Articles

මිය ගියේ මංගල ලකුණ ද?

225 ට ම සාප කරන සමාජය අද මියදුණු මංගල සමරවීර මහතා වෙනුවෙන් බොහෝ ප්‍රශස්ති ගයනු දැකීම වෙන දෙයක් නොව මෙරට දේශපාලන දරිද්‍රතාවයේම කොටසකි.ඔහු දේශපාලන ලිබරල්වාදී ඔස්තාර් කෙනකුට අන්දන FB විරුවෝ 1983 දී සිරිමාවෝ මැතිණියගන් ලබා ගත්තේ පංච මහා බලවේගය දකුණට හැරවීමේ ද්‍රෝහි කොන්ත්‍රාත්තුවක් ද යන්න නොකියති.

1994 දී මාතර 4 වැනියා වූ මංගල ඔසවා තැබීම ඇරඹුවේ චන්ද්‍රිකා ජනාධිපතිණියයි.මාතර වැනි සිංහල බෞද්ධ පරිසරයක උපන් මංගලගේ පිටේ සුදුනෙළුම එල්ලා ඔහු දේශපාලන අපතයකු කිරීමට වැක්සීන් එක දුන්නීද ඇයයි.

රනිල් ට පණ නෑ වැනි වදන් සමාජගත කරන්නටද ඇය මංගල ට කැබිනට් ප්‍රකාශක ආදී තනතුරු දෙමින් වාචාල කටක්ද දුන්නාය .ඒත් මේ සියල්ල ම මංගල දක්ෂ ලෙස කළේ ය .

2005 දී ඔහු රජෙක් තැනුවේය.ඒ රජා හොඳ ම ඇමතිකම් දුන්නට මංගල අගමැති ලෙස තමාගේ දෙවැනියා කර නොගැනීමට පරෙස්සම් වී මහලු රත්නසිරි වික්‍රමනායක ළගට ගත්තේය .

එහෙත් ලිබරල් යයි කියන මංගල ශ්‍රී ලනිප “ම” පිල ගොඩනැගුවා මිස ලිබරල් රනිල් ට එක්වරම හේත්තු නොවීය.ඒ වනවිට දේශපාලන වශයෙන් නන්නත්තාර වූ මංගල *රනිල් සුසංයෝගය ගොඩනැගුණේ MR පොදු සතුරකු ලෙස දෙදෙනා ම සිතූ නිසා ය.

අන්තිමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මංගල කුරුදුපොලු බ්‍රිගේඩය තනන තැනට පත් විය .

2015-2020 මංගලගේ දේශපාලන දිවියේ උච්ඡතම කාලය යි.ජනාධිපති MS කියූ පරිදි ඔහුගේ අනුමැතිය නැතිවම UN 30/1 යෝජනාව ට මංගල එකග විය.ඉන් ඔහු දේශපාලන ජීවිතය ට බරපතළ තුවාල සිදු කර ගත්තේය .ඊනියා සංහිඳියාව වෙනුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට ,භික්ෂුන් ට පහර ගැසුවේය.ඇදුම් මැසීමේ උපාධියෙන් ආර්ථිකය හසුරුවන්න පුළුවන් සිතා සිටියද ආර්ථික ඉලක්ක තුට්ටු දෙකටම ඇද දැමුවේය.

රනිල් කරේ තියාගෙන ගිය (ඔහුගේ ප්‍රතිපත්තිවලට සහාය දැක්වූ) මංගල එක්වරම දේශපාලන අනාථයකු වී බොළඳ සජිත් ප්‍රෙමදාස ට ළං විය.කෙසේ වෙතත් සැබෑ ජනමතය ඉදිරියේ ඔහුට හතරගාතයෙන් ඇද වැටෙන්නට සිදු විය. 2020 මැතිවරණයෙන් ඉවත්වීම එහි සංකේතයයි.මංගල ම කියූ විධියට “දේශපාලන කුණු කූඩයට ” වැටුණි.

මේ රටේ චිරාත්කාලීන සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ගිය රනිල් ,චන්ද්‍රිකා ගොන්නෙහි ප්‍රබලයකු ලෙස පෙනී සිටීම නිසා දේශපාලනිකව මිය ගොස් සිටි මංගල අද වීරයකු ලෙස සිතන්නේ තවත් දේශපාලන අනාථයන්,ළිංමැඩි fb විරුවන් ,අවස්ථාවාදීන් හා කෙනකුගේ මරණයකදී හිත උණුවන අහිංසකයින් පිරිසක් පමණි.

මාතර ට කිසියම් සංවර්ධන වැඩ කොටසක් කළ අය අතර මංගල සමරවීර මහතා ප්‍රධාන වෙයි.එහෙත් ඔහු කියවා පැත්තකින් තැබිය යුතුවා මිස දේශපාලන ජීවිතයට උකහාගත යුතු මහා දේශපාලන ග්‍රන්ථයක් නොවේ.

මංගල සමරවීර මැතිතුමාට නිවන් සුව ලැබේවා !

දෙනගම දම්මික රණවීර

Related posts

මඩු වලිගය ගත යුත්තේ පරිසරය විනාශ කරන උන්ටය

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

අරාබියට එක නීතියක් ලංකාවට නීති ගොඩක්

colombotoday

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

සිතා හෝ නොසිතා මැකෝලා කරණ ජාතිද්‍රෝහී කතා

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයි

colombotoday