Colombo Today Local News

අන්තවාදී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව නොසන්සුන්තාවයක් තිබෙනවා | මන්ත්‍රී නීතිඥ මධුර විතා­නගේ – Video

කොවිඩ් 19 වසං­ගත තත්ත්වය තුළ විවිධ ආය­ත­න­යන්හි වැඩ­ක­රන පැය ප්‍රමා­ණය අවම මට්ට­මක පැව­තිය ද ප්‍රාග්ධන වෙළෙ­ඳ­පොළ ක්‍රියා­කා­රි­ත්වය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවැනි ස්ථාන­යට පැමිණ තිබෙන බව පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතා­නගේ මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රී­ව­රයා මේ බව සඳ­හන් කෙළේ ඊයේ (15) පැවැති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මාධ්‍ය හමු­වට සහ­භගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ­කළ නීතිඥ මධුර විතා­නගේ මහතා මෙසේද පැව­සීය.

ගෝලීය වසං­ග­තය තුළ වුව ද ආයෝ­ජ­ක­යන් විශ්වා­ස­යෙන් යුතුව අපේ රටේ ආයෝ­ජන කරන්න කට­යුතු කර තිබෙ­නවා. වත්මන් ආණ්ඩුව පොලි අනු­පා­තය පහළ දැමීම තුළ ආයෝ­ජ­ක­යන් ආයෝ­ජ­නය සඳහා පෙළඹී සිටි­නවා. දැන්වත් කයි­වාරු නොගහා මේ තත්ත්වය තේරුම් ගන්නා ලෙස විප­ක්ෂයේ ආර්ථික ඔස්තා­ර්ලාට කියන්න කැමැති.

අද අපට දේශ­පා­ලන සහ ආර්ථික වශ­යෙන් ඉතාම වැද­ගත් දව­සක්. උතුරු නැඟෙ­න­හිර දෙමළ අන්ත­වා­දීන්ගේ ආධි­ප­ත්‍යය මුලි­නු­පුටා දමන වැඩ­ස­ට­හන් රැසක් මේ වන­විට ජන­තාව අත­රින් මතුව තිබෙ­නවා. දෙමළ ජාතික සන්ධා­නය ප්‍රමුඛ දෙමළ දේශ­පා­ලන ව්‍යාපා­රය පසු­ගිය කාලය පුරාම ජන­තා­වගේ ප්‍රශ්න විකුණා ගෙන තමන්ගේ පවුල් පෝෂ­ණය කළා මිස රටට යහ­පත් දෙයක් කෙළේ නැහැ. පළාත් පාලන ආය­ත­න­ව­ලත් අද වන­විට විශාල නොස­න්සු­න්තා­ව­යක් තිබෙනවා.

වසර 25කට ආසන්න කාල­යක් දෙමළ ජාතික සන්ධ­නය බලය හිමි­ක­ර­ගෙන තිබුණ උප්පු­වේලි, කඩ­වත් සතර ප්‍රාදේ­ශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ අත්කර ගෙන තිබෙ­නවා. ඒක අපි බල­යෙන්, මුදල් ගෙවා ලබා­ගත් එකක් නොවේ. මන්ත්‍රී­වරු අතර තිබුණු එක­මු­තු­ක­මින් මේ ජය­ග්‍ර­හ­ණය ලබා­ගෙන තිබෙ­නවා. ඔවුන් තේරුම් ගෙන තිබෙ­නවා යායුතු ගමන. අන්ත­වාදී දේශ­පා­ලන කණ්ඩා­යම සමඟ යායුතු නැතැයි තේරුම් ගෙන තිබෙ­නවා. ලෝකයේ ප්‍රකට ආය­ත­න­යක් වන බ්ලූම්බර්ග් ආය­ත­නයේ වෙබ් අඩ­විය දර්ශක ඉදි­රි­පත් කර තිබෙ­නවා. පසු­ගිය දින­වල විවිධ දර්ශක යොදා ගෙන විප­ක්ෂය විවිධ චෝදනා එල්ල කළා. දැන් තිබෙන තත්ත්වය අපි දන්නවා. ගෝලීය වසං­ග­ත­යක්, දැඩි සංච­රන සීමා තිබෙ­නවා. වැඩ කරන පැය ගණන අවම වී තිබෙ­නවා.

වැඩ­ක­රන පැය­ව­ලින් සිය­යට 40ක් 50ක් ධාරි­තා­ව­ය­කින් තමයි අපි අද වැඩ කරන්නේ. එහෙම තියා­ගෙන ලෝකයේ ප්‍රාග්ධන වෙළෙ­ඳ­පොළ ක්‍රියා­කා­රි­ත්වය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවැනි ස්ථාන­යට පැමිණ තිබෙ­නවා. අද වන­විට කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය­යට 3.5 ක වර්ධ­න­යක් පෙන්ව­නවා. පසු­ගිය සති දෙකේ දී දෛනික පිරි­වැ­ටුම රුපි­යල් බිලි­යන 5 ඉක්මවා ගොස් තිබෙ­නවා. මේ සියල්ල ගත්විට ගෝලීය වසං­ග­තය තුළ වුව ද ආයෝ­ජ­ක­යන් විශ්වා­ස­යෙන් අපේ රටේ ආයෝ­ජ­නය කරන්න පිය­වර ගෙන තිබෙ­නවා. පසු­ගිය කාලයේ යහ­පා­ලන ආණ්ඩුව සමයේ ඉහළ පොළී අනු­පා­ත­යක් තිබුණා. නමුත් වත්මන් ආණ්ඩුව පොළී අනු­පා­තය පහළ දැමීම තුළ ආයෝ­ජ­ක­යන් ආයෝ­ජ­නය සඳහා පෙළඹී සිටි­නවා. එය විශේ­ෂිත තත්ත්ව­යක්. කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ලෝකයේ දෙවැනි ස්ථාන­යට පැමි­ණීම සම්බ­න්ධ­යෙන් අපිට ආඩ­ම්බර වෙන්න පුළු­වන්.

ඇතැම් සමා­ගම් තමන්ගේ කොටස් හිමි­යන්ට ඉහළ ලාබාංශ ලබා දුන්නා. ඇතැම් කාල­වල දෛනික පිරි­වැ­ටුම රුපි­යල් බිලි­ය­න­යට වඩා අඩු මට්ට­මක පැව­තියා. නමුත් අපි කියන්න කැමැ­තියි කයි­වාරු ගහන ආර්ථික ඔස්තා­ර්ලාට දැන්වත් කයි­වාරු නොගහා ඉන්න කියලා. මේ සමා­ජ­යට බොරු කියලා වැඩක් නැහැ. ජන­තාව ඇත්ත දන්නවා. කොරෝනා වසං­ග­තය තුළ ඔවුන්ගේ එකම කරුණ වන්නේ මොකක් ද ?. මේ කොරෝනා වලින් ජන­තාව බේර ගන්න හැකි වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කළ­යු­තුයි කියලා කව­දා­වත් කියන්නේ නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ කීයක් හෝ වැඩි­පුර මැරෙන්න ඕනෑ කියලා. මේ රට විනාශ වෙන්න ඕනෑ. ආර්ථි­කය කඩා වැටෙන්න ඕනෑ කිය­ලයි. ඒ නිසා මේ කල්ලියේ බලා­පො­රොත්තු ජන­තාව තේරුම් ගෙන ඉන්නවා. ඔවුන් සාමාන්‍ය මාන­සි­ක­ත්ව­යෙන් වැඩ­ක­රන බවක් පෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි ඔවුන් හැසි­රෙන්නේ. ජනා­ධි­ප­ති­තුමා විනි­විද භාව­යෙන් කට­යුතු කර­ගෙන යනවා.

නිය­මිත පරිදි වැඩ කර­නවා. ඒ නාය­කයා සමඟ අපිට හොඳින් වැඩ කරන්න පුළු­වන්. අපිට තුනෙන් දෙකක බල­යක් තිබුණා කියලා කිසිඳු වේලා­වක ජන­තා­වට අග­ති­යක් සිදු­වන, රටට හානි­යක් වන කිසි­වක් කරන්නේ නැහැ. ජන­තාව ලොකු විශ්වා­ස­ය­කින් අපිව පත්කර තිබෙන්නේ. ඒ නිසා ඒ කට­යුතු එලෙ­සින්ම කර­නවා. මේ ගෝලීය වසං­ග­තය තුළ අපේ රට ආර්ථික වශ­යෙන් ඉදි­රි­යට යනවා කියන්නේ එහි ප්‍රති­ලාභ සෘජුව හා වක්‍රව අපේ සමා­ජ­යට ලැබී­මයි. අද ගම සමඟ පිළි­ස­ඳර වැඩ­ස­ට­හන තුළින් ගම් 14000ක් සංව­ර්ධ­නය කර­නවා. මේ වසං­ග­තය අභි­යෝ­ග­යක් නොකර මනා කළ­ම­නා­ක­ර­ණ­ය­කින් රට ඉදි­රි­යට ගෙන යන්න අපි කැප වෙනවා.දු­ජන පෙර­මු­ණට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ.

Related posts

තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ – විපක්ෂ නායක සජිත් කියයි

Admin

කිල්ලෝටයේ හුණු ! රජිත් කීර්ති “දූෂණ විරෝධයෙන්“ ඉවතට

colombotoday

තිළිණ ගමගේට නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නැහැ

colombotoday

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි- හිටපු ජනපති කියයි

colombotoday

හෝමාගම සහ ගොඩගමින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් කවදාවත් බන්ධනාගාරගත කරන්නේ නෑ.. රට තුළට එන මත්ද්‍රව්‍ය නතර කරනවා..

colombotoday