Colombo Today Local Newsfeatured

කැබිනට් එකට බෑ අපිට නීති හදන්න. අපේ නීතිය ෂරියා නීතියයි. – ඥානසාර හිමිට ලීක් වු උලමා රැස්වීමේදී අනුර කුමාරගේ ගෝලයෙක් කියයි.

සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව තවත් සංවිධාන රැසක් සමග සිදුකල රැස්වීමකදී සිදුවූ කතාබහක හඬපට තමන් වහන්සේට ලැබුණු බවත් එහිදී කැබිනට් මණ්ඩලය සම්පාදනය කරන නීති පිලි නොගන්නා බවට පැවසූ බවත් පසුගිය සතියේ පැවැත්වූ රුපවාහිනී සජීවී වැඩසටහනක් අතර තුර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන ලදි. ඊට අදාළ හඬපට අපවෙත ලැබී තිබෙන අතර එය පහතින් දැක්වෙයි.

උලමා සංවිධානයේ සාකච්ඡාවට එක්වෙමින් එම අදහස දක්වා ඇත්තේ ටී කේ අසූර් නැමැත්තෙක් වන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණයට ඉදිරිපත්වූ ජාතික ජන බලවේගයේ (මාලිමවේ) ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ද වෙයි.

සජීවී වැඩසටහනෙන් පසුව පසුගිය සතිය පුරාවට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉලක්ක කරගෙන අවලාද ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇති බවක් ද අන්තර්ජාලය තුල දක්නට ඇත.

පහත සඳහන් වීඩියෝවේ 2: 17 මිනිත්තුවේදී ටී කේ අසූර් නැමැත්තා විසින්

we start with this MMDA the first thing we have to tell the government is that the cabinet has no right to mess around with our Shariah law…” යනුවෙන් පවසයි.

(“අපි මෙම එම්එම්ඩීඒ (Muslim Marriage and Divorce Act – MMDA) සමඟ පටන් ගනිමු, රජයට අපට කිව යුතු පළමු කරුණ නම් අපේ ෂරියා නීතිය සමඟ පැටලෙන්න කැබිනට් මණ්ඩලයට අයිතියක් නැති බවයි.”).

පහත සඳහන් වීඩියෝවේ 3: 08 මිනිත්තුවේදී ටී කේ අසූර් පවසන්නේ…

“who are they to come and mess around with shariah law. this is our law . whatever they do finally doesn’t matter. we must tell them where we stand and where they stand. and we must tell them that cabinet is not an institution that can legislate for us. they are messing everywhere and …we should not allow them to mess up also….this is the attitude we must take”

(“ෂරියා නීතිය අවුල් කිරීමට ඔවුන් කවුද? මෙය අපේ නීතියයි. අවසානයේ ඔවුන් කුමක් කළත් කමක් නැත. අපි ඔවුන්ට කිව යුතුයි අපි සිටින්නේ කොතැනද සහ ඔවුන් සිටින්නේ කොතැනද කියා. කැබිනට් මණ්ඩලය අපට නීති සම්පාදනය කළ හැකි ආයතනයක් නොවන බව අපි ඔවුන්ට කිව යුතුයි. ඔවුන් හැම තැනම අවුල් කරමින් සිටින්නේ… ඔවුන්ට අපිව අවුල් කිරීමට ඉඩ නොතැබිය යුතු ය… මෙය අප ගත යුතු ආකල්පයයි”)

මේ පිළිබඳව අප පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් විමසීමක් සිදුකල අතර මෙවැනි අන්තවාදී අදහස් දරන්නන් විවිධ දේශපාලන පක්ෂ අස්සට රිංගා තමන්ගේ ආරක්ෂාව සලසාගෙන ඇති බවයි. සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය ශ්‍රී ලංකාව තුල ගොඩනැගී ඇති අන්තවාදී ප්‍රශ්න රැසකට වගකිව යුතු බවත් උන්වහන්සේ පවසුහ.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදී තවත් රටවල් කිහිපයක සංචාරය කළ මගීන්ට ලංකාවට පැමිණීම තහනම් කරයි

colombotoday

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

colombotoday

IMF නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර අද තවත් නිල සාකච්ඡාවක්

Admin

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

colombotoday

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday