extremism & terrorism activitiesWorld

හින්දු කාන්තවක් මුස්ලිම් කරන්න ගිය මුස්ලිම් ජාතිකයෙක් “Love Jihad” නීතිය යටතේ අත්අඩංගුවට.

හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට තැත්කරන ලද බවට චෝදනා ලද මුස්ලිම් ජාතිකයෙක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අන්‍යාගමිකයන් වෙනත් ආගම්වලට හරවා ගැනීම තහනම් කරමින් ඉන්දියාව මෑතදී පනවන ලද නව නීතිය යටතේ සිදුකෙරුණ පළමු අත්අඩංගුවට ගැනීම එයයි.

එම නව නීතිය හින්දු ජාතිකවාදී කණ්ඩායම් විසින් හඳුන්වනු ලබන්නේ “ජිහාඩ් ප්‍රේමය” (“love jihad”) යන යෙදුමෙනි.

එම කණ්ඩායම් එකී යෙදුම උපයෝගී කරගනිමින් විවාහවීම මගින් හින්දු කාන්තාවන් ඉස්ලාම් කරණය කරනු ලබන මුස්ලිම් ජාතිකයන්ට චෝදනා කරති.

එම “ජිහාඩ් ප්‍රේමයට” එරෙහිව අළුතින් නීති සම්පාදනය කිරීමට ඉන්දියාවේ තවත් ප්‍රාන්ත ආණ්ඩු හතරක්වත් පියවර ගනිමින් ඇති බවක් ද වාර්තා වෙයි.

මෙහි මුලින් සඳහන් කරන ලද අත් අඩංගුවට ගනු ලැබීම, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාරෙයිලි (Bareilly) දිස්ත්‍රික්කයේ පොලිසිය විසින් නිකුත්කරන ලද ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කරනු ලැබ ඇත.

අදාළ කාන්තාවගේ පියා බීබීසී හින්දි සේවයට අදහස් දක්වමින්, අත්අඩංගුවේ පසුවෙන මුස්ලිම් ජාතිකයා සිය දියණියට ආගම මාරුකරන ලෙස ‘බලපෑම්’ එල්ල කර ඇති බවට පොලිසියට පැමිණිලි කළ බව සඳහන් කළේය.

තම දියණිය ආගම වෙනස් නොකළොත් ඇයට එරෙහිව පියවර ගන්නා බවට එම මුස්ලිම් ජාතිකයා තර්ජනය කර ඇති බවත් කාන්තාවගේ පියා පවසයි.

එම කාන්තාව මේ වසර මුලදී වෙනත් පුරුෂයකු සමඟ විවාහ වූ නමුත් ඇය මුස්ලිම් ජාතිකයා සමගත් ඇසුරක් පවත්වා ඇතැයි පැවසෙයි.

මේ අතර බීබීසී හින්දි සේවයට ප්‍රකාශයක් කරමින් පොලිසිය කියා සිටින්නේ, අදාළ කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ”පැහැරගනු ලැබීමක්” සම්බන්ධයෙන් මෙයින් වසරකට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කළත්, එම කාන්තාව සොයාගනු ලැබීමෙන් අනතුරුව ඇය එම චෝදනාව බැහැරකරන ලද හෙයින් එම පැමිණිල්ලට අදාළ විභාගය නතරකරන ලද බවයි.

මේ සතියේ බදාදා (02 දෙසැම්බර්) අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයා දින දාහතරක කාලයක් සඳහා රැඳවුම් භාරයට යවනු ලැබ ඇත.

‘ජිහාඩ් ප්‍රේමය’ පිළිබඳ නීතිය කුමක්ද?

උත්තර් ප්‍රදේශ් “බලහත්කාරයෙන්” එසේත් නැත්නම්, “ප්‍රයෝගකාරීව” පුද්ගලයන් ආගම්වලට හරවාගනු ලැබීමට එරෙහිව අළුත් නීතියක් සම්මත කරනලද පළමු ඉන්දීය ප්‍රාන්තයයි. එම නව නීතිය සම්මතකර ගන්නා ලද්දේ පසුගිය නොවැම්බර් මාසයේදීය.

ආදරයේ නාමයෙන් (Love Jihad) මුස්ලිම් ආගමට හරවාගනු ලැබීම්වලට එරෙහිව තමන් ද නීති සම්පාදනය කිරීමට සැලසුම් කරමින් ඇතැයි, මාධ්‍ය ප්‍රදේශ්, හර්යානා, කර්ණාටක සහ ඇසෑම් යන ප්‍රාන්ත හතරත් දැනට ප්‍රකාශකර ඇත.

මුස්ලිම් – හින්දු ප්‍රේමය තහනම් ද?

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයත් ඇතුළුව එකී ප්‍රාන්ත පහම පාලනය කරනු ලබන්නේ භාරතීය ජනතා පක්ෂය (BJP) විසිනි.

“ජිහාඩ් ප්‍රේමය” ට උඩගෙඩි දෙන බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව, වෙනත් ලබ්ධීන් දෙකකට අයත් යුවළක් යොදාගත් වෙළෙඳ දැන්වීමක් වෙනස් කිරීමට පවා ඉතා ජනප්‍රිය ස්වර්ණාභරණ වෙළෙඳ ව්‍යාපාරයකට සිදුවිය.

මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේ දී ‘Netflix’ මාධ්‍ය ජාලයත් විවේචනයට ලක්විය.

එම මාධ්‍ය ජාලය විසින් නිර්මාණය කරන ලද ‘A Suitable Boy’ නම් රූපවාහිනී වෘත්තාන්ත මාලාවට ඇතුළත් එක් දර්ශනයක දී කැමරාව කෝවිලක් පසුකරමින් පෙරට යද්දී හින්දු තරුණියක සහ මුස්ලිම් තරුණයකු සිප වැළඳගන්නා රූපරාමුවක් ද ඊට ඇතුළත් විය.

එම දර්ශනය ”ආගමික හැඟීම්”වලට හානිකර යයි කියාසිටි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්වදේශ කටයුතුභාර ඇමති නරෝත්තම් මිශ්‍රා ‘A Suitable Boy’ රූපවාහිනී වෘත්තාන්තයේ නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සිය නිලධාරීන්ට නියෝග කළේය.

Related posts

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව පිළිනොගනු. නැගෙනහිර පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කරනු. – හකීම්ගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

colombotoday

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday