Colombo Today Sports News

ශ්‍රී ලංකා පිලේ මීළඟ පුහුණුකරු ගැන මාතෘකාව කරළියට. – මහේලට ලැබෙන්න යන දේ

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය පුහුණුකාර ධුරයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු කවුරුන්ද යන වග මේ වන විට මාතෘකාවක් බවට පත්ව තිබේ.

අදාළ පුරප්පාඩු තනතුර සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාමගේ නම යෝජනා වී තිබුණත්, ඒ සම්බන්ධයෙන් මහානාම මහතා තවමත් නිශ්චිත තීරණයකට එළැඹ නැති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී. එම ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලාංකිකයෙක් පත් වීමට වැඩි ඉඩ කඩක් පවතින බවටද සැල වේ.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ වයස අවුරුදු 19න් පහළ යොවුන් යන ක්‍රිකට් කණ්ඩායම් තුනෙහිම උපදේශක පුහුණුකරුවෙක් වශයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනව පත් කිරීමේ සූදානමක් ඇති බවටද වැඩිදුරටත් වාර්තා වේ.

නිමාවට පත් වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උපදේශක පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළ මහේල ජයවර්ධන පසුව වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීමට එකඟතාවය පලකර තිබුණි.

Related posts

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග – ICCයෙන් වීඩියෝවක් එළියට

Admin

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Admin

පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක් කැදවයි… අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම රාජිතට දෙන්නැයි ඉල්ලයි….

colombotoday

ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නොගැනීම කණගාටුවට කරුණක් – මහේල කියයි

colombotoday