Colombo Today Local Newsfeatured

හකීම්ට එරෙහිව පැමිණිලි කල මිෆ්ලාල් මවුලවි බෙදාහරින ලද අත්පත්‍රිකාවේ අන්තවාදී අදහස් රැසක්

රවුෆ් හකීම් සහ සහරාන් හෂීම් එකට සිටින චායාරූප පිළිබඳව පැමිණිලි කල මුස්ලිම් අයිතීන් සංවිධානයේ මිෆ්ලාල් මවුලවිගේ නිවස පරික්ෂා කිරීමේදී පොලීසිය සොයාගත් අත්පත්‍රිකාවේ තිබී ඇති ජාතින් අතර නොසන්සුන්තාවයක් ඇතිකරවන කරුණු පිළිබඳව මේ වන විට අවධානය යොමු වී තිබෙනවා.

ද්‍රවිඩ භාෂාවෙන් මුද්‍රණය කර ඇති එම පත්‍රිකාව අප වෙත ලැබී ඇති අතර එය මුස්ලිම් අයිතීන් සංවිධානය විසින් පවත්වාගෙන යන Full Stop to 70 Years Deception නැමැති Facebook පිටුවටද එක් කර ඇත.

මැතිවරණයක් පවතින අවස්ථාවක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ පුජ්‍ය අතුරලියේ රතන හිමි කෙරෙහි මුස්ලිම් ජාතිකයන් තුල වෛරයක් ඇති කරවීමේ ප්‍රකාශනයක්ද මෙම පත්‍රිකාව තුලට අඩංගු කර ඇත. එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සහ ICCRP පනත යටතට වැටෙන වරදක් බව අප සිදුකල විමසීමකදී නීති විශාරදයින් පෙන්වා දෙන ලදි.

එම අත් පත්‍රිකාවේ අඩංගු කරුණු….

  • අප රටේ ඉඩම් පිට රටවලට විකිණීම නැවැත්විය යුතුය.
  • ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට හතලිහක් පමණ තමන්ටම කියා ගෙයක් නොමැතිව සිටින අතර, ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ලිය යුතුය.
  • මුස්ලිම් ප්‍රදේශ වල වැඩි වී ඇති මත්ද්‍රව්‍ය පරිහරණය සම්පූර්ණයෙන්ම නැති කළ යුතුය. මත්ද්‍රව්‍ය වලට එරෙහිව නීතිව දැඩිව ක්‍රියාත්මක විය යුතුය.
  • වසීම් තාජුඩින්, ලසන්ත වික්‍රමතුන්ග සහ එක්නැලිගොඩ ඝාතකයින්ට තවමත් දඬුවම් ලබා දී නොමැත. ඔවුනට දඬුවම් ලබා දිය යුතුය.
  • ඥානසාර හාමුදුරුවන්, රතන හාමුදුරුවන් මුස්ලිම් වරුන්ට එරෙහිව සිදු කරනලද අසාධාරණකම් වලට සහ හිරිහැරවලට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත. මොවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.
  • මුස්ලිම්වරුන් වෙනුවෙන් වන තනි නීති පද්ධතිය සන්ශෝධනය සියයට සියයක් කුරාණය සහ හදීස් මත පදනම් විය යුතුය.
  • මුස්ලිම් කාන්තාවන් සඳහා වන ඇඳුම් ඇඳීමේ නිදහස තහවුරු කළ යුතුය.
  • පාස්කු ඉරිදා ප්‍රහාරය දියත්කළ සහරාන් ට උදවු කළ දේශපාලකයින් කවුද? මෙම ප්‍රහාරය පසුපස සිටින්නන් හෙළි කල යුතුය.
  • පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇතිවූ තත්ත්වය මත ලියාපදින්චි කර තිබුණද වසා දමන ලද මුස්ලිම් පල්ලි, මදරාසා පාසල් සහ ඉස්ලාම් ආගමික මධ්‍යස්ථාන වහාම නැවත ආරම්භ කළ යුතුය.
  • අලුත්ගම, දිගන, ගින්තොට, කුරුණෑගල, හලාවත, මිනුවන්ගොඩ, ආදි ප්‍රදේශවල අගතියට පත් මුස්ලිම් වරුන් සහ මුස්ලිම් පල්ලි, නිවෙස්, ව්‍යාපාර ස්ථානවලට තවමත් වන්දි ගෙවා නැත. මේවාට වහාම වන්දි ලභා දිය යුතුය.
  • ඉහත ප්‍රදේශවල මුස්ලිම් වරුන්ට විරුද්ධව ජාති වාදී ප්‍රහාර එල්ල කළ සහ දේපල හානි සිදු කරන ලද අමනයන්ට තවමත් දඬුවම් කර නැත. ඔවුන් අත්අඩන්ගුවට ගෙන ත්‍රස්ත්වාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් පැමිණවිය යුතුය.
  • ලංකාවේ, විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ ඇති සුදුසුකම් නොමැති අන්තර්ජාතික පාසල් වසා දැමීමට කටයුතුකොට මුස්ලිම් දරුවන්ට රජයේ පාසල් ලබා දීමට කටයුතු කල යුතුය.
  • තරුණියන් සහ කාන්තාවන් මැදපෙරදිග ගෘහසේවිකා රැකියාවන්ට යැවීම නැවැත්විය යුතුය.
  • පුත්තලම කුණු ප්‍රශ්නය වහා විසඳිය යුතුය.
  • කල්මුණේ ප්‍රදේශයේ පවත්වාගෙන යන නීතිවිරෝධී ප්‍රාද්ශීය ලේකම් කාර්යාලයය වහාම වසා දැමිය යුතුය.
  • සයින්දමරුදු ප්‍රදේශයේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ඉටු කල යුතුය.
  • උතුරු නැගෙනහිර ප්‍රදේශවල බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින මුස්ලිම් වරුන්ගේ ඉඩම් නැවත ඔවුනට ලබා දිය යුතුය.
  • සැකපිට අත් අඩන්ගුවට ගෙන ඇති අහින්සක තරුණයින් නිදහස් කර වැරදිකරුවන් පුනරුත්තාපනය කළ යුතුය.

අපට ඡන්දය දෙන්න- අපි ඔබගේ අවශ්‍යතාවන් ඉටු කරන්නම්” මේවාට නොරැවටී, අප ඉහත දක්වා ඇති ඉල්ලීම් ඉටු කළොත් පමණක් අප ඡන්දය දෙන්නෙමු යැයි ජනතාව එක හෙළා කියා සිටිය යුතුය.
සෑම මැතිවරණයකදී වගේම මෙවරත් දේශපාලකයා ජයග්‍රහණය කර ජනතාව පැරදීමට ඉඩ නොතැබිය යුතුය.

එම අත් පත්‍රිකාව

Related posts

ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න

colombotoday

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday

යහපාලනය රන්බිජු දමන කිකිළිය මරන් කයි.. වටිනාකමටත් අඩුවෙන් හම්බන්තොට වරාය චීනයට විකුණයි !

colombotoday

ත්‍රස්ත උවදුරු මැද උතුරේ අවසන් සිංහල ගම රැකගත් හාමුදුරුවෝ !

colombotoday