Colombo Today Local Newsfeatured

Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

මහාපරිමාණ තට්ටු නිවාස සෑදීමේ ප්‍රකට සමාගමක් වන Blue ocean සමූහ ව්‍යාපාරයට අයත් Link Engineering සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදලක් ගෙවීමට ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

අදාල නිවේදනය පිළිබදව සභාපතිවරයාගෙන් අප කල විමසීමකදී ඔහු පැවසූවේ, කල්මුණේ රෝහලට යෝජිත අෂ්රොෆ් හදිසි අනතුරැ ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සදහා වන ටෙන්ඩරය 2018 වසරේදී Link Engineering සමාගම ලබාගෙන ඇති අතර එම ටෙන්ඩරයේ වටිනාකම රැපියල් 926,548,232.30 (අනූදෙකෝටි හැටපන්ලක්ෂ හතලිස් අටදහස් දෙසිය තිස්දෙකයි ශත තිහක) පමණ මුදලක් බවය.

අවස්ථා කිහිපයකදී උක්ත ඉදිකිරීම සදහා අදාල සමාගම අත්තිකාරම් මුදල් ලබා ගෙන ඇති අතර ඉදිකිරීම මගහරිමින් සිට ඇත. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල සමාගමට දන්වා ඇත්තේ ගිවිසුම අවසන් කර ඇති බැවින් ලබා ගත් අත්තිකාරම් මුදල හා අදාල අලාභ මුදල් නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවන ලෙසය. එහෙත් උක්ත සමාගම විසින් ලබා ගත් අත්තිකාරම් මුදල් නැවත ගෙවීමට කටයුතු කර නැති බවත් ඒ වෙනුවට සමාගම විසින් ඇපකරයක් වශයෙන් තබන ලද ආරක්ෂිත තැන්පතුව නිදහස් කර ගැනීමේ සූදානමක් පවතින බවට කරුණු වාර්තා වී ඇත.

වැඩි දුරටත් අදහස් දක්වමින් විතානගේ මහතා පැවසූවේ අදාල සමාගම විසින් මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීමක්ද අත්තිකාරම් මුදල් ලබා ගත් පසු නවතා දමා ඇති බවයි. එපමණක් නොව බම්බලපිටියේ ඉදිකරන ලද තට්ටු නිවාස ව්‍යාපෘතියක් සදහා නගර සභාවේ පදිංචි වීමේ සහතිකයක් ලබා ගෙන නැති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය ද ලබානොගෙන පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවයි.

උක්ත සමාගමේ වංචා හා දූෂණ පිළිබදව තම සංවිධානය ඉදිරියේදී හෙළි කරන බවත් කිසිම ආකරයකින් රජයට අයවිය යුතු මුදල් ගෙවීම පැහැර හැරීම සදහා ඉඩ ලබා නොදෙන බවත් කිසිදු රාජ්‍ය ආයතනයක ඉදිකිරීමේ ටෙන්ඩරයක් එම සමාගමට ලබා දීමට එරෙහිව කටයුතු කරන බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Link Engineering සහ Blue Ocean සමාගම් ජාලයේ සභාපතිවරයා වන්නේ සිවරාජා තුමිලන්ය.

Related posts

නීතිය නවන්න ගිය පොලිස්පතිව නීතියෙන් නවයි.. නීති විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

colombotoday

සීගිරියට පොලිතින් තහනම්

colombotoday

සියළුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි !

colombotoday

රාජ්‍ය නොවන සංවිධාන උවමනාවට ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර ගෙන ඒමට මා සුදානම් නෑ – ජනපති

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

colombotoday