Colombo Today Local News

පොරොන්දු පරිදි 7ට පෙර නිදහස් නොකළොත් නොකා නොබී මැරෙන බව කොටි සිරකරුවෝ ජනපතිට දන්වයි

කොටි සැකකරුවෝනොවැම්බර් 7 වනදාට පෙර තමන් නිදහස් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවත් පොදු සමාව ලබා දී තමන් නිදහස් නොකළොත් උපවාසයේ සිට මියැදෙන බවටත් රැදවුම් භාරයේ සිටින එල්.ටි.ටී.ඊ. සැකකරුවන් දැඩි තීරණයකට එළඹ තිබෙන බවට වාර්තා වනවා.

දැනට රැදවුම් භාරයේ ඉන්නා ත්‍රස්තවාදී සැකකරුවන්ට නඩු පවරා ඇප මත නිදහස් කිරීමට පසුගිය දා අගමැතිවරයා තීරණය කර තිබුනද එම තීරණයට එකග නොවන බවත් පොදු සමාව දී සියළු සැකකරුවන් නිදහස් කළ යුතු බවත් ඔවුන් දැඩි තීරණයක ඉන්නා බවයි ඥාතීන් ප්‍රකාශ කර තිබෙන්නේ.

එසේම උපවාසයේදී තමන් මිය ගියහොත් එයට ජනාධිපතිවරයා වගකිව යුතු බවත් තමන්ගේ සිරුරු දන් දීමට කටයුතු කළ යුතු බවත් ත්‍රස්ත සිරකරුවන් පවසා ඇති බවයි වාර්තා වන්නේ. තමන්ගේ නිදහස වෙනුවෙන් ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී උපවාසයක් කළ යුතු බවට එම ත්‍රස්ත සැකකරුවන් ප්‍රකාශ කරන බවද මේ පිළිබදව ජනාධිපතිවරයාට ද ලිපියක් යවා ඇති බවද ඔවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කර ඇත.

මේ අතර පරීක්ෂණ පැවැත්වෙන සැකකරුවන් අතරින් බරපතල චෝදනා ගොනු කිරීමට තරම් සාක්ෂි නැති සිරකරුවන් නිදහස් කර යැවිය හැකි මුත් බරපතල ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ චෝදනාවට ලක් වූ කොටින් මුදා හැරීමට පියවර ගනු ඇත්තේ අධිකරණය විසින් බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය දා යපනයේ දී ප්‍රකාශ කර තිබුණේ.

Related posts

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday

එජාපය අද ප්‍රභූ පංතියට ආවඩන ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා.. ඊට විරුද්ධ වූ මා පක්ෂයෙන් නෙරපුවා

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

සහරාන් ත්‍රස්තයාගේ නැගනිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට…

colombotoday

දැරියක් අපයෝජනය කළැයි පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඇතුලු 5 ක් රිමාන්ඩ්

colombotoday

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday