Colombo Today Local News

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

ඉන්ධන මිල සූත්‍රය තමන්ද දැක නැති බවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනකුට එය ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පැවැසීය.

එම මිල සූත්‍රය සකසන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කමිටුවකින් බවත් ඇමැතිවරයා කීවේය.

එම කමිටුව සඳහා දේශපාලනඥයන් සහභාගි නොවන බවද සමරසිංහ ඇමැතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලනිප මූලස්ථානයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.
ජනතාව අපහසුතාවට පත්වන අයුරින් සිදුකරන මෙවැනි යෝජනාවලදී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරයකු ලෙස මැදිහත් නොවන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

“අපි අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. නමුත් මේ මිල සූත්‍රය සකසන්නේ ජාත්‍යන්තර මිල ගණන්වලට සමගාමීව. හැබැයි මේ මඟින් ව්‍යාපාරිකයා විසින් පාරිභෝගිකයා අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියා සිදුකරනවා නම් එවැනි ක්‍රියාවන් කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ.”

කෙසේවෙතත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ “මිල සූත්‍රය” තොරතුරු දැනගැනීමේ පනත මගින් කිහිප වරක් ඉල්ලුම් කලද තම සංවිධානයට එය ලබා නොදීමට බලධාරීන් ක්‍රියා කල බවයි.

Related posts

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

colombotoday

බොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියති

colombotoday

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday

“පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් ඇතිකළ යුතුයි” – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති

colombotoday

තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !

colombotoday