Colombo Today Local NewsTop Stories

මුස්ලිම් ජාතික හිමිකාරත්වයෙන් යුත් මෙල්බර්න් වානෙ කම්බි කම්හලකින් කාල තුවක්කු පතොරම් මතුවේ.

ජාඇල, උදම්මිට ප්‍රදේශයෙ මෙල්බන් වානෙ කම්බි කම්හලකින් කාල තුවක්කු පතුරම් විශාල ප්‍රමාණයක් පසුගිය තුන්වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත උදම්මිට ප්‍රදේශයේ රජ මාවතේ පිහිටි මෙල්බන් වානෙ කම්බි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක තිබී මෙම පතොරම් තොගය සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

මෙම කාල තුවක්කු පතුරම් අතර, ජීව උණ්ඩ 409 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, හිස් පතොරම් කොපු 584 ප්‍රමාණයක් ද ඇතුළත්ව සමස්තය 993 ප්‍රමාණයක් මෙහි තිබී සොයාගෙන ඇත.

මේ සිද්ධිය සම්බන්දයෙන් කර්මාන්තශාලාවේ කළමනාකරුවන් දෙදෙනෙකු වන මොහොමඩ් යසීන් සහ මොහොමඩ් බවත් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් “ ජාතියේ වානේ කම්බිය” යනුවෙන් සඳහන් කරමින් තමන්ගේ ප්‍රචාරණ කටයුතු දියත් කරන මෙම සමාගම, මෙල්බන් වානේ කම්බි නිපදවීම සඳහා ආනයනය කරන ලද පිරිසුදු යකඩ භාවිතා කරන බව සඳහන් කරමින් දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර සිටිනවා. එය එසේනම් බර අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ සහ හිස් පතුරම් කොපු මෙම කර්මාන්තශාලාවේ තබා ගත්තේ කුමන කාරණයක් සදහාද යන්න විමසා බැලිය යුතුව ඇත.

නොඑසේනම් මෙල්බර්න් වානේ කම්බි නිපදවීම සඳහා පිරිසිදු යකඩ භාවිතා කරනවා යැයි මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම මගින් මෙම සමාගම සිදුකර ඇත්තේ පාරිභෝගිකයන් නොමඟ යැවීමය.

මෙල්බන් ආයතන ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීම සඳහා මෙම පතුරම් කොපු සහ ජීවඋණ්ඩ තබා ගත්තේ ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් මෙන්ම තමන් නිෂ්පාදනය කරන යකඩ සඳහා පිරිසිදු යකඩ භාවිතා කරනවා යැයි පවසමින් පාරිභෝගිකයන් නොමඟ යැව්වේ ද යන්න පිළිබඳව ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම බලධාරීන් සතු වගකීම වේ.

මෙම සමාගම බදු වංචාවක් සිදුකරණ බවට මීට ඉහතදී පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් හෙළි කර සිටි නමුත් මේ වන තෙක් ඒ පිළිබඳව අදාළ අංශ පරීක්ෂණයක් පවත්වා නොමැත.

Related posts

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අහෝසියි.. අලුත් පනත හදන වැඩේ අගමැති සාගලට බාරදෙයි !

colombotoday

නව වසරේ ජනපතිගේ අපෙක්ෂාව !

colombotoday

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

අවසර නොමැති පුද්ගලයින්ට අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ නෑ..

Admin