Colombo Today Local NewsHot NewsTop Stories

තොරණ, දන්සැල් ඉරිදා පන්ති තහනම ගැන බුද්ධ ශාසන ඇමති මුල්වරට මාධ්‍යට කතා කරයි (Video)

මහනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි, වෙසක් පුන් පොහෝ දින සහ පොසොන් පොහෝ දින පමණක් දන්සැල් සහ තෝරන් තහනම් කිරීමට පියවර ගන්නා බවත් ඉරිදා දින සවස 2 තෙක් සහ පොහොය දිනවලදී පැවැත්වෙන පෞද්ගලික උපකාරක පංති තහනම් කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවත් Colombo Today සමග විශේෂ සාකච්ජාවකට එක්වෙමින් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

මොකද්ද මේ දන්සැල් තෝරණ තහනම් කතාව,

පොහෝ දිනවල වන්දනාවේ යන බැතිමතුන් සඳහා දන්සැල් අවශ්‍ය නමුත් වෙසක් පොහෝ දින සහ පොසොන් පොහෝ දිනවලදී ප්‍රතිපත්තිවලට මුල්තැන දෙමින් ප්‍රතිපත්ති ගරුක දැහැමි සමාජයක් ගොඩනැගීමට පියවර ගතයුතු බව අමාත්‍යවරයා පැවසීය.

2002 වසරේදී හිටපු බුද්ධශාසන අමාත්‍ය වී ජ මු ලොකුබණ්ඩාර මහතා දැඩි තීරණයක් ගෙන චක්‍රලේකනයක් නිකුත් කරමින් වෙසක් පොසොන් පොහෝ දිනවලදී තෝරන් තහනම් කර ඇති බව පෙන්වා දුන් බුද්ධශාසන අමාත්‍යවරයා මහනායක සහ අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුලත් බුද්ධශාසන උපදේශන සභාව විසින් මෙය නිර්දේශ කල බවත් උන්වහන්සේලා ඉදිරියේදී මේ පිලිබදව ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවත් සඳහන් කර සිටියා.

ඉරිදා සහ පොහෝ දිනවල අමතර පංති තහනම්

අස්ගිරිය මහනායක ස්වාමීන් වහන්සේ ලබාදුන් උපදෙසක් මත සියලු ආගමික පුජකවරුන් දැනුවත් කර දරුවන් දහම්පාසල් යාම අනිවාර්ය කරමින් ඉරිදා සවස 2 තෙක් සහ පොහෝ දින අමතර පංති පැවැත්වීම තහනම් කරන බව සඳහන් කල අමාත්‍ය ජයවික්‍රම පෙරේරා, අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්චා කර පාසල්වලට සහ විශ්වවිද්‍යාල සඳහා දරුවන් ඇතුල් කර ගැනීමේදී දහම්පාසල් සහතිකය සඳහා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිතව ඇති බව ප්‍රකාශ කර සිටියා.

ගුරුවරුන් හරිහැටි තම වගකීම ඉටු කරන්නේනම් දරුවන් අමතර පංති යාම අනවශ්‍ය බව පෙන්වාදුන් අමත්‍යවරයා දහම්පාසල් අවසන් කල සිසුන් සඳහා මෙම නීති බලනොපාන පරිදි සැලසුම් සකස්කරන බවත් අවධාරණය කර සිටියා.

තෝරණ තහනම් කරන්නේ, සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමටද?

බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

“තෝරණ” සිංහල සංස්කෘතිය වුවත් වර්තමානයේදී එය විකුර්ති කරමින් විවිධ නොගැලපෙන ක්‍රියා පොහෝ දිනවලදී සිදුකරන බවත් පන්සීය පනස් ජාතක කතා “තෝරන්” මගින් පෙන්වීම බොහොම හොද බව ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා මහනායක ස්වාමින් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලාගෙන් සැදුම්ලත් උපදේශක කමිටුව විසින් තමාට ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කර සිටියා.

පොහෝ දිනවලදී යහපත් ජනසමාජයක් ගොඩනැගීමට උපකාරීවන චිත්‍රපට පන්සල්වල පෙන්වන බවත් Facbook යොදාගෙන මඩ ගැසුවාට මේ නිර්දේශ මහනායක හිමිවරු ලබා දුන් දේවල් බවත් පෙන්ව්වා දුන්නා.

මේ දන්සැල් සහ තෝරණ තහනම මේ වෙසක් පොහොය දින සිට ක්‍රියාත්මකද?

මහනායක හිමිවරු සියලුදෙනා එය අනුමත කර දෙන්නේනම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර වහා ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මැයි දින සැමරුම් 7 වෙනිදාට කල් දැමූ බවත් බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම සඳහා පසුගිය වසරේදී පන්සල් 3500ක් සංවර්ධනය කිරීම සඳහා මුදල් ලබා දුන් බව ත් ප්‍රකාශ කර සිටියා.

ඉදිරියේදී ස්වාමින් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බවත් ස්වාමින් වහන්සේලා පන්සලෙන් ගමටත් ගම පන්සලටත් ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්බ කරන බවත් අමාත්‍ය ජයවික්‍රම පෙරේරා අවධාරණය කර සිටියා.

සාකච්ඡා කළේ – ජානක බලල්ල

Related posts

ලෝක වෙළඳපලේ තෙල් මිල පහල යද්දී ලංකාවේ පෙට්‍රල් මිල ඉහල දමයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

ආසාදිතයන් වැඩි වුවහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත්කර ප්‍රතිකාර කරනවා – යුධ හමුදාපති

colombotoday

ගිනිගන්නා MSC Messina නැවේ සේවකයෙක් අතුරුදන්. | ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය නැවට ලඟා වෙයි.

colombotoday

පැන ගිය තවත් කන්දකාඩු රැඳවියන් 366 ක් භාරවෙයි.. මියගිය රැඳවියාගේ දේහය පොලිස් භාරයට

colombotoday