Colombo Today Local News

ගල් කොරියකින් අල්ලස් අරන් හසුවූ ගම්පහ මිලාන් ජයතිලක පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලයි. ජනතාව නොසතුට පළකර සිටියි.

දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති මිලාන් සජිත් ජයතිලක නැමැත්තා විසින් කළුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පැවරූ නඩුවක් අධිකරණයේ විභාගවන මොහොතක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට මෙවර මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබා දී තිබෙනවා.

වියතුන් පාර්ලිමේන්තුවට පැමිණෙන තුරු ජනතාව බලා සිටියද හොරුන්, කප්පම් කරුවන් ඇතුළු පුද්ගලයින්ට නාම යෝජනා ලබා දීම පිළිබඳව ගම්පහ, දොම්පේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරකයින් සහ ජනතාව දැඩි නොසතුටට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සමාජ විෂමාචාර ක්‍රියාවන්ට චෝදනා එල්ල වුවන්ට නාම යෝජනා නොදීමට තරම් කශේරුකාවක් පක්ෂ ජේෂ්ඨයන්ට නොමැතිනම් එවැනි පුද්ගලයන් මැතිවරණයට ඉදිරිපත් වුව ද ඡන්දය ලබා නොදීමට ජනතාව ක්‍රියා කල යුතුය.

යම් කිසි පුද්ගලයෙකු අධිකරණයෙන් වැරදිකරු වන තුරු අපට ඔහුට චෝදනා කල නොහැකි වුවද ඔවුන්ටද තමා වරදක් කර නැතිනම් අධිකරණයෙන් නිදොස් වන තුරු ඡන්දය ඉල්ලීමට ජනතාව ඉදිරියට පැමිණීමට සදාචාරාත්මක අයිතියක් නැත.

Related posts

ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට…

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

colombotoday

උදයංගව පිටුවහල් කරන්න – ශ්‍රී ලංකා පොලිසිය අරාබියෙන් ඉල්ලයි…

colombotoday

අපි කෑලි කෑලි කැපුවත් සිංහලේ – මදුමාධව අරවින්ද

colombotoday

ගෑස් අනතුරු ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික ස්වයං රැකියා සම්මේලනයෙන් පැමිණිල්ලක්

colombotoday