Colombo Today Local NewsNew Constitution

“ජවිපෙ ගෙනෙන 20 නියමයි” – ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ලාල් විජේනායකගෙන් සහතිකයක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත්කර ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉතාම යුක්ති සහගත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා පවසයි.

දිගු කාලයක් තිස්සේ පොරොන්දුවක් පමණක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ වන තෙක් සිදු නොකිරීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම යන කරුණු හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙම යෝජනාව ඉදිරිපත් කිරීම යුක්ති සහගත බව ලාල් විජේනායක මහතා පෙන්වාදෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට අදාල යෝජනා ඇතුලත් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  (25) දා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරදෙන ලදී.

Related posts

වෙළද ඇමති බන්දුලගේ තවත් නීති විරෝධී වැඩක් රන්ජිත් විතානගේ හෙළිකරයි.

colombotoday

දැඩි උණුසුම නිසා දරුවන් එළිමහනට යවන්න එපා

Admin

බිත්තියකට යට වී 8 හැවිරිදි දරුවෙක් මරුට. තවත් දරුවෙක් රෝහලේ…

colombotoday

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday

කොටදෙණියාව, බාඳුරාගොඩදී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

colombotoday