Colombo Today Local News

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

මැදවච්චිය පොලිස්බල ප්‍රදේශයේ, අංක 57 තුලාන, කොඩිය බැන්දවැව ගම්මානයේ ගෙවත්තක තිබී පසුගියදා (01) සවස අත් බෝම්බයක් හමු වී ඇත.

කොඩියබැන්දවැව පදිංචි නාමලි දිසානායක යන අයගේ ගෙවත්තේ තිබී මෙම අත් බෝම්බය හමු වූ බවත් ඔවුන් මීට දින කිහිපයක සිට පවතින වර්ෂා කාලය හේතුවෙන් ගොඩ බෝග වගා කිරීමේ අරමුණින් මෙම භූමිය එළි පෙහෙළි කළ බවත් එසේ සිදු කරමින් බිම සකසන අවස්ථාවේ අඩක් පසට යට වූ මෙම අත් බෝම්බය දුටු බව ගේ හිමියන් අපට පැවැසීය.

අනතුරුව මේ පළිබඳ ගේ හිමියන් විසින් මැදවච්චිය පොලිසිය දැණුවත් කර ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි මැදවච්චිය පොලිසිය විසින් මූලික විමර්ෂණ සිදු කර ඇත.

මෙම ප්‍රදේශයට මෙවැනි අත් බෝම්බයක් රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබඳ ඉදිරි පොලිස් විමර්ෂන සිදු කිරීමට නියමිතය.
ඡායා රූප ඊ මේල් කර ඇත.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

colombotoday

වසරේ හොදම ප්‍රබන්ධයට හිමි සම්මානය පොලීසියට දෙන්න ගම්මන්පිල යෝජනා කරයි

colombotoday

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday

සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයට

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday