World

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසින් කෝටි ගණනක් ශ්‍රී ලංකා මුදල් නෝට්ටු තොගයක් සොයාගනී…

මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසින් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස්පන්දහසක් ඇතුළු විදේශ මුදල් තොගයක් අද එරට පොලීසිය විසින් සොයාගනු ලැබිණි.

ඒ, අතර ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි අසූහත් ලක්ෂයක මුදල් තොගයක් ද සොයා ගැනීම විශේෂත්වයකි.

මැයි 9 වැනිදා පැවති මලයාසියානු මහ මැතිවරණයෙන්, පරාජය ලැබූ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව දූෂණ චෝදනා විමර්ශන පසුදිනම ඇරඹුණි.

2009 වසරේදි අගමැති ධූරයට පත් රසාක්, 2008 වසරේ සිටම මලයාසියානු රජයේ මුදල් ඇමතිකම ද හෙබවිය.

මලයාසියාවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යැයි පවසමින්, 2009 වසරේදී ආරම්භ කළ වන් මලයාසියා ඩිවලොප්මන්ට් බර්හැඩ් නම් සංවිධානයේ, උපදේශක මණ්ඩල සභාපතිවරයා වූයේ ද අගමැති රසාක්.

ඩොලර් බිලියන ගණන් ගලා ආ සංවර්ධන අරමුදලේ මුදල්, 2014 වසර වන තෙක් කිසිඳු විනිවිද භාවයකින් තොරව රසාක්ගේ පවුලේ වුවමනාවට වියදම් කර ඇති බවට, 2015 වසරේදී චෝදනා එල්ල විය.

එක් මලයාසියාවක් සඳහා එක්රැස් වූ ජනතා මුදල් එක් පුද්ලගලයෙකුගේ පසුම්බියට වැටි ඇති බවට චෝදනා කළ එවක විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් වැඩි යමක් කීමට පෙර සිපිරි ගෙට යැවූ රසාක් පාලනය, මුදල් වංචා චෝදනා එක හෙළාම ප්‍රතික්ෂේප කළේය.

එහෙත්, අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව හා බුද්ධි අංශ ගොනු කළ කරුණු වලට අනුව, සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් පිටරට පටවා ඇති රසාක් හවුල, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 684 ක් සෘජුව , අගමැතිවරයාගේ ගිණුමකට බැර කර තිබේ.

මහතීර් මොහහොමඩ් අගමැති ධුරය භාර ගත් පසු අලුත් වු විමර්ශන අනුව අද උදෑසන ක්වාලාලම්පුර්හි, පැවිලියන් නිවාස සංකීර්ණයේ පිහිටි රසාක්ගේ සුපිරි නිවාසය මලයාසියානු පොලීසිය සෝදිසි කළේය.

එහිදී, සුඛෝපාභෝගී ගමන් මළු 284 ක්, අත්බෑග් 72 ක්, මුදල් පිරවූ මළු විශාල සංඛ්‍යාවක්, රන් ආභරණ තොගයක්, වටිනා අත්ඔරලෝසු තොගයක් සොයාගත් බව විදෙස් වාර්තාවල සඳහන්.

එහි තිබී රුපියල් මිලියන 28.7 ක් වටිනා ශ්‍රී ලංකා මුදල් නෝට්ටු තොගයක් ද හමු වී තිබේ.

මලයාසියානු අගමැතිවරයෙකුගේ වාර්ෂික වැටුප අමෙරිකානු ඩොලර් 70,000ක් වන අතර, ඔහුගේ නිවසේ තිබූ එක් අත්බෑගයක වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000කි.

සොයා ගත් මුළු මුදල් තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නොමැත.

විමර්ශන වලින් දැනට හෙළි වී ඇති කරුණු අනුව වන් මලයාසියා සංවර්ධන අරමුදලේ මුදල්, අමෙරිකාව , සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය යන රටවල ගිණුම්වලට බැර කර ඇති හිටපු අගමැති හවුල එම මුදල් වලින්, ලාස් වේගස් හි සුපිරි හෝටලයක්, සුඛෝපභෝගි කුඩා යාත්‍රාවක් , ජෙට් යානයක්, දියමන්ති ආභරණ , පිකාසෝ චිත්‍ර‍යක් මිලදි ගෙන තිබේ.

තව ද හොලිවුඩ් චිත්‍ර‍පට දෙකකට මුදල් යෙදවිමට ද ඔවුන් කටයුතු කර ඇති බව විමර්ශන වාර්තා හෙළි කරනු ලැබේ.

මෙම සියල්ල පිටුපස මලයාසියානු අගමැතිවරයාගේ පුත්‍ර‍යාගේ මිත්‍රයෙකු වන ලෝ ජෝ නැමැත්තෙකු ඇති අතර ඔහු ඒවා ඇති එක් ඊමේල් පණිවිඩයකින්, මෙම අරමුදල රත්‍රං නිධියකට සමාන බවට ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන් ය.

කෙසේ වෙතත්, හිටපු අගමැතිවරයාට හිමි තවත් දේපළ වැටලීමට මලයාසියානු පොලිසිය ඉදිරි දින කිහිපයේදී සැලසුම් කර තිබේ.

Related posts

ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

colombotoday

ඉරානය මුහුදේ කල යුධ අභ්‍යාසයක් වරදී – නැවියන් 19 ක් මරුට

colombotoday

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්

colombotoday

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday