Business

කිරිපිටි ගෙන්වීම නවත්වයි

කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත්මේ  නිසා මේ මාසයේ අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේදී සහ දැනට පවතින මිලට කිරිපිටි ලබාදීමේදී දුෂ්කරතා හා ගැටලු මතුවී ඇතැයි පවසන සමාගම් මේ නිසා කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් වැඩිකිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා  පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇතැයිද සඳහන් කරයි.

දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද පවසයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මෙටි්‍රක් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 3250-3350ක් වශයෙන් පවතින බවත් ලබන ජූනි මාසය වනවිට ඩොලර් 3400- 3500 දක්වා ඉහළ යන බව පෙන්වා දෙන සමාගම් අඩුම තරමින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින්වත් වැඩිකිරීමට ඉඩ දුනහොත් පාඩුව අවම කරගත හැකි බවද කියා සිටී.

Related posts

UK growth figures raise chance of rate rise

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

colombotoday

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යයි.

colombotoday