදීන් ඥාණසාර හිමියන්ගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි.. නඩුව අද කොළඹ මහාධිකරණයේ

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday