Colombo Today Local News

මකියන් තංගවේලූ කොටියා ලන්ඩන් ත‍්‍රස්ත මර්දන පොලිස් අත්අඩංගුවට

කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධාන බෙර වාදකයා වූ මකියන් තංගවේලූ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේදී ත‍්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ජීනිවා නුවරට ගෙන යෑම සඳහා මොහු තම ගමන් මළු තුළ සඟවාගෙන තිබූ කොටි උපාංග රැසක් ද සොයාගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගැනීම නිසා (6 දා) ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පැවැත්වීමට යෝජිතව තිබූ මළ බෙර වාදනය ද නතරවී ඇත.

ත‍්‍රස්ත මර්දන පොලිසිය මොහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී කොටි තොරතුරු රැසක් යූඑස්බී උපාංග සහ වෙනත් උපකරණ හමුවිය. අත්අඩංගුවට ගනු ලැබූ මකියන් තංගවේලූ කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියකු බවද හෙළිවී තිබේ.

මේ අතර මොහුගේ නිවසින් හමුවූ කොටි උපාංග ගැන ද පරීක්‍ෂා කෙරේ.

Related posts

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

Admin

අලුත් කැබිනට් එකේ ඉන්නේ පිරිසිදු ඇමතිලා.. හොරු කවුරුත්ම නෑ…

colombotoday

කුසුමලතා මහගමසේකර දිවියට සමුදෙයි

Admin