Colombo Today Local Newsextremism & terrorism activities

කොරෝනා මරණ භුමිදානයට එරෙහිව අධිකරණයේ පෙනී සිටියැයි හකීම්ගේ නීතිඥ බෑනාට මුස්ලිම් ජාතිකයන්ගෙන් විවේචන.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ආදාහනය නොකොට භූමිදානය කරණ ලෙස ඉල්ලා ඉදිරිපත්වී ඇති පෙත්සම් 12ක් සලකා බැලීම පසුගියදා අභියාචනාධිකරණයේදී සිදුවිය.

එහිදී වගඋත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා ස්වයං නිරෝධායනයට ලක් වන බැවින් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයෙකු වන මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතාගේ දියණියගේ ස්වාමි පුරුෂයා වන නීතිඥ මිල්හාම් ඉක්රම් මහතා අධිකරණයේ පෙනී සිටියි පවසමින් මුස්ලිම් කණ්ඩායම් විසින් ඒ මහතාට අන්තර්ජාලය තුල දරුණු විවේචන එල්ල කරමින් සිටියි.

ජල භූ විද්‍යාඥ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් භූමිදානය කළහොත් එම වෛරසය භූගත ජලයට එකතුවීමේ අවධානමක් ඇති බවට ප්‍රභල මතයක් මීට ඉහතදී ඉදිරිපත් කරන ලදි.

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම පිළිබඳව මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, අමාත්‍ය අලි සබ්‍රි, මංත්‍රී රිෂාඩ් බදුර්දීන්, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානය ඇතුළු මුස්ලිම් පාර්ශව රැසක් තම විරෝධය එල්ල කරමින් සිටියි.

එවැනි විවේචන කිහිපයක්….

Related posts

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 818ක් නාවික හමුදා භාරයට

colombotoday

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

Admin

MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් අනුමැතිය !

colombotoday

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිලිසකර කිරීමට ආණ්ඩුකාර කාර්යාලයෙන් මිලියන් 1.5ක්…

colombotoday

ෂාෆිගේ සාපයට ලක්වූ සිංහල මව්වරුන්ගෙන් පැමිණිළි ගලා එයි…

colombotoday

මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනට

colombotoday