Colombo Today Local NewsTop Stories

මෙන්න! අලුත්ම අබිරහස; “කොටි 70 කගේ නම් ඇතුළත් දුටුතැන අල්ලනු” ඉන්ටර්පෝල් ලැයිස්‌තුව අහෝසි කළේ කවුද?

යහපාලන රජය බලයට පැමිණියේ 2015 වසරේදීය. එලෙස බලයට පැමිණීමත් සමඟම විදේශ ඇමැති ධුරය හිමිවූ මංගල සමරවීර තහනමට ලක්‌වී තිබූ කොටි හිතවාදී සංවිධාන අටකට සහ කොටි ක්‍රියාකාරින් 269 කට එහෙත් ක්‍රියාත්මකවී තිබූ තහනම අහෝසි කරනු ලැබීය.

මෙලෙස තහනම ඉවත්වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදය – බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය – ඔස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය, ඊළාම් ද්‍රවිඩයන් සඳහා ජාතික කවුන්සිලය – ද්‍රවිඩ ජාතික කවුන්සිලය – ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන ද්‍රවිඩ තරුණ සංවිධානය යන කොටි හිතවාදී සංවිධානයි.

මෙම සංවිධාන වලින් තවදුරටත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ නැති නිසා එලෙස තහනම ඉවත්කළ බව රජය කියා සිටියේය.

එහෙත් යහපාලන රජයේ ටිකිරි මොළේ තරම දැන් අවබෝධ වී ඇත. තහනම අහෝසි වූ මේ කොටි හිතවාදී සංවිධාන අද පෙරළා යුද හමුදාවට යුද අපරාධ ප්‍රහාර එල්ල කරමින් සිටියි. එසේ වූවත් රජය නිහඬය.ltte

ශ්‍රී ලංකා රජය තහනම අහෝසි කළ ලෝක ද්‍රවිඩ සම්බන්ධිකරණ කමිටුව කොටින්ට අවි ආයුධ මිලයට ගැනීම සඳහා ස්‌විස්‌ටර්ලන්තයේ ක්‍රෙඩිට්‌ සුසි බැංකුවට ව්‍යාජ ලිපි ඉදිරිපත් කර ඩොලර් මිලියන 15 ක්‌ ලබාගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ජුනි 14 දා ප්‍රකාශයට පත්කෙරේ. මේ නඩුවේ චූදිතයන් සංඛ්‍යාව හත්දෙනෙකි. ඉන් එක්‌ අයෙක්‌ වන්නේ චෙල්ලයියා ජයපාලන් හෙවත් අබ්දුල්ලා නමැති ස්‌විස්‌ටර්ලන්තයේ වත්මන් කොටි නායකයාය.

ltte1

මෙරට බලධාරීන් ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුවේ තහනම ඉවත්කරනු ලැබුවේ ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා එම අවි මිලයට ගැනීමේ සිද්ධිය විමර්ශනය කරන අතරේයි.

මේ ගැන ශ්‍රී ලංකා බලධාරීන් ස්‌විස්‌ රජයෙන් කිසිදු විමර්ශනයක්‌ කළේ නැත. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුවේ ක්‍රියාකාරින් තිදෙනකු එම ස්‌විස්‌ බැංකුවෙන් ලබාගත් මුදල් ඩුබායිහි අවි ඒජන්තවරුන්ට ලබාදී ඇති බව ස්‌විස්‌ ෙෆඩරල් පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය විය.

ස්‌විස්‌ ඉතිහාසයේ දිගම ලියවිලි ඇති නඩුව මෙයයි. මෙම ලිපි ගොනුව පිටු 3400 කට අධිකය.

එසේම ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ හමුදාව ජාති සංහාරයක්‌ සිදුකළ බවට විදේශ දේශකයන් ගෙන්වා මානව හිමිකම් කවුන්සලය තුළ සමාන්තර රැස්‌වීම් දියත් කරන්නේ ඊළාම් ද්‍රවිඩයන්ගේ ජාතික කවුන්සිලයයි. ඊට අදාළ සාක්‍ෂි අප සතුව ඇත.

මේ පසුබිම මැද තහනම අහෝසිවූ කොටි ක්‍රියාකාරීන් 269 ක පිරිස කොටි ඩයස්‌පෝරා කටයුතු වලින් ඉවත්වී ඇති බවට පිළිගත හැකිද?

ත්‍රස්‌තවාදීන් යනු ත්‍රස්‌තවාදීන්ටය. ඔවුන් කිසිදිනෙක කිසිවිටෙක වෙනස්‌ නොවේ යයි පැවසුවේ පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගුස්‌ ඩුටාටේය.

කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ද කිසිදිනෙක වෙනස්‌ වී නැත. එය තහවුරුවන්නේ ප්‍රභාකරන් මරුමුවට පත්වූ දිනයේ යුරෝපා රටවල මහා පරිමාණයෙන් සමරු උත්සව පැවැත්වීමයි.

ltte2

මේ තත්ත්වය මැද එමානුවෙල් පියනම මෙහෙයවන ගෝලීය ද්‍රවිඩ සංසදය සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධ අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමෙන් වැළකී ඇති බව යහපාලන රජයට ප්‍රසිද්ධියේ කිවහැකිද?

මෙලෙස කොටි හිතවාදී සංවිධාන අටක සහ කොටි ක්‍රියාකාරින් 269 කගේ තහනම ඉවත් කිරීමට යහපාලන රජය ක්‍රියාකිරීමෙන් පසු සිදුවූයේ කුමක්‌ද?

යහපාලන රජය බලයට පත්වීමට පෙර පැරිසියේ ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලාංකිකයන් 154 කට නිකුත් කර තිබූ රතු වරෙන්තු හිටිහැටියේ ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත්විය මේ බව මෙරට ආණ්‌ඩුපක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන්ට වාර්තා වූයේ නැත. එහෙත් ඉරිදා දිවයින සංග්‍රහය ඒ බව මුලින්ම හෙළිකරනු ලැබීය. එම හෙළිදරව්ව සමඟ රජය සහ පොලිසිය නිහඬවිය.

රතු වරෙන්තු හෙවත් දුටුතැන අල්ලනු නියෝග නිකුත්ව තිබුවන් අතර පාතාල කල්ලි නායකයෙක්‌ද විය.

2017 මැද භාගය දක්‌වා ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ ඕනෑකරන අයවළුන්ගේ නාම ලේඛනයට ඇතුල්වී තිබූ එම ලැයිස්‌තුවේ ප්‍රධාන පෙළේ කොටි හමුදා නායකයන් 70 කගේ නම්ද සඳහන් විය.

මේ ත්‍රස්‌තයන්ගේ නම් ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් අහෝසිවූයේ කෙසේද මා පැරිසියේ ඉන්ටර්පෝල් ආයතනයට විද්යුත් ලිපියක්‌ යවා විමසුවෙමි. ඉන්ටර්පෝල් ආයතනය ඊට ප්‍රතිචාර දැක්‌වූයේ රතු වරෙන්තු ලැයිස්‌තුවේ සිටින අය මියගොස්‌ ඇත්නම් සහ රජය ඉවත්කරන ලෙස උපදෙස්‌ දුන්නොත් එම නම් අහෝසි කරන බවයි.

එහෙත් එම ලැයිස්‌තුවේ ප්‍රකාශයට පත්වූ එකම කොටි ත්‍රස්‌තවාදියෙකුවත් මියගොස්‌ නැත. එසේ නම් සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා රජය එම කොටි නාම ලේඛනය අහෝසි කළ නිසාද?

මේ නිසා අත්පොළසන් දිය යුතු ක්‍රියාවක්‌ සිදුවී ඇත. ඒ විදේශ රටවල සිටින කොටි ත්‍රස්‌ත නායකයන් දැන් එම රටවල නිදැල්ලේ සිටීමයි. මෙලෙස දුටුතැන අල්ලනු ලැයිස්‌තුවෙන් නිදහස්‌ වූ කොටි කවුරුන්ද?

1. කාන්තිලිංගම් ප්‍රේමරාෂි හෙවත් රෙජි – කොටින්ට අවි ආයුධ මිලයට ගැනීම සඳහා ස්‌ථාපිත කර තිබූ ටී. ආර්. ඕ. සංවිධානයේ ප්‍රධානියාය. අද ඔහු බ්‍රිතාන්‍යයේ සිටියි. කොළඹ බෞද්ධාලෝක මාවතේ ටී. ආර්. ඕ. කාර්යාලය මෙහෙය වූ රෙජී ලන්ඩන් නුවරට පැන ගියේය.

2. ජෙයනාදන් කර්මලිංගම් ප්‍රධාන පෙළේ කොටි ත්‍රස්‌තයෙකි. ප්‍රංශ පොලිසිය මොහු අත්අඩංගුවට ගනු ලැබුවත් ඉන්ටර්පෝල් ආයතනයට භාරදුන්නේ නැත.

3. කනගරාජා රවිශංකර් හෙවත් සංකිලි වැල්වැටිතුරේ පදිංචි කරුවෙකි. අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහන කිරීමේ චෝදනාවට වරදකරුවූ සංකිලිට 2014 ජුනි 24 දා වව්නියා අධිකරණය තිස්‌ වසරක සිරදඬුවමක්‌ නියම කළේය. එහෙත් ඒ වනවිට ඔහු මෙරටින් කැනඩාවට පැන ගියේය.

එහෙත් කැනඩා රජය සංකිලිව මෙරටට භාරදීමට ක්‍රියානොකර ඔහුට දේශපාලන රැකවරණ ලබාදුන්නේය. රවි ශංකර් හෙවත් සංකිලි අද කැනඩාවේ ට්‍රක්‌ රථ සමාගමක අධ්‍යක්‍ෂකවරයෙක්‌ ලෙස ක්‍රියාකරයි.

සංකිලි පිළිබඳව කැනඩා බුද්ධි සේවාව ලත් තොරතුරුවලට අනුව ඔහු කොටි ත්‍රස්‌තයන් රැසක්‌ රැගත් ප්‍රින්සස්‌ ඊස්‌වර් නැව කැනඩාවට යවා ඇත. මෙම කොටි නැවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කොටි හමුදා නායකයන් රැසක්‌ සිටි අතර ඔවුන්ගේ අනන්‍යතාව කැනඩා රජය හෙළිකර නැත.

රවි ශංකර් හෙවත් සංකිලි ගැන තවදුරටත් තොරතුරු හෙළිවූයේ ප්‍රභාකරන් මුහුදු කොටි නායක සුසෙයි සහ සංකිලි සිටින ඡායාරූපයක්‌ වන්නියේ කොටි බංකරයක තිබී හමුවීමයි.

සංකිලි විසින් ෂෝවා මාරු, කොයිටර් තියෝගි, ධනිඩ්ෂි, කොෂියා, සිතින් සහ ටට්‌සුෂිමා සහ කොටිහාට්‌ මෙහෙයවූ බවද වැඩිදුරටත් හෙළිවිය.

එහෙත් සංකිලි හෙවත් රවි ශංකර්ව අද මෙරට රජයට හෝ පොලිසියට අවශ්‍ය නැත. ඔහු දුටුතැන අල්ලනු ලැයිස්‌තුවෙන් ඉවත්වී තිබේ.

දුටුතැන අල්ලනු ලැයිස්‌තුවෙන් ඉවත්වී ඇති අනිකුත් කොටි ත්‍රස්‌තයන් මෙසේය.

ltte3

තනික්‌සීලම් ශ්‍රී ශංකර්, විමලනාදන් පොන්නුකෝන්, දොරේසාමි සෙල්වකුමාර්, ජයරත්නම් රුද්රකුමාර්, කුමාර ස්‌වාමිධර්කුමාර්, ජෝශප් ඇන්තනි ජන්නන්, යෝගරාඡ් තම්බිරාඡ්, ජෙගන් මහලිංගම්, ෂිවශංකර් කන්දවානම්, සිවසුබ්‍රමනියම් හරිරාම්, අමල්දාස්‌ ඡේසුරාසා, තයාලන් ෙච්ල්ලයියා, අරුල් ප්‍රකාසම් බර්නාඩ් කෘස්‌, නවරත්නම් ජෙය මනෝහරන්, සිවඥනම්, අබිරාම් රාමචන්ද්‍රන්, ජෙයසීලන් ජෙගනාදන්, නවතියන් රාසනායගම්, සෙල්ලයියා රාමචන්ද්‍රන්, සින්නයියා ගුණසේකරම්, ඇන්තනි කාලිදාස්‌, සිවාරාජන් මර්කන්දු, වසන්තකුමාර් මුත්තුරාසා, සබීෂ් පත්ගුණරාජා, විජයගමුර්ති සේකරපිල්ලේ, ශ්‍රී ගනේෂ් කන්දයියා, තමෝදරම් පිල්ලේ සුදර්ශන්, කන්දීපන් අන්නලිංගම්, නවනීලම් විවේකන්දගම්, නඩරාජා සතීසීලන්, කන්දීපන් සෙබස්‌තියන් පිල්ලෙයි, නවරාජා සබේස්‌වරන්, සුබ්‍රමනියම් විවේකනාගන්, ජෙගනාදන් පොන්නුකෝන්, ටෝනි ජිහාස්‌ මුරුගේසුපිල්ලෙයි, ශන්මුග සුන්දරම්, දොරේසාමි සෙල්වකුමාර්, කමලනාදන් සතිෂ්කුමාර්, රාජා වඩිවේල්, ජෙය විනෝදන් රාජමූර්ති, කරුණා කුලරත්නම්

ශ්‍රී ලංකාවේ පොලිසියට අවශ්‍යව සිටි කොටි ත්‍රස්‌තයන් අතර තවත් ප්‍රමුඛතම කොටි ත්‍රස්‌තයකු වූයේ රේවතන්ය. ඔහුට පැවරී තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ගමන්බිමන් ගැන විමර්ශනය කිරීමයි.

රේවතන්ව කොටි බුද්ධි අංශය විසින් සිංහලයකු මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධානයක උප සභාපති ලෙස පත්කර තිබුණි. මොහු බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අතර නිරතුරුවම වාහනයකින් වන්නියට ගියේය. එහෙත් මේ වාහනය ආරක්‍ෂක අංශවල පරීක්‍ෂාවට ලක්‌වූයේ නැත.

මේ රාජ්‍ය නොවන සංවිධානයේ තවත් උපසභාපතිවරයකු ලෙස කටයුතු කළේ පසුගිය රජය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට සමීප වී සිටි අයෙකි. වරක්‌ මොහු මඩකලපුවට ගොස්‌ කර්කාලන් හමුවී සාකච්ඡාවක්‌ද පවත්වනු ලැබීය.

වන්නි මෙහෙයුමින් කොටි පරාජය වීමට පෙර රේවතන් ඉන්දියාවට පැන ගියේය. එහෙත් ත්‍රස්‌ත මර්දන බලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියාගෙන් සහ එහි සිටි අනිත් උප සභාපතිගෙන් ප්‍රශ්න නොකළේ ඔවුන්ගේ බලවත් දේශපාලන සබඳතා නිසාය.

මෙලෙස දුටුතැන අල්ලනු යනුවෙන් රතු වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත්වී තිබූ රේවතන්ගේ නමද ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් අහෝසි විය.

මෙවන් පසුබිමක්‌ මැද ඉන්ටර්පෝල් ආයතනය අද දුටුතැන අල්ලනු ලැයිස්‌තුවට ඇතුළත් කර ඇත්තේ තිදෙනකුගේ නම් පමණකි. ඉන් එක්‌ අයෙක්‌ පාතාල කල්ලි ක්‍රියාකාරියකු බව කියන කොස්‌ගොඩ මධූෂ් නමැත්තායි.

මේ අයුරින් ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඕනෑකරන කොටින්ගේ නාම ලේඛනය අහෝසිවීම ගැන පාර්ලිමේන්තුවේදී පවා ප්‍රශ්න නොකෙරුණි. ඒ නිසා මිනීමරු කොටි අපරාධකරුවන්ට අද ලොව ඕනෑම රටෙක නිදහසේ සැරිසැරීමට ඉඩ ලැබී ඇත.

මේ ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ මෙරට පාතාල ක්‍රියාකාරීන් රැසකගේ සහ මහා පරිමාණ වංචාවලට සම්බන්ධවූවන්ගේ නම්ද තිබූ අතර කොටි නාම ලේඛනය සමඟ ඔවුන්ගේ නම්ද අහෝසි විය.

එහෙත් රටේ ජනතාව මේ බව නොදනී.

මෙලෙස ඉන්ටර්පෝල් දුටු තැන අල්ලනු ලැයිස්‌තුවෙන් ඉවත්කළ කොටි නාම ලේඛනයේ සඳහන්වන ප්‍රධානතම කොටි නායකයන් අතර සේකරපිල්ලෙයි විනයගමූර්ති හෙවත් විනයාගම්ගේ නමද විය.

2010 දී පොලිසිය ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්ගෙන් වරෙන්තුවක්‌ද ලබාගෙන තිබුණි.

එහෙත් විනයාගම් අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට නොහැකි විය. එහිදී කොටි ඩයස්‌පෝරාව විනයාගම්ගේ අනන්‍යතාව වෙනස්‌කිරීමට ප්‍රයෝගයක්‌ කළේය.

ඒ විනයාගම් යනු තංගවේලු විනයාගම් හෙවත් මයික්‌ පෝ නමැති මුහුදු කොටි නියෝජ්‍ය නායකයා බව ප්‍රකාශ කිරීමයි.

මේ නියෝජ්‍ය මුහුදු කොටි නායක මයික්‌ පෝ 2009 පෙබරවාරි 4 දා මුලතිව්හි චලෙයි මුහුදු කොටි කඳවුරට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය බවට වාර්තාවූවත් ඔහුගේ සිරුර හමුවූයේ නැත.

මේ පසුබිම මැද සේකරම්පිල්ලෙයි විනයගමුර්ති යුරෝපයෙන් මතුවී තිබුණි.

මොහු මෙන්ම කොටි අවි ආයුධ ජාලයේ 2 වැනියා ලෙස කටයුතු කළ පොන්නයියා ආනන්දරාසා හෙවත් අයිසන් නමැත්තාගේ නම්ද ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් අහෝසි විය.

එ.ජා.ප. රජය යටතේ තායිලන්තයේ සතාෂිප් නුවරදී සාම සාකච්ඡා ආරම්භ වන අවස්‌ථාවේ නැගෙනහිර කොටි නායකයාව සිටි විනයගමුර්ති කරුණා අවි ආයුධ වර්ග 400 ක ලැයිස්‌තුවක්‌ රැගෙන බැංකොක්‌ නුවරට ගියේ අයියන්නා හමුවීමටයි.

මෙරට ත්‍රස්‌ත ක්‍රියාසිදුකිරීමට අවි ආයුධ සැපයූ අයියන්නාද අද යහපාලන රජයට අවශ්‍ය නැත. මෙය පුදුමසහගත තත්ත්වයක්‌ නොවේද? ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් ජිනීවා යෝජනාව පිළිගෙන හමුදාව පාවාදුන් රජය යුද අපරාධ සිදුකළ කොටි ත්‍රස්‌තයන් ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත්කිරීම ආරක්‍ෂක හමුදාවට කළ සරදමක්‌ නොවන්නේද?

එසේම නෝර්වේහි කොටි නායකයා ලෙස ක්‍රියාකරන පෙරිම්බනායගම් සිවරාසන් හෙවත් තෙදියවන්ද ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. ඔහු නෝර්වේ සිට කොටි ජාලය මෙහෙයවමින් සිටියි. එහෙත් රටවල් රැසක සිදුවන කොටි ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ආරක්‍ෂක උපදේශකයන් පත්කර නැත.

ltte4මේ නිසා කොටි ඩයස්‌පෝරාවේ විදේශගත ක්‍රියාකාරීන්ට සංචාරකයන් වේශයෙන් උතුරට පැමිණීමට හැකිවී ඇත. එහෙත් රජය ඔවුන් උතුරට පැමිණ කුමක්‌ කරන්නේද යන්න නිරීක්‍ෂණය කරන්නේ නැත. එසේම එදා කොටි ගැන විමර්ශනය කළ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේන් සාලේද එම ධුරයෙන් ඉවත්කර තිබේ.

මේ අතර කොටි ත්‍රස්‌තවාදීන් විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ බිහිසුණු ලෙස තිරුක්‌කෝවිල් කැලෑවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හෙටට (11) වසර 28 ක්‌ සපිරේ.

තිරුක්‌කෝවිල් ඝාතනයට හසුවූ පොලිස්‌ නිලධාරියකුවූ ධම්මික ප්‍රියදර්ශන සුමනසේකර මහතාගේ බිරියවූ පත්මිණි ලද්දුවහෙට්‌ටි මහත්මිය පසුගිය සතියේ පලවූ තිරුක්‌කෝවිල් ඝාතනයට අදාළ ලිපිය කියවීමෙන් පසු අප ඇමතුවාය.

“මගේ සැමියා එරාවුර් පොලිසියේ සේවය කළා. ඔහු අතුරුදන්වූ බව පමණක්‌ පොලිසිය පැවසුවා. එහෙත් තිරුක්‌කෝවිල්හිදී ඝාතනය වූ බව අපට දැන්වූයේ නැහැ. වසර 7 කට පසු මරණ සහතිකයක්‌ නිකුත් කළා. ඒ මරණ සහතිකයේ තිබුණේ කොටි විසින් ඝාතනය කළ බව යෑයි” ඇය කියා සිටියාය.

සැමියාගේ මරණින් පසු වන්දි ලෙස රුපියල් 75000 ක්‌ ලැබුණා යෑයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ltte5

මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් උතුරේ විවිධ ස්‌ථානවල හමුවන ඇටකටු ඩී එන් ඒ පරීක්‍ෂාවකට ලක්‌කරන රජය තිරුක්‌කෝවිල් මිනීවළ හාරා එහි ඇති ඇටකටු පරීක්‍ෂාවට ලක්‌නොකරන්නේ මන්ද යන්නයි.

එසේම මුලතිව් ගොස්‌ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥතීන් හමුවන කොමිසම ඝාතනයට ලක්‌වූ පොලිස්‌ භටයන් 600 කගේ පවුල්වල සාමාජිකයන් හමුනොවන්නේ මන්ද?

මේ අතර මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත්වෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස රජයට කියා සිටියේය.

මෙයට පෙර 2017 සැප්තැම්බර් මස ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුවේදී නෝර්වේ රජයද ත්‍රස්‌ත මර්දන පනත අහෝaසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්‌ කළේය.

මේ පනත අහෝසි කළහොත් සිදුවන්නේ රැදවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තයන් 112 ක්‌ම නිදහස ලැබීමයි.

මෙලෙස රැඳවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තයන් අතර ලයන් එයාර් ගුවන් යානාවට මිසයිල ප්‍රහාර එල්ල කළ කොටි ත්‍රස්‌තයාද වේ.

මේ අතර සයනයිඩ් කරලක්‌ කටේ දමාගෙන සියදිවි නසාගත් කොටි ත්‍රස්‌තවාදියකු වූ පොන් සිවකුමාරන් නැමැත්තාගේ 44 වැනි සමරුව යාපනයේදී ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම්ගේ මෙහෙය වීමෙන් ප්‍රසිද්ධියේ පවත්වා ඇත. සිවකුමාරන් කෝපෙයි බැංකුවට ප්‍රහාර එල්ල කිරීමේදී පොලිසියට කොටුවී තිබුණි. මොහුගේ ප්‍රතිමාවක්‌ද දැන් යාපනයේ ඉදිකර තිබේ. මෙලෙස යහපාලන රජය යටතේ කොටි අපරාධකරුවන්ගේ ප්‍රතිමාවක්‌ද ස්‌ථාපිත කිරීමට දැන් ඉඩ ලැබී ඇත.

(දිවයින පුවත්පතේ පළවූ ලිපියකි )

Related posts

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

“ඉන්දන නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍යක්”

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩෙකුට වැරදි බෙහෙත් දීලා.. නැවත කොළඹ ජාතික රෝහලට එවලා..

colombotoday

රාජිත ඇවිල්ලා කටේම අතුල්ලලා ගියා. දැන් කියන්නේ “නෝනා පිටගිය කාලෙත් මාත් එක්ක හිටියා වගේ” කතාවක්

colombotoday

iPhone 39ක් සහ රත්‍රං කිලෝ 3ක් සමග 6ක් අත්අඩංගුවේ

colombotoday

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපති අධිකරණයට දන්වයි

colombotoday