Colombo Today Local News

පුද්ගලිකත්වයට හානි වෙන ලෙස ඡායාරූප ගත් ලයන් ලාගර් සේවකයෙක් අල්ලා පොලීසියට බාර දෙයි.

මහරගම ප්‍රදේශයේ අවහ්න්හලක් තුලදී ඊයේ (30) දින පිරිසකගේ පුද්ගලිකත්වයට හානි වෙන ලෙස අනවසරයෙන් ඡායරූප ගත් ලයන් ලාගර් බියර් සමාගමේ සේවකයෙකු අල්ලා මහරගම පොලීසියට බාර දී ඇති බව වාර්තා වේ.

මොහු ඡායාරූප ගන්නා ආකාරය නිරීක්ෂණය කළ එම අවන්හලට පැමිණි පුද්ගලයෙකු ඒ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර එහිදී ඡායාරූප ගත් පුද්ගලයා පවසා ඇත්තේ අවන්හලේ සේවකයින්ගෙන් අවසර ලබාගෙන තමා ඡායාරූප ගන්නා බවයි.

කෙසේවෙතත් ඒ පිළිබඳව අවන්හලේ සේවකයින්ගෙන් විමසීමේදී අවසර නොගත් බව පවසා ඇති අතර මොහු අල්ලාගත් පුද්ගලයා දුරකථනය ඔස්සේ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඡායාරූප ගත් පුද්ගලයා පොලිසියට රැගෙන ගොස් ඇත.

අදාළ සැකකටයුතු ලෙස ඡායාරූප ගත් පුද්ගලයා ලයන් ලාගර් සමාගමේ සේවකයෙකු වන අතර ඡායාරූප ගත් හේතුව තවමත් අනාවරණය වී නොමැත.

Related posts

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

සඟවා තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සැප රිය සීසර්ලා උස්සලා

Admin

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

colombotoday

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday