Colombo Today Local Newsfeatured

මේවට කියන්නේ වදුරු කුණුහරුප කියලා. සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්තාවක් නිර්මාණය කිරීම යුක්ති යුක්තද?

නව ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය විසින් පළකරනලද පුවත්පත් දැන්වීමක් පාදක කරගෙන පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි දැඩි විවේචනයක් එල්ලකර තිබෙනවා.

සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්තාවක් නිර්මාණය කිරීම මොනතරම් යුක්ති යුක්තද? සදාචාරාත්මකද? යැයි ප්‍රශ්න කරමින් උන්වහන්සේ යොදා තිබුණු සම්පුර්ණ Facebook සටහන….

“මේවට කියන්නේ වදුරු කුණුහරුප කියලා. කොරෝනා අස්සේ ව්‍යවස්ථා හදන්න යෝජනා ඉල්ලනව. මිනිස්සු මරණ භයේ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් කුසගිණි නිවාගැනීමේ සටනක. ඒ සියල්ල පැත්තකින් තිබ්බත් රටකට ව්‍යවස්ථාවක් හදනකොට රටේ ජනතාවට නීති සෑදීමේ අයිතිය පවතින ව්‍යාවස්තාවෙන්ම තහ්වුරු කරලා තියෙනවා. ඒ අයිතිය උල්ලංඝණය කරමින් කකුල් අත්පා බැදලා පිහිණන්න දියට දමන්නා සේ ඒකරාශිවීමට, සාකච්චා සම්මන්ත්‍රණ ආදි කිසිවක් කළ නොහැකි වටපිටාවක කෙසේ නම් යෝජනා අදහස් දෙන්නද?

එනිසා මූලිකම කාරණය නම් කාලය මාස 6ක්වත් දිය යුතුය. අනික මේ යෝජනා අදහස් ගැනීම හුදු රැවටීමක්ද නැතිනම් අවංකවමද යන්න තහවුරු කළ යුතුය. සියලු පිටපත් සකසාගෙන අපි මහජනයාගෙන්ද අදහස් විමසූ බවට ලෝකයාට පැවසීමේ මිත්‍යාවද මේ කරන්නේ. මන්ද අපි දුටුවා 20 නි සංශෝධනයේදි මේ පාලකයන්ගේ හැසිරීම. එවන් සංශෝධනයකදි පවා ඇති වූ ව්‍යාකූලත්වය සමග අපට ඇති ලොකුම සැකය නම් සමස්ත ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී කුමන ගේම් ගසාවිද යන්නයි. අනික මේ රටේ මහජාතිය සිංහලයාය.

එවන් පසුබිමක සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්තාවක් නිර්මාණය කිරීම මොනතරම් යුක්ති යුක්තද? සදාචාරාත්මකද?

Related posts

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

Admin

ජාතිවාදයේ ගිනිදැල් නැගේ… “නැගිටිව් දමිළයිනි.. සිංහල බෞද්ධ උතුරට එපා“ යාපනේ විරෝධතා !

colombotoday

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

ෆොන්සේකාගේ අවළාදයට ඇල්ලේ ගුණවංශ හිමිගේ නෙතට කදුළක් උනයි… දැඩි ප්‍රකාශයකුත් කරයි

colombotoday

බිමත්ව රිය පැදවීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නෑ – විජිත හේරත් නිදහස්

colombotoday

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට – වැටලීම් ආදායම මිලියන 130 ඉක්මවයි

colombotoday