BusinessColombo Today Local News

Mars චොකලට්වල ප්ලාස්ටික්.. කන්න එපා.. රටවල් 52කින් ආපසු කැදවයි

ලොව චොකලට් වෙළඳපොළේ දැවැන්තයෙකු ලෙස සැලකෙන අමෙරිකානු මාස් සමාගම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 55කට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම රටවල් බහුතරයක් යුරෝපා රටවල් වන නමුත් ශ්‍රී ලංකාව හා වියට්නාමය වැනි රටවල මාස් චොක්ලට් ලද යළි කැඳවීමට නියමිත බව ඕස්ට්‍රේලියාවේ ඒබීසී පුවත් සේවය වාර්තා කරයි.

මීට හේතු‍වී ඇත්තේ ජර්මන් ජාතිකයෙකු විසින් ආහාරයට ගත් ස්නිකර්ස් නැමැති චොකලට් එකක තිබී ප්ලාස්ටික් කැබැලි හමුවීමයි.

මෙලෙස ප්ලාස්ටික් කැබැලි හමුවී ඇත්තේ අමෙරිකානු මාස් සමාගමේ නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ස්නිකර්ස් චොක්ලට් කැබැල්ලක බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

අදාළ කර්මාන්ත ශාලාව දකුණුදිග නෙදර්ලන්තයේ වෙගල් ප්‍රදේශයේ පිහිටා ඇත.

මේ සමග එම නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කර එංගලන්තය ඇතුළු ලොව රටවල් 55කට අපනයනය කළ මාස්, ස්නිකර්ස් ඇතුළු සියලූම චොකලට් නිෂ්පාදන නැවත කැඳවීමට ඇමෙරිකාවේ මාස් සමාගම පියවර ගෙන තිබේ.

මෙම තත්වය බලපා ඇති චොක්ලට් කැබැලි ප්‍රමාණය කෙතරම් ද යන්න සහ එයින් සිදුවූ අලාභය කෙතරම් ද යන්න එම සමාගම තවමත් හෙළි කර නොමැත.

කෙසේවෙතත් චොකලට් වලට ප්‍රියකරන ඇමෙරිකානුවන්ට ඔවුන්ගේ රට තුළ නිෂ්පාදනය කරන චොකලට් ආහාරයට ගැනීමට බාධාවක් නැති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

හබරාදුවෙන් 75% ක් පොහොට්ටුවට

colombotoday

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

colombotoday

PHIට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු තිදෙනෙකුට වුන දේ..

colombotoday

පොලිසියේ උසස් නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

Admin