Colombo Today Local News

බදු නොගෙවීම නිසා වැසුණු ඇලෝෂියස්ගේ මත්පැන් සමාගම ඇමැති අනුහසින් යළිත් වැඩ

නිෂ්පාදන බදු නොගෙවීම නිසා මාස කිහිපයක්‌ තිස්‌සේ වසා දමා තිබූ මෙන්ඩිස් මත්පැන් සමාගමක නිෂ්පාදන කටයුතු රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් නැවත ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරියෙක්‌ ප්‍රකාශ කල බව අද “දිවයින”පුවත්පත වාර්තා කර තිබෙනවා. පැවසීය.

රුපියල් කෝටි 50 ක පමණ නිෂ්පාදන බදු නොගෙවීම නිසා මෙම මත්පැන් නිෂ්පාදනාගාරය මාස 04 ක්‌ පමණ වසා තිබූ බවත් අදාළ ඇමැතිවරයා විසින් එම බදු මුදල් ගෙවීමෙන් පසු එහි නිෂ්පාදන කටයුතු පෙරේදා (23 දා) සිට නැවත ආරම්භ කළ බවත් එම නිලධාරියා පවසා ඇත.

මෙහි මත්පැන් බෝතල් කිරීමට සහ ලේබල් කිරීමට කාන්තාවන් යොදා ගන්නා බවත් එය සුරාබදු නීතියට පටහැනි බවත් පවසා ඇති එම නිලධාරියා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය.

බදු නොගෙවීම නිසා නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබූ මෙම මත්පැන් සමාගමේ හිමිකරු වෙන අර්ජුන් ඇලෝෂියස් ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

Related posts

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

Admin

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday

සාමාන්‍ය පෙළ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සහජීවනයෙනුත් ප්‍රශ්නයක්

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday