Colombo Today Local News

MCC ගිවිසුම ගැන ජනතා අදහස් සැලකිල්ලට ගත යුතුයි – ජනපති ඇමරිකාවට කියයි

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම (MCC) සම්බන්ධ ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මඩුල්ලක් විසින් අධ්‍යයනය කරමින් සිටින බවද ජනාධිපතිවරයා අද (14දා) පස්වරුවේ දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය සමග පැවති සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සහශ්‍රක අභියෝගතා සංස්ථා ගිවිසුම සෙසු රටවල ක්‍රියාත්මක කළ ආකාරය සහ අත්දැකීම් පිළිබඳ විද්වත් මණ්ඩලයේ විශේෂ අවධානයට ලක්ව ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

වේගවත් ආර්ථික වර්ධනයක් සමගින් දුගී බව තුරන් කෙරුණු රාජ්‍යයක් ගොඩනැගීම තම රජයේ ප්‍රමුඛ අරමුණයි. විදෙස් ආයෝජන අවස්ථා දිරි ගැන්වීමට සරල බදු ක්‍රමයක් සහ අවශ්‍ය පහසුකම් සැපයෙන ව්‍යාපාරික පසුබිමක් රට තුළ සකසා ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන, කෘෂිකර්ම, සංචාරක සහ තාක්ෂණය පදනම් කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් ප්‍රධාන ක්ෂේත්‍ර අතරින් කිහිපයකි. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය මෙරට ඇගළුම් කර්මාන්තයේ ප්‍රධානතම ගැණුම්කරු වේ. එමෙන්ම ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණය පාදක කරගත් ක්ෂේත්‍ර සංවර්ධනයට ද සූදානම්ව සිටින හෙයින් තාක්ෂණය මූලික කරගත් කර්මාන්තවල ආයෝජනය සදහා තමා ඇමරිකා එක්සත් ජනපදයට ඇරයුම් කරන  බවද ජනාධිපතිවරයා  සහකාර රාජ්‍ය ලේකම්වරිය සමග පැවසීය.

Related posts

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday

යකඩ මිල ගණන් 50% කින් පහළට

Admin

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

colombotoday

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday