Colombo Today Local NewsHot News

ඉස්ලාම් ත්‍රස්තවාදය පරම්පරාගත ප්‍රශ්නයක් – එංගලන්තයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

එක්සත් රාජධානියට තවත් වසර විස්සත් තිහත් අතර කාලයක් ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට සිදුවිය හැකි බවට MI5 හිටපු ප්‍රධානී එවන්ස් සාමිවරයා (Lord Evans) අනතුරු ඇඟවීමක් කරයි.

බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ සාමිවරයා, ඉස්ලාමීය ත්‍රස්ත තර්ජනය “පරම්පරාගත ප්‍රශ්නයක්” ලෙස හඳුන්වමින් එය පරාජය කිරීමට “නොපසුබටව” ක්‍රියාකළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.

එම අරගලයේ දී එල්ල කෙරන “සයිබර් තර්ජන” ඇති හෙයින් අන්තර්ජාලයට සම්බන්ධ කෙරෙන උපාංග වඩාත් සුරක්ෂිත කළ යුතු බවත් එවන්ස් සාමිවරයා පෙන්වා දෙයි.

තවදුරටත් අදහස් දැක්වූ MI5 ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානියා, රුසියාව එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදයට අත පෙවීමට යත්න දරන හැඩක් ඇති බවටත් අනතුරු අඟවයි.

එවන්ස් සාමිවරයා MI5 ආරක්ෂක අංශයෙන් සමු ගත්තේ, අල්කයිඩා තර්ජනය ලෝකයෙන් තුනී වෙමින් පැවති වකවානුවකයි.

එහෙත් දැන් ඊනියා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ තර්ජනය මතුවීම හමුවේ ත්‍රස්ත අනතුර ඉක්මනින් අවසන් නොවන හැඩක් ඇති බව ඔහු කියා සිටියි.

“අපි නිසැකවම බියකරු ත්‍රස්ත තර්ජනයකට තවමත් මුහුණ දී සිටිනවා. කාලයත් එක්ක තර්ජන එනව-යනවා. ඒත් අපි අවධාරණයෙන් සඳහන් කරනු ලබන තර්ජනය දිග්ගැසෙමින් පවතිනවා” එවන්ස් සාමිවරයා බීබීසියට ප්‍රකාශ කළේය.

“2013 පටන් එක්සත් රාජධානිය ප්‍රහාරක ප්‍රයත්න දහනවයකට මුහුණ දුන්න. අපි ඒවා මැඩ පැවැත්වූවා. ‘වෙස්ට්මිනිස්ටර්’ ප්‍රහාරයේ ඉඳල තවත් ප්‍රහාර හයක් අඩාල කළා. ඉතින් මේක නිත්‍ය මට්ටමින් සූදානමින් සිටිය යුතු තත්වයක්” ඔහු තවදුරටත් පවසයි.

එක්සත් රාජධානිය වසර විස්සක පමණ කාලයක් එම අනතුරෙහි ගිලී සිටි බව සඳහන් කළ එවන්ස් සාමිවරයා, තවත් වසර විස්සකට අධික දීර්ඝ කාලයක් එම අනතුර සමඟ කටයුතු කිරීමට සිදුවිය හැකි බව පවසයි.

“මෙය සැබෑ ලෙසම පරම්පරාගත ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා තවත් වසර විස්සක් තිහක් ඇදෙන්න පුළුවන් මේ ත්‍රස්ත තර්ජනය සඳහා අපි සූදානම්ව ඉන්න ඕන” ඔහු බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාව අවසානයේ සඳහන් කළේය.

Related posts

මුස්ලිම් ජාතිකයන්ට දෙන්නේ නෑ. අන්‍ය ජාතිකයන්ට පුරවැසිභාවය දෙන්න ඉන්දියාවෙන් පනතක් සම්මත කරයි.

colombotoday

ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ වැඩ සාමාන්‍ය පරිදි

colombotoday

මුලු ලොවම වෙනත් දිශාවකට යද්දී අපි යන්නේ මිලෙච්ඡත්වයට – රජයේ වල් ඌරු දඩයම් තීරණයට පරිසරවේදීන්ගේ විරෝධය

colombotoday

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

colombotoday

ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයාගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්

Admin

හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට ජනපති අවසන් ගෞරව දක්වයි

colombotoday