Colombo Today Local News

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය විය යුතු බවත්, තමා ද ඔහුට ඇත්තේ පුදුම බයක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ මාධ්‍යවේදීන් බිය ගැන්වීම් ඇතුළු බොහෝමයක් අපරාධ සිදු කිරීමට හමුදා බුද්ධිඅංශ හා සෙසු නිලධාරින්ට නියෝග ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් එනිසා තමා පුදුමාකාර ලෙස ඔහුට බිය බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එනිසා තමන් ඇතුළු රජයට අත්භූත චෝදනා නැගීම නවතා තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් නිදොස් බව ඔප්පු කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් බොරු පුවත් හා බොරු සංඛ්‍යා ලේඛන පිටුපස තිබෙන සත්‍ය කරුණු පිළිබඳ ජනතාව දැන ගත යුතු බවත් රජය අපහසුතාවයට පත් කිරීමට නොයෙක් කරුණු මාධ්‍ය තුළින් ඉදිරිපත් කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

බොහෝමයක් දේශපාලන අභියෝග යටතේ, ස්වභාවික විපත් යටතේ හා දැඩි නියඟයක් පැවති කාලයක් පසු ගිය වසර තුළ ආර්ථික වශයෙන් සියලු අභියෝග ඉදිරියේ රජය දිනා ගත් ජයග්‍රහණ කිහිපයක් ද ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දරා නොහැකි ජිවන වියදමක් පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා කථා කලත් රාජපක්ෂ ආණ්ඩුව කාලයේ තිබුණු ජීවන වියදමත් අද තියෙන ජීවන වියදමත් අතර විශාල වෙනසක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

2019 වර්ෂයේ දී රජයට රුපියල් බිලියන 4285 ණයක් පියවීමට ඇති බවත් එයින් සියයට 77 ක්ම 2015 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ගත් ණය වන බවත් රුපියල් බිලියන 970 ක් පමණක් වත්මන් ආණ්ඩුවේ ලෙස පියවීමට ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් 2020 දී රුපියල් බිලියන 3768 ක් ණයක් පියවීමට ඇති බවත් එයින් ද සියයට 77 ක්ම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ගනු ලැබු බවත්, 2021 දී පියවීමට ඇති ණය වන රුපියල් බිලියන 3441න් සියයට 83ක්ම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ලබා ගත් ණය වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

– adaderana

Related posts

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක්

colombotoday

බිරිඳව ගෙදර තියලා ක්‍රිකට් ගහන්න… තිසර-මාලිංග බිරින්දෑවරුන්ගේ හටන ගැන ක්‍රීඩා ඇමති කී කතාව

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

colombotoday

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

colombotoday