
අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් උත්සව පැවැත්වූ පූජකවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පිළිබඳ පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බවය.
“යාපනය ප්‍රදේශයේ ඇති ස්ථානයක LTTE ත්‍රස්තවාදී නායකයාගේ රුව සහිතව යම් සැමරුමක් සංවිධානය කර ඇති බවට යාපනය පොලීසියට තොරතුරක් ලැබුණා. ඒ අනුව එම ස්ථානයේ සිටි පූජකවරයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු 47 හැවිරිදි අයෙක්. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.” යනුවෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com